අපිට ඉතුරු කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මුදල් විදියට, දේපළ විදිහට. මේ වගේ තවත් ක්‍රම වලින්. නමුත් ඔබ දන්නවාද රත්තරන් විදියටත් අරන් තියාගන්නත් පුළුවන් බවත්. සමහර අවස්ථාවලදී අපි දන්නවා මුදල් හදිසියකදී අපි ලගම තියෙන ඉතිරි කිරීම තමයි රත්තරන් ආබරණ.
ඔබ දන්නවා රත්තරන් එකම මිලෙන් පවතින්නේ නැති බව. දවසින් දවස මිල ඉහල යනවා. අවුරැදු 10 කට කලින් තිබුන මිල නොමෙයි අද. එන්න එන්නම වටිනාකම ඉහල යනවා. රත්තරන් වල වටිනාකම මම ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ ඔයාල දන්නවානේ හොදටම.
Emoney වලට එන අළුත්ම සංකල්පයක් තමයි රත්තරන් වලින් ආයෝජනය කරලා ඉතුරු කරන්න පුළුවන් ක්‍රමය.
අපිට කඩෙන් රත්තරන් ගන්න ගියොත් ලොකු මුදලක් අනිවාරයෙන් ගෙවන්නම වෙනවා. නමුත්
මේ ක්‍රමයේදී පුළුවන් අපිට ඉතා පොඩි මුදලත් වුනත් ඉතුරු කරන්න. උදා රු 1000 ක වුනත්.
හොදයි එහෙනම් අද කියන්න යන්නේ රත්තරන් වලින් කොහොමද අපි ඉතුරු කරන්නේ කියලයි.
අතේ තියෙන මුදලටත් අපිට රත්තරන් ගන්න පුලුවන් හොද වෙබ් සයිට් එකක් තියෙනවා ගොල්ඩ් මනි (GOLD MONEY) කියල. එක ලංකාවටත් හොදට සපෝට් කරන එකක්.
අපි මුලින්ම බලමු පහු ගිය අවුරැදු වල රත්තරන් වල මිල කොහොමද ඉහල ගිහින් තියෙන්නේ කියලා.
මේ තියෙන්නේ රත්තරන් මිල වැඩිවෙලා තියෙන ආකාරය.
මේ වෙබ් සයිට් එක පටන් අරන් තියෙන්නේ 2011 දී එන්ගලන්තයේ BitGold කියල. මුලින්නම් මේ සයිට් එකේ රත්තරන් ගන්න පුළුවන් උනේ බිට්කොයින් වලින් විතරයි. එත් දැන් වැඩි දියුනු වෙලා සාර්ථක වෙලා GoldMoney කියල අලුත් විදිහට කරගෙන යනවා. මේ වෙන කොට රටවලි 150 කට වඩා වැඩි ප්‍රමාණයකට සේවාව සපයනවා. දැන් අපිට අපේ බැංකු ගිණුමෙන් හෝ ඩෙබිඩ්, ක්‍රෙඩිට් හා මාස්ටර් කාඩ් එකෙන් උනත් කෙලින්ම රත්තරන් ගන්න පුළුවන්.
මේක ගොඩාක් ජනප්‍රිය වෙන්න හේතුව, Payza, Paypal වගේ පේමන්ට් පොසෙසර් එකක් විදිහටත් භාවිතා කරන්න පුළුවන් හින්දයි.
විඩිපුර දැනගැනීමට මේ විඩියෝ එකත් නරබලා ඉන්නකෝ
වීඩියෝ
මේ සයිට් එකෙන් ඔයාට ලැබෙන වාසි.
- විශේෂයෙන්ම ලංකාවේ රුපියල් වලින්ම ගණු දෙනු කරන්න පුළුවන්.
- රත්තරන් ගනිද්දී අවම මිලක් නැහැ පොඩි මුදලකින් උනත් ගන්න පුළුවන්.
- දාන් සල්ලි රත්තරන් විදියට හෝ මුදල් විදිහට අායෙත් ගන්න පුළුවන්.
- සල්ලි දාද්දි pees නැහැ ආපසු ගනිද්දී 1% ක් වතරයි.
- සාමිජික ගාස්තු නැහැ.
- සාමාජිකයන් අතරේ රත්තරන් හුවමාරු කරගන්න පුළුවන්. අය කිරීම් නැහැ.
- මුදල් දාන්න වගේම ගන්නත් ක්‍රම ගොඩාක් තියෙනවා.
- සයිට් එකෙන් නොමිලේම අපිට ලංකාවේ ගණුදෙනු කරන්න පුළුවන් මාස්ටර් කාඩ් එකක් ලැබෙනවා.
- අපේ රත්තරන් අනිත් අයට විකුනන්නත් පුළුවන්.
- මුලින්ම ගන්න රත්තරන් වලට 5% වැඩිපුර ගෙවනවා.
- රුපියල් 0.02 g ක රත්තරන් ගිනුමට දාපු ගමන් නොමිලේම මාස්ටර් කාඩ් එක ගන්න පුඵුවන්
- රත්තරන් වල මිල වැඩිවෙන විට අපේ රත්තරන් වල වටිනාකමත් වැඩිවෙනවා.
අතේ තියෙන පොඩි මුදලකින් රත්තරන් ටිකක් අරගෙන ටික ටික ඉතුරැ කරලා ලොකු මුදලක් ඉතුරු කරමු.
රත්තරන් අරගෙන කොහොමද ලාබ ලබන්නේ ?
හරි හිතමු අපි අද රත්තරන් පවුමක මිල රුපියල් 30000/= ක් කියලා. අපි අද මිලට රන් පවුමක් අරන් තිබ්බොත් තව අවුරැදු 3 න 4 න් පවුමක මිල රුපියල් 60000/= වුනා කියලා හිතමු. එතකොට අපි දාපු මුදල වගේ දෙගුනයක් නිසා අපිට ලාබයි.
අපි දැන් එකපාර පවුමක් ගන්න අවශ්‍ය නැහැ අතේ තියෙන පොඩි මුදලක් වුනත් දාලා ගන්න. පුලුවන්.
අර කථාවක් තියෙන්නේ වතුර බිංදුව බිංදුව එකතුවෙලා තමයි මහා සාගරයක් හැදෙන්නේ කියල.
අපි එහෙනම් බලමු කොහොමද Free GoldMoney ගිණුමක් හදන්නේ කියලා. මම සරලවම පෙන්නලා දෙන්නම් පියවරෙන් පියවර.
මුලින්ම මෙතනිත් Goldmoney.com සයිට් එකට යන්න.
පහල පින්තූරය පරිදි Personal කියන තැන තෝරලා (නිල් පාට) හළ තියෙන Open a Free Personal Account කියන තැන ක්ලික් කරන්න. Personal තෝරන්නේ අපේ පෞද්ගලික ගිණුමක් නිසයි.
පින්තූරය අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරලා බලන්න.
දැන් එහෙනම් අපේ නිවැදි තොරතුරු ඇතුලත් කරලා ෆෝම් එක පුරවන්න. නම, උපන් දිනය, (විශේෂයෙන් රුපියල් කියලා තෝරන්න. Asia Pacific යටතේ ලංකාවේ කොඩිය පහළට හොයන්න). ඉදිරියෙදී තමන්ගේම කියලා ඔප්පු කරන්න වෙනවා ID එකේ කොපි එකක් යවලා. ඒ නිසා නිවැරදි තොරතුරු දෙන්න.
අවසානෙය් කහපාට ෙබාත්තම ඔබන්න.
දුරකථන අංකය දීලා කහපාට බෝත්තම ඔබන්න.
විශේෂයෙන්ම එක Email එකකට සහ ෙපා්න් නම්බර් එකකට ඒක එකවුන්ට් එකයි හදන්න පුළුවන්. එකකට වඩා හැදුවොත් බ්ලොක් වෙනවා.
දැන් ඔයා දුන්න පෝන් නම්බර් එකට අංක 4 ක කෝඩ් එකක් එනවා. ඒ කොඩ් එක විනාඩි 5 ක් අතුලත මෙතනට දීලා ඊලග පියවරට යන්න.
ඉන් පසු තමන්ගේ ලිපිනය පුරවන්න.
තමාගේ ප්‍රදේශයේ තැපැල් සංකේත අංකය දන්නේ නැත්නම් මෙතනින් හොයන්න.
දැන් එකවුන්ට් එක හදලා ඉවරයි.
දැන් තියෙන්නේ එකවුන්ට් එක වෙරිෆිකේෂන් කරන එක.
දැන් මෙතනින් අයින් වෙලා ඔයා දීපු ඊමේල් එකට ලොග් වෙන්න.
මේ වගේ ඊමේල් එකක් ඇති ඒක ඔපන් කරන්න.
දැන් ඔය පහල ඊතලයෙන් පෙන්නන තැන් දෙකෙන් එකක් ක්ලික් කරාම ඔයාව නැවත ඔයාගේ එකවුන්ට් එකට අරගෙන යයි.
දැන් ඔයාගේ ගිනුම හදලා ඉවරයි. දැන් ඔයාට ඔයාගේ පලමු වර ගෙවන මුදලින් බෝනස් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එකවුන්ට් එක හදලා සතියක් ඇතුලත රුපියල් 1000 කට වඩා යොදවන මුදලට 5% වැඩිපුර රත්තරන් දෙනවා. ඒ නිසා සල්ලි දානකොට ඉක්මනට සහ පලමු වර ටිකක් වැඩිපුර දාන්න.
හරි දැන් බලමු කොහොමද මුදල් දාන්නේ කියලා.
විශේෂයෙන්ම ඔයා මුදල් ගෙවන කාඩ් එක අදාල බැංකුවෙන් Internet transaction ඔන් කරගෙන තිබිය යුතුයි. දන්නේ නැත්නම් බැංකුවට ගිහින් කියන්න මට අන්තර්ජාල ගණුදෙනු කරන්න කාඩ් එක ඇක්ටිව් කරලා දෙන්න කියලා. විනාඩි 5 ක වැඩක්.
දැන් ඔයාගේ ගිණුමට ලොග් වෙලා Deposit කියන තැන ක්ලික් කරන්න.
දැන් මේ විදියට අපි Payment එක කරන්නේ කාඩ් එකෙන්. දැන් එහෙනම් Debit/Credit card කියන තැන තෝරලා Next යන්න.
දැන් තියෙන්නේ තමන් රත්තරන් මිලදී ගන්නා ස්ථානය (රට) තෝරන්නයි. ඔබට ඔනෑම රටක් තෝරාගන්න පුළුවන් මුළු ලෝකයේම පැතිරිලා තියෙන නිසා අපිට ඔනෑම තැනකින් ගන්න පූළුවන්.
දැන් තියෙන්නේ අපි මිලදී ගන්නා මුදල ටයිප් කරන්නයි. මුදල රුපියල් වලින්ම පෙන්නනවා එ් වගේම අපිට ලැබෙන රත්තරන් ප්‍රමාණය සහ බෝනස් එක කීයද කියලා වම් පැත්තෙන් පෙවතවා.
අවසානයේ Process කියන තැන ක්ලික් කරන්න.
දැන් තියෙන්නේ කාඩ් එකේ තොරතුරු ඇතුලත් කරන එකයි.
අවසානයේ ඩිපොසිට් කියන තැන ක්ලික් කරන්න.
විනාඩි කිහිපයකදී ඔයාගේ එකවුන්ට් එකේ රත්තරන් ප්‍රමාණය සහ රුපියල් ප්‍රමානය පෙන්වයි.
දැන් ඉතින් තියෙන ඔනෑම වෙලාවක රුපියල් 10 ඉදන් ඔනෑම මුදලක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. තියෙන තියෙන වෙලාවට කීය කීය හරි දාන්න.
හැබැයි ඔයාගේ කාඩ් එකක් ඇරෙන්න වෙන අයගේ කාඩ් වලින් Payment කලොත් එකවුන්ට එක බලොක් කරනවා. ඒ වාගේම ඔබට ඔබේ බැංකු කාඩ් 2 ක් 3 ක් ඇඩ් කරගන්න පුලුවන්. හැබැයි එකම වෙලාවේ කරන්න එපා. එහෙම කරනවානම් දවසක දෙකක පරතරයක් තියලා කරන්න.
හොද සිකියුරිටි එකක් තියෙන නිසා කිසිම ප්‍රශ්ණයක් නැහැ.
මෙහෙම ටික කාලයක් ඉතුරු කරගෙන යන්න. තව අවුරුදු දෙක තුනකින් රත්තරන් මිල වැඩි උන ගමන් සල්ලි වලින් හෝ රත්තරන් වලින් අරගන්න පුලූවන්.(ඕනෑම වෙලාවක මුදල් ආපසු ගන්න හැකියාව තියෙනවා).
අපිට පුළුවන් රත්තරන් රුපියල් 2000 ක විතර (0.02g) ගත්ත ගමන් නොමිලේම දෙන මාස්ටර් කාඩ් එක ඉල්ලුම් කරන්න.
ඉල්ලුම් කරන්නේ මෙතනින්.
ගිණූම Verify නොකර ඇත්නම් ඉහල රූපය පරිදි දිස්වේ.
1. මාස්ටර් කාඩ් එක ගන්න මුලින්ම රත්තරන් 0.02g (රු 1500 ක පමණ) අරගෙන තිබිය යුතුයි.
2. ඔයාගේ හැදුනුම් පතේ පැහැදිලි කොපි එකක් යවා එකවුන්ට් එක Verify කළ යුතුයි.( ඉහල රූපයේ කහපාටින් රවුමකින් පේන්නේ Verify කළ පසු ගිණුම පෙන්වන විදිය.)
රියදුරැ බළපත්‍රය
ගමන් බළපත්‍රය
හැදුනුම්පත
මේවායින් එකක් පැහැදිලිව දෙපැත්ගතම ගත්ත කලර් පොටෝ එකක් හෝ ස්කෑන් එකක්.
මාස්ටර් කාඩ් එක ඉල්ලීමේදී නැවත වතාවක් ඔබගේ ලිපිනය නිවැරදි දැයි බලන්න. ඔබට සාමාන්‍ය තැපෑලෙන් සති දෙකක් ඇතුලත ගෙදරටම එවයි. ඔබ කොලපාට ඊ්තලය මගින් පෙන්වා ඇති කළුපාට තැන ක්ලික් කලොත් ඔබගෙන් මුදල් අයකරගෙන කුරියර් සර්විස් එකක් මගින් මාස්ටර් කාඩ් එක ගෙදරට එවනු ලැබේ.
එසේ කිරීමට අවශ්‍ය නැත.
ඉල්ලුම් කරපු දවසේ ඉදලා සති දෙකකින් ගෙදරටම කාඩ් එක තැපෑලෙන් එනවා.
(මම ඉල්ලුම් කරපු කාඩ් එක හරියටම දවස් 7 (සතියෙන්) ගෙදරටම ආවා)
මේ කාඩ් එකගොඩාක් වටිනාකමක් තියෙනවා. ලංකාවේ ATM මැෂින් වලින් අපිට සල්ලි ගන්න පුළුවන්.
ඒ වගේම ඔයාගේ ලස්සන පොටෝ එකක් දාලා Profile පික්චර් එක හදාගන්න අමතක කරන්න එපා. එහෙනම් මන් හිතනවා වැඩේ ගොඩාක් සාර්ථකයි. ඔයාලට පැහැදිලි ඇති කියලා.
මාව පේස්බුක් එක හරහා සම්බන්ද කරගත හැකියි. රොෂාන් විතානගේ
එහෙනම් හැමෝටම ජය වේවා.
තාමත් ලියා පදිංචි උනේ නැත්නම් මෙතනින් යන්න. Goldmoney
එහෙනම් හැමෝටම ජය වේවා !

No comments:
Post a Comment