මුදල් ආකර්ෂණ නියමය
සල්ලි.. ? සල්ලි මොකටද බං. බල්ලොත් නොකන සල්ලි... 😏
මරුකතරට දිය පොදක් ඉසින්නට....
සිත නිවන කතා....
සිත නිවන කත.... 🎶
සල්ලි නැතුව මොකුත් කරන්න බැරි තත්වයක් අද ලෝකෙ නිර්මාණය වෙලා කිව්වොත් මම 99% ක්ම නිවැරදියි. හැබැයි ඔබ සල්ලි හොයලා ඉවර වෙද්දි ඔයාට සල්ලි නැතුවත් ගොඩක් දේවල් කරගන්න පුලුවන්. තත්වය සහ සමාජයේ හැසිරෙන ආකාරයට සහ සමාජයට තමාගේ ඇති වටිනාකම අනුව සල්ලි වලට කල නොහැකි බොහෝ දේ තත්වයට සහ ගරුත්වයට කල හැක.
කෙසේ නමුත් සාර්ථක ජීවිතයක් සතුටින් ගත කරන්න නම් කවුරු මොන බයිල ගැහුවත් මුදල කියන්නෙ අත්යාවශ්ය සාධකයක්.
"මුදල් ආකර්ශනය නියමය" ලිපි මාලාවෙ ආරම්භය අද මේ විදියට ගනිද්දි, මේ ලිපි මාලාව අවසන් වෙන්නෙ ලංකාව තුල අලුත් සල්ලි කාරයන් අවම වශයෙන් 10,000 ක් නිර්මාණය කරලා. මම සල්ලි කාරයෙක් කියන්නෙ ප්රකෝටිපතියෙක් කියලා හිතන්න එපා. මට සල්ලිකාරයෙක් වෙන්නෙ තමාට අවශ්ය සියලූම දේ අඩුවක් නොමැතිව සපුරාගත හැකි පුද්ගලයාය. ඔහුට හෝ ඇයට පහත සම්පත් තිබිය යුතුය.
◾තමාගේම කියා අංගසම්පූර්ණ නිවසක්!
◾ව්යාපාරයක් සහ සින්නක්කර ව්යාපාර ඉඩක් හෝ ගොඩනැගිල්ලක්.
◾පෞගලික වාහනයක්. (අවශ්යතාව අනුව මෝටර් සයිකලයක් හෝ)
◾බිරිදක් සහ දරුමල්ලන් (අවශ්යතාව අනුව)
◾ජීවිතයේ ඉදිර කාලය රැකියාවකින් තොරව ගත කිරීමට ස්තීර තැන්පතුවක් හෝ ස්තීර ආදායම් එන දේපලක්.(බදු ලබාදෙන ඉඩමක්, ගොඩනැගිල්ලක් වැනි)
◾නිරෝගී සෞඛ්ය සම්පන්න ශරීරයක්.
◾නිරවුල් පිරිසුදු මනසක්.
ව්යාපාරිකයෙක් ඉහත කාරනා 7 වයස 35 ට පෙර සපුරාලීමට උනන්දු විය යුතුයි. එසේම තම ව්යාපාර ආරම්භ කර වසර 10ක් ඇතුලත ඉහත ඉලක්ක සපුරාලීමට හැකිවිය යුතුයි. එසේ නැතිනම් ව්යාපාරයක් කර පලක් නොමැති අතර කාගේහෝ ලග රැකියාවක් කිරීම යෝග්යය. ගැටලුව වන්නේ අප ව්යාපාරයක් ආරම්භ කලත් එය සිතන අයුරින් සාර්ථකවය කරා ගමන් නොකිරීමයි. එයට හේතුවක් තිබේ. ඒ ඔබගෙ මූලික කලමණාකරණය පිලිබද සරළ දෝශ වේ.
මං උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා අද පඩි අරං. පඩිය තියනවා රුපියල් 45,000/=ක්. කෙලිනම් යනවා ටවුන් එකේ සිල්ලර කඩේට. හිතේ හැටියට ගෙදරට අවශ්ය බඩු දකින දකින දේ අරන් බිල ගෙවලා එනවා. එලියට එද්දිම දකිනවා ටිකට් වෙලෙන්දෙක්. ගන්නවා ඉතුරු පොඩිසල්ලි ටිකක ටිකට්. සාමාන්යයෙන් රුපියල් 100 විතර. ඊට පස්සෙ දකිනවා බාර් එක. ඒකට ගිහිං බියර් එකක් අරන් වඩේ කරත්තෙන් බයිට් ටිකකුත් ගන්නවා. තව අනං මනං අරගෙන හන්දියෙන් ත්රී වීල් එකක නැගලා ගෙදර එනවා. ගෙදර ඇවිත් පර්ස් එක බලද්දි තියෙන්නෙ රු. 39,700/= යි. රුපියල් 5,300/= ම වියදම් වෙලා. දන්නෙම නෑ... හැබැයි ඔයා අනවශ්ය වියදම් කරේ නෑ.. ඒත් දන්නෙම නෑ සල්ලි ඉවර වෙලා..
අයියෝ... සුදූ... මේ මොනාද මේ..
කරවල කෑල්ල සවුත්තු වෙලානෙ. "
මේ.. අනේ මං බීට් කන්නෙත් නෑ. ඔයත් බෙදාගත්තට වීසි කරනවා නේද? " අපරාදෙ කිලෝ එකක් විතර ගෙනත්. 
පේනවා නේද නෝනගෙ කෑ ගැහිල්ල. චන්ඩියා වගේ බඩු ගෙනාවට මොකද ගෙනල්ලා තියෙන්නෙ ඔනෙම ඒවද?
මෙන්න මේකයි සරළව අපේ ගෙවල් වල සල්ලි වලට වෙන්නෙ. බාගෙට බාගයක් අනවශ්ය දේ වලට වියදම් වෙනවා. ටික ටික වියදම් වෙලා, නය වාරික දාලා පඩියට වැඩේ පත්තු වෙනවා. හැම මාසෙම. අතේ සතපහක් ඉතිරි නෑ. අයියෝ... සංසාරේ...
වෙඩින් 5යි මේ මාසෙටම.
25,000/= විතර කුඩු. දැන් ඉතිං නය වෙන්න වෙනවනෙ.
කල්පනාකාරීව හිතන්න. මෙන්න මේ වගේ රුපියල දෙක වියදම් වෙලා පර්ස් එකට තට්ටු වෙනවා වගේ අපිට මේකෙම ඉන්වර්ට් එක නැත්තම් ප්රති විරුද්ධ කාරනාවට වැඩ කරලා මුදල් ඉතිරි කරගන්න. ආකර්ෂනය කරගන්න පුලුවන් බව ඔබ දැනුවත් ද?
100, 50 වියදම් කරනවා වගේ ඉතුරු කරලා අවසානෙ ලොකු ෆන්ඩ් එකක් සකස් කරගන්න අපිට පුලුවන්. මෙතන ඇති රැකියා කරන අය, රැකියා නොකරන අය, ව්යාපාර කරන අය, කවුරු කොහොම හිටියත් අවසානයෙ අපි සියල්ල ගණුදෙනු කරන්නෙ මුදල් වලින්. ඒ කියන්නෙ අවසාන නැවතුම එකම තැනකින්.
ව්යාපාර කරන අයට ව්යාපාර දියුණු කරගන්නත්, රැකියාවක් කරන අයට ඉඋට අමතරව ව්යාපාරයක් ආරම්භ කර ජීවිතේ ජය ගන්නත් අද සිට මා කිසියම් ශක්තියක් ලබා දීමට මෙම ලිපි මාලාව හරහා බලාපොරොත්තු වෙනවා. ඊට පලමුව ඔබ සියලූම දෙනා මූලිකව හැඩ ගස්සා ගත යුතුයි. කරුණාකර මෙය පාඨමාලාවක් ලෙස සලකා මුල සිට සරළව මාගේ උපදෙස් පිලිපැද හදාරන මෙන් ඉල්ලා සිටිනවා. මගදි මේ දේවල් සිදුකිරිම ප්රතිඵල අවම වීමට හේත් වෙයි. එම නිසා මුල ඉදන්ම ට්රැක් එකේ එන්න. එහෙමනම් අපි පටන් ගමු. 💪💪❤
◾Life Style Changing 👉
ජීවන ක්රමය වෙනස් කිරීම
මුදල් ආකර්ෂනය නියමය 100% ම විශ්ව ශක්තීන් හා මානසික සිහින තරංග හා බැදුන වෙනස්ම කාරනයකි. ඇතැම් කෙනෙක්ට මෙය පිස්සුවක් විහිලුවක් ලෙස පෙනිය හැක. එවැනි අය මේ මොහොත තුලම මෙයින් ඉවත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අප අප ආදරය කරන, බලාපොරොත්තු වන සිහින කරා ගමන් කිරීමේදී නිතර ඒ පිලිබද සිතින් සිහිපත් කිරීම, ඒ සමග ජීවත් වීම සහ සිහිනය සමග යටි සිතින් කතා කිරීම කල යුතුය.
ඔබගේ සිහිණය නවින මෝටර් රථයක් මිලදී ගැනීමට නම් ඔබ අද සිටම එය මිලදී ගෙන අවසන් ය. ඔබ සතුව භෞතිකව වස්තුවක් ලෙස කාරය නැති බව සැබෑය නමුත් ඔබගේ සිත තුල එය ඔබ සතුව පැවතිය යුතුය. ඔබ එය මිලදී ගැනීමට සිතින් සේල් එක තුලට යන්න. ඔව් ඔබ මුදලින් රුපියල් ලක්ෂ 35ක් ලබා දී නවීන කාර් රථය මිලදීගෙන නිවස බලා රැගෙන එනවා. ඒ අතර ඔබ මගින් නවත්වා එයට නවීන ශබ්ධ පහසුකම් සහිත sound setup එකක් සවිකරනවා. නිවසට රැගෙන විත් නිවැසියන් පුදුමයට පත් කරනවා. ඔව් තවත් මාස කීපයකින් සැබෑවක් වන මෙම සිහිනය ඔබ සිතින් විදිනවා. ඔබට ඇත්තේ අපමන සතුටක්. තමා පිලිබද ස්වයං අභිමානයක්. මෙසේ නිතරම තම ඉලකය යටි සිතින් මෙනෙහි කිරීම විශ්වයේ යහපත් ශක්ති කිරණ වල ආකර්ශනය ඔබ වෙත ඇදී ඒමට පටන් ගන්නවා. ඔබ ඔබෙගේ ඉලක්කයට කෙසේ හෝ ගමන් කරනවා. විශ්වාස කරන්න ඔබට එය කරන්න පුලුවන්.
මේ ඉලක්කය. ආදරය කරන ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. ගෑනු ලමෙක්, නිවසක්, රැකියාවක්, ව්යාපාරයක් මේ ඕනෑම දෙයක්. මනසින් මවාගන්න. ඒ තුල සිතින් ජීවත් වන්න. ඒ තුල සතුටු වන්න. ඔබට එය ලැබෙනවාමයි.
ඒ අතර එම ඉලක්කය කරා යාමට සැලසුමක් තනිව සකස් කරන්න. ඔබට වැගන් R කාරයක් මිලට ගැනීමට අවශ්ය යැයි සිතන්න. පලමුව එහි වෙලදපොල මිල සොයාගන්න. එය ලක්ෂ 35 පමණකි. දැන් ඔබ කාරය මිලදී ගන්නා කාලය තීරණය කරන්න. වසර 2 ලෙස ගනිමු.
වසර දෙකදී මිල වෙනස් වීමට තවත් ලක්ෂ 5ක් එක් කරන්න. ඔබට ලක්ෂ 40 ක් අවශ්යව තිබේ. ලක්ෂ 40 ඔබ 24 න් බෙදිය යුතුය. පිලිතුර රුපියල් 166,660/= කි ආසන්නව 167,000/= ක් මාසිකව ඔබ එකතු කල යුතුය.මුදල් ආකර්ශනය නියමයේදී ණය වීම් ගැන නොසිතන්න. ඊට වඩා පහසුවෙන් ලීසිං දමා ගත හැකි බව සැබෑය. එසේ සිතන්නන් කරුණාකර ඉවත් වන්න. 👉
හරි ඔබේ මාසික ආදායම කීයද? රුපියල් 45,000/= යි. වියදම් කැපුවම ඉතිරි 7000/= යි. ඒත් වාහනේ ගන්න තව රුපියල් 160,000/= ක් ඕනෙ. ඔයාට තේරුණාද ජොබ් එක කරලා කවදාවත් ඔයාට වසර දෙකෙන් මේ කාර් එක ගන්න බෑ.ගත්තත් ගන්නෙ හිර වෙලා ණය කාරයෙක් වෙලා. දැන් අපි බලමු වෙනස්ම දෙයක්. 160,000/= බෙදන්න 30න් . උත්තරය 5333/= ආසන්නව 5,350/= ක් ඔයා දවසට අයින් කරන්න ඕනෙ මේ කාර් එක ගන්න නම් අවුරුදු දෙකෙන්.
මම මේ කියන්නෙ උදාහරණයක්. ඔයා ඔයාගෙ ලොකු කුඩා ටාගට් එකට මේක ගලපා ගන්න. හරි අපි දැන් දන්නව අපිට දවසට රුපියල් 5,350/= ක් අමතරව ඔනෙ මේක ගන්න. ජොබ් එකකුත් කරලා බැරිනම් ඔයාට අනිවාර්යයෙන් අමතර රැකියාවක් හෝ ව්යාපාරයක් කරන්න ඕනෙ නේද මේක කරන්න. විශ්වාස කරන්න බිස්නස් එකකට දවසට රුපියල් 5350/= කියන්නෙ නතිං කියලා. හරි බිස්නස් එකකට. 😁❤
හරි ඔන්න අපි තව වැඩක් කරන්න යන්නෙ. අපේ ටාගට් එක තව සියුම් විදියට සුසර කරනවා. අපි ඒක බිස්නස් පැය 10කින් බෙදනවා. ඒ කියන්නෙ අපි පැය 10ක් ව්යාපාරයක් කරනවා කියලා. රැකියාවක් කරනවා නම් සේවකයෙක් යොදවලා මේක කරන්න පුලුවන්. 5350 ÷ 10 = 535/= ඔයා අවුරුදු දෙකකින් ජොබ් එකෙන් මාසෙට 7000/= නම් ඉතිරි කරන්නෙ. අමතරව පැයකට රුපියල් 535/= ගානෙ හොයන්න ඕනෙ ඔයාගෙ ටාගට් එකට යන්න. ඔයා පොඩි ශොප් එකක් කලොත් පැයට ඒ ශොප් එකේ සේල් එකේ ලාභය රුපියල් 550/= කරගන්න. අන්න එතකොට ඔයාට පුලුවන් අර ටාගට් එක කවර් කරගන්න. එතන ඉදං ඔයාට පැයට 550/= ලාබ උපයන්න ක්රමයක් කල්පනා කරන්න විතරයි තියෙන්නෙ. 💪
මෙන්න මේ අවසාන ඉලක්කය වෙනුවෙන් මේ මොහොත සැලසුම් කිරීම තමයි මගේ ව්යාපාර ක්රමවේදය. මේ එකක් විතරයි මගේ බිස්නස් සීක්රට් වල. මම මගේ ශොප් වල සේල් එක ටාගට් කරන්නෙ පැයකට. දවසකට, මාසෙකට, වසරකට ලෙසයි. ගොඩක් අය වරද්ද ගන්නෙ මාසෙට මෙච්චරයි කියලා හිතලා ගනන් හදලයි. එතකොට තමාට වරදිනවනම් මාසයක් හිහිං. මෙතන මේ ක්රමයෙදි පැයෙන් පැයට අප්ඩේට් එකක් එනවා බිස්නස් එක පිලිබද. සමහර වෙලාවට මගේ ක්ලාස් වල ආදායම් වලදි මම පැය 2 ක්ලාස් එකේ ආදායම 120 න් බෙදලා විනාඩියක ආදායම බලනවා. ඒක 60 න් බෙදලා මගේ තත්පරයක වටිනාකම රස විදිනවා. ❤ තත්පරයක මාගේ මිල 💪
සෙනසුරාදා/ඉරිද මගේ තත්පරයක් රුපියල් 2 ශත 70ක් වටිනවා. 😊 ඒ ක්රමය අත් හදා බලන්න. ඒක හරිම සාර්ථකයි.
අවසානයේ ඔබ නොදැනුවත්ව ම අවශ්ය මූල්ය ඉලක්කයට ඇවිත්.
අතේ රුපියලක් නැතුව බිස්නස් ආරම්භ කරන්න පුලුවන් ද?
================================
අනිවාර්යයෙන් පුලුවන්. හැබැයි ඔබ බුද්ධිමත් සහ අවංකනම් පමණයි. ඒ වගේම දියුණු වෙන්න ඒකායන අරමුණක් තියනවා නම් පමණයි. බාධා මැද්දෙ එකම අරමුණකට යන්න පුලුවන් නම් පමණයි. සරළවම සැබෑ පිරිමියෙක් හෝ ගැහැණියක් නම් පමණයි.
මිනිස්සු දියුණු වුණාට පස්සෙ තැනකට ආවට පස්සෙ. එක එක සුරංගනා කතා කියනවා. මම රුපියල් 500/= නයට අරං ආවෙ. ඒමේ කතා ගොඩයි. ඒත් ඔවුන්ගෙ සැබෑ කතා සොයං ගියාම කුණු ගද ගහන අමු සොහොන්. නැත්තම් මොකක් කරි පරණ පිණක් කඩං වැටිලා.අපිට එහෙම නෑ. අපි උත්සාහ කර දියුණු වෙන්න දගලන්නෙ. අපිට පරම්පරාවෙන් ලැබුණ දෙයක් නෑ, කවුරුත් මැණික් මලු ගෙනල්ලා දීලා නෑ. ඉතිං අපි යන ගමන ඔය සුරංගනා කතා තරම් සුන්දර නෑ. ඒක කටුකයි. වේදනාවක්. අතාරින්න හිතෙයි. රස්සාවක් කරන්න හිතෙයි. රට යන්න හිතෙයි. ගේමක් දෙන්න හිතෙයි.
එපා.. ✋
ඉවසන්න. කට්ට කන්න. හිත හයිය කරගන්න. පයින් කට්ට කාගෙන, අව්වෙ වැස්සෙ තෙමීගෙන, බස් එකේ එල්ලීගෙන යන වාරයක් පාසා හිතිං හිතන්න දවසක විදින සැප ගැන. එදාට පදින වාහනේ ගැන. ඒකෙ A/C එක ආතල් නෑ බං උඹට එකපාරට ලැබුනම. වැස්සෙ තෙමියං. අව්වට කර වෙයං . ගෑනුන්ට නෝන්ඩි වෙයං . ගෙදරි බැනුම් අහපං. අන්න එගෙම තෙම්පරාදු වෙයං. ඊට පස්සෙ උඹව හැදිලා එයි. එදාට කාපු කට්ට මතක් කරපං. පොලොවෙ පය ගහලා ජීවිතේ ගෙවපං. ආතල් එකේ ඉදපං.
අද මගේ එක්ක එකට කන බොන ගෝලයො ඉන්නවා තනියම හයිලෙවල් පාරෙ නුගේගොඩ ඉදං කොට්ටාවට පයිං ආපු. කන්න නැතුව. වැස්සෙ අඩපු. අද උන් කාර් වල යනවා මාවත් දාගෙන. අපි කනවා බොනවා ජොලි කරනවා. මොකද අපි කාපු කට්ට අද අපිට පට්ට නිසා. එහෙම කියලා අතීතකාමයෙන් ඒ ගැන හිතමින් ඉන්න ඕනෙ නෑ. මුල අමතක කරන්න නරකයි. අත දුන් හිතක් කඩන්න නරකයි. කවදාවත් හරියන්නෙ නෑ. මතක් කරන්න ඉස්සෙල්ලාම රස්සාවකට ගියාම සියල්ල කියලා දුන්න කෙනා. පිට රටකට ගියා නම් රැකියාවට මුලින්ම ඉන්න තැනක් දුන්න. කන්න දුන්න මනුස්සයා. මතක් කරපං. කවදාපත් මුල අමතක කරන්න එපා.. කෙලවෙනවා. සත්තයි.
හරි උඹේ අතේ සල්ලි නැද්ද බිස්නස් එකක් කරන්න. එහෙනම් උඹ මුලින්ම කරන්න ඕනෙ උඹේ දක්ෂතාව අදුරගන්න එක. ඒ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න එක. උඹ කතාකරන්න දක්ශ නම් ඩිරෙක්ට් මාකටින් කරපං. අර කොහු ඉදල් උස්සන් ගෙවල් ගෙවල් ගානෙ යන රස්සාව. මිනිස්සු හිනා වෙයි. ඒත් ඒකෙන් උඹට යම් ආදායමක් එයි. ඒක ඉතිරි කරපං. උඹට ට්රේනිං එකක් දෙයි කස්ටමර් හැඩ්ල් කරන්න. ඒක මිල කරන්න බෑ. ඒවා ගනින්. උඹගෙ අනාගතේට වටිනවා. මොකවත් බැරිනම් කුලී වැඩක් කරපං., හන්දියෙ සර්විස් එකේ වාහන සෝදන්න පලයං. කෙල්ලො දැක්කම ලැජ්ජයි. ඒත් කමක් නෑ කැප් එකක් දාං යමු. කැත වැරහැලි ශෝටක් අදිමු. මූනෙ පොඩ්ඩක් මජං ගාගනිං. කන්නඩියෙන් බලපං උඹේ අම්මටවත් උඹව අදුරගන්න බෑ.. කොල්ලො වාහනයක් හේදුවම 100ක් හම්බෙනවා. දවසට 15 හෙදුවොත් 1500/= ක්.
ඒ අතර ටිප් දෙනවා ලොකු මහත්තුරු. කොහොම කරලා හරි හවස් වෙද්දි රුපියල් 2000/= හොයන්න පුලුවන්. ඒ කියන්නෙ මාසෙට නිවාඩු 4 අරං. උඹට 50,000/= හොයන්න පුලුවන්. තාම යැපෙන්නෙ ගෙදරිං නිසා කෑමට වියදම් අඩුයි. ගෙදරට කියන්න එපා කරන රස්සාව. ඒ මිනිස්සු දුක් වෙයි. ඔෆිස් එකක වැඩ කියපං. අම්මගෙන් බත් මුලක් බැදං අරං වරෙන්. දවල් වෙද්දි ශේප් එකේ කාපං. උඹ සැපට හැදුන එකා. උඹට මේවා අමාරුයි තමයි ඒත් මහත්තයො උඹ මේක කරන්නෙ ටෙම්පරි. බිස්නස් එකක් කරන්න ප්රාග්ධනය උපයන්න. මොකද උඹට බැංකුවෙන් ලෝන් දෙන්නෙ නෑ.. කරලා බලපං මාස 10ක්. අම්මාට මාසෙට දීපං හිත හැදෙන්න රුපියල් 10,000/= ක් අතට. ඒ මනුස්සය හරිම සතුටු වෙයි. උඹට ආශීර්වාදය දෙයි. තාත්තා බොනවා නම් 2000/= අතට දීපං. ෆිට් එකට. සතුටු වෙයි යකෝ...
කෙල්ලෙක් ඉනවනම් කොන්ඩ කටුවක්, පුංචි කරාඹු ජෝඩුවක් අරං දීපං ලවර් එකකින් රුපියල් 300/= යයි. මේ ඔක්කොම කලත් උඹට මාසෙට රුපියල් 30,000/= ඉතුරුයි උඹේ පොඩි පොඩි වියදම් කැපුවම. බලපං මල්ලි උඹට මාස 10 වැඩ කරලා රුපියල් ලක්ෂ 3 ක් සෙට් වෙලා. සතුටු නැද්ද? ලක්ෂ 3 කින් කොච්චර හොද බිස්නස් එකක් කරන්න පුලුවන් ද? පොඩියට පටන් අරං ඊලඟ අවුරුද්දෙ ඉවර වෙද්දි උඹට ලක්ශ 10 හදන පුලුවන්. මෙන්න මෙහෙමයි බිස්නස් කරන්න සල්ලි හොයාගන්නෙ. ඔය සර්විස් එකේ වාහන හෝදපු එකා වෙන කවුරුත් නෙවෙයි මම බං. ඒක මගේ ගෙදර උන්වත් දන්නෙ නැති කතාවක්. 😁
උඹලා දන්නවද මං අලුත් අලුත් එක එක වාහන හේදුවා. හිතිං මවං මගේ ගෙදර මගේ මිදුලෙ ඉදං හෝදනවා කියලා. ඒක වෙනම ආතල් එකක්. කවදාවත් මම ඒක ලැජ්ජාවක් කියලා දැක්කෙ.නෑ. කවුරුත් මං හිටි තත්වෙ අනුව මම එහෙම රස්සාවක් කරයි කියලා හිතුවෙත් නෑ. ඒ 2012 කලුතර දි. මාස 3ක් 3M සර්විස් එකක වැඩකලා දවසෙ පඩියට. මම ව්යාපාර කඩං වැටිලා ආයෙම ගොඩ එන්න අවශ්ය මූලික ප්රාග්ධනය රුපියල් 150,000/=උපයන්නෙ එහෙම.
අද මට වසර 7 තුල මිලියන කීපයක වත්කම් තියනවා. දෙවරක් වැටිලා නැගිටලා තියනවා. ආයෙම වැටුනත් නැගිටලා එනවා කියන ආත්ම ශක්තිය තියනවා. ඔබලාත් ඒක ඇති කරගන්න. සර්විස් වල වාහන හෝදන්න ඕනෙ නෑ.. වෙන මොකක් හරි ජොබක් තමන්ගෙ හැකියාව අනුව කරලා ව්යාපාරයක් ආරම්භ කරන්න අවශ්ය මුදලක් සොයාගන්න. ණය වෙන්න එපා. ඒක අනවශ්ය දෙයක්. ඔයාට පුලුවන් හොද ආයෝජකයන් සොයා ගන්න. මම කියා දෙන්නම් ඒක කරන හැටි. ඉස්සෙලාම යහපත් මනුස්සයෙක් වෙන්න. සියලූම යහපත් දේ ඔබට ඉබේ ආකර්ෂනය වනු ඇත.
අදට ලිපිය අවසන් කරනවා. මට ඇවිදින්න යන්න ඕනෙ. 😁
ඊලඟ ලිපියෙන් මම මුදල් ආකර්ෂන නියමය ගැන තව වටිනා රහස් එක්ක එන්නම්. එතෙක් ඔබට සුභ දවසක්.
ජය වේවා...❤❤
තවත් මිතුරෙකුගේ ජිවිතය වෙනස් කරන්න.
උපුටා ගැනීම ↓
හැමෝටම ජයවේවා

No comments:
Post a Comment