February 10, 2017

අන්තර්ජාල ගණුදෙනු සදහා අවශ්‍යම Payza ගිණුමක් සරලව හදමු


 අන්තර්ජාල ගනුදෙනු සදහා අවශ්‍යම ගිණුමක් තමයි Payza කියන්නේ.   ගොඩාක් දෙනෙක් දන්නවා ඇති Paypal ගැන. නමුත් Paypal වලට තවමත් ලංකාවට අඩු සැලකිලි. නමුත් Paypal වලට වඩා ගුණාත්මක බවෙන් වැඩි හොද ගිණුමක් තමයි Payza කියන්නනේ.  Payza කියන්නේ ලෝකයේ  ගොඩාක්ම ජනපිුය Payment processor එකක්.

අන්තර්ජාල ව්‍යාපාර වල නියෙලෙන කාටත් අත්‍යවශ්‍යම ගිණුමක් ලෙස Payza හදුන් වන්න පුළුවන්. 
Payza ගිණුමට කෙලින්ම  ලංකාවේ බැංකු ගිණුම හා ඩෙබිඩි ක්‍රෙඩිට්  කාඩ් එක සම්බන්ධ කරලා මුදල් ගණුදෙනු කරන්න පුලුවන්.

තාමත් Payza ගිණුමක් නැත්නම් අද සරලව Payza ගිණුමක් හදාගන්න හැටි පෙන්නලා දෙන්නම්.
මුලින්ම තමන්ගේම E-mail එක ඔපන් කරගන්න. විශේෂයෙන්ම Gmail නම් වඩා පහසුයි.

මුලින්ම මෙතනින් Payza  වෙබ් අඩවියට  ගිහින් පහල පින්තුරය පරිදි ඊතලයෙන් පෙන්වා ඇති තැන Sing up බට්න් එක ක්ලික් කරන්න.





ඉන් පසු පහල පින්තූරය පරිදි  ලංකාව රට  ලෙස තෝරා පෞද්ගලික ගිණුමක් නිසා Personal කියන තැන ක්ලික් කරන්න.






පහත රූපය පරිදි නැවතන් අලුත් පිටුවක් එයි.
(පින්තූරය අපැහැදිලිනම් පින්තූරය උඩ ක්ලික් කරන්න)

එම පිටුවේ Mr, Mrs. Miss ද යන්න තෝරන්න. ඉන් පසු නම හා වාසගම දෙන්න. විශේෂයෙන් ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න වග බලාගන්න. බොරු නම් ඇතුලත් කරන්න එපා.  මොකද මේ හදන්නේ තමන්ගේ බැංකු ගිණුමක් වගේම දෙයක් නිසා.




විශේෂයෙන් රහස් අංකය මතක තබා ගත යුතු අතර  යෙදවීමේදී කැරැක්ටර් 8 - 20 අතර විය යුතු අතර  මෙවැනි දෑද රහස් අංකයට  ඇතුලත් වීම අනිවාර්ය වේ.

    1.   කැපිටල් අකුරක් A - Z
    2.  සිම්පල් අකුරක් a - z
    3.  ඉලක්කමක්   1 2 3  හො ් ස්පෙෂල් සිම්බෝල් එකක්  @ $ # * !

අවසානයේ GET STARTED බට්න් එක ක්ලික් කරන්න.

ඉන් පස්සේ මෙවැනි පින්තූරයක් දිස්වේ. දැන් මේ ටැබ් එක Closed  කරන්න.



දැන් කරන්න තියෙන්නේ ඔයාගේ E-mail එක ඔපන් කරන එක. ඔබ නිවැරදිව  E-mail ලිපිනය  දුන්නේනම් විනාඩි කිහිපයක් අතුලත Payza එකෙන් E-mail එකක් ඇවිත් ඇති මේ විදියට.




 ඒ E-mail එක Open කරන්න.




දැන් මේ විදියට වැලිඩේට්  ලින්ක් දෙකෙන් එකකින් ක්ලික් කරන්න

ඒ ආපු වෙරිපිකේෂන් ඊමේල් එකේ ලින්ක් එක ක්ලික් කරාම Payza ගිණුම වෙත ඔබව ගෙන යයි. එසේ කිරීමෙන් ඔබගේම ගිණුමක් බව තහවුරැ වෙනවා.

දැන් මෙවැනි අලුත් ටැබ් එකක් දැකගන්න පුලුවන්.






දැන් තියෙන්නේ Complete profile setup කියන තැන ක්ලික් කර  අපේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන එක. නැවතත් විශේෂයෙන්ම නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.




දැන් Get started කියන තැන ක්ලික් කරන්න. එවිට මෙවැනි රූපයක් දිස් වේවි.  ඔබගේ රැකියා ක්ෂේත්‍රය හා රැකියාව ඇතුලත් කරන්න. මෙයනම් එතරම්ම වැදගත් නොවේ. නමුන් ඔබට කැමති රැකියා ක්ෂේත්‍රයක් තෝරා ගෙන ඉදිරි පියවරට යන්න.



ඉන් පසු  Save and Continue ක්ලික් කරන්න.

ඊලගට  ඔබගේ ලිපිනය නිවැරදිව ලබා දෙන්න.




තමන්ගේ තැපැල් සංකේත අංකය නොදන්නේනම්  මෙතනින්  ගන්න

ඉන් පසු  Save and Continue ක්ලික් කරන්න.

ඊලගට ඔබගේ දුරකථන අංකය නිවැරදිව ලබා දෙන්න.
ඔබට අමතර දුරකථන අංකයක් උවද ඇතුලත් කළ හැක.



ඉන් පසු  Save and Continue ක්ලික් කරන්න.

ඊලගට   වැදගත්ම දේ තමයි පහල රූපයේ පරිදි. තමන්ට මතක තබා ගත හැකි ප්‍රශ්නයක් තෝරාගෙන එයට අදාල පිළිතුර දෙන එක. විශේෂයෙන් ප්‍රශ්නය හා පිළිතුර මතක තබා ගත යුතුමයි. ඉදිරියෙදී Payza එකේ රහස් අංක අමතක වුනොත් එය නැවත වෙනස් කරගන්න උදව් වේවි.

ඒ වගේම පහලින් තියෙන තැන උපන් දිනය නිවැරදිව ලබා දෙන්න.
ඒ වගේම ඉතාම වැදගත් තවත් රහස් අංකයක් ඉලක්කම් 4 සිට 8 දක්වා ලබා දෙන්න. මෙය සෑම විටම මතකතබා ගත හැකි එකක් විය යුතුයි මොකද සෑම ගණූදෙනුවකදීම මෙය වැදගත් වෙනවා.




ඉන් පසු  Save and Continue ක්ලික් කරන.

දැන් මේ වගේ Successful කියල එනවා. එතනිනුත්  Save and Continue ක්ලික් කරලා ඉදිරියට යන්න.



දැන් ඔයාගෙ Payza එකවුන්ට් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ පහල තියෙන කොටුවේ ඔයාගෙ මැසේජ් එකක් ලියලා ‍තමන්ගේ පින්තූරය ලස්සනට හදාගන්න. තමන්ගේ පින්තූර අප්ලෝඩ් කරන්නනම් බැහැ.
 ඊලගට අර කලින් දෙවැනියට දීපු රහස් අංකය දීලා SET UP SECURITY කියන තැන ක්ලික් කරන්න.




දැන් මේ විදියට ඔයාගේ Payza එකවුන්ට් එක දැක ගන්න පුළුවන්.




දැන්නම් Payza ගිණුම හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට අපේ ලංකාවේ බැංකු ගිනුමක් හෝ බැංකු ගිණුමක ඩෙබිට් කාඩ් හෝ ‍ක්‍රෙඩිට් කාඩ් එකක් අතුලත් කරන එකයි.


අපි බලමු එහෙනම් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකක් අතුලත් කරනගන්න විදිය.


එහෙනම් ඔය උඩ පින්තූරයෙ පෙන්නල තියෙන Wallet කියන තැන ක්ලික් කරන්න.



ක්‍රෙඩිට් කාඩ් කියන තැන ක්ලික් කරන්න.
Master card නම් Payza එකට සපෝට් කරන්නේ නැහැ.

අතුලත් කරන කාඩ් එකේ අංක 16 කින් යුත් නොම්බරය සහ කාඩ් එක කල් ඉකුත් වන මාසය සහ අවුරැද්ද තෝරන්න. ඉන් පසු Next ක්ලික් කර ඉදිරියට ගිහින් Confirm කර වැඩේ ඉවර කරන්න.

දැන්නම් වැඩේ 99% ඉවරයි.

payza ගිණුමට  මුදල් තැන්පත් කිරීමේදී කාඩ් එකෙන් කරන්න Transaction pee එකත් 3. 5% විතර ගානක් අයකරනවා
මුදල් ආපසු ලබා ගැනීමේදී බැංකු ගිණුම හරහා ගෙන්වා ගන්න පුළුවන්.


මුදල් තැන්පත් කරන්නේ මතෙනින්. (Add Fund)




මුදල් ආපසු ගන්නේ මෙතනින් ( Withdraw)





දැන් එහෙනම් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ Payza ගිණුම භාවිතා කරලා ඔබ උපයන මුදල් ගණු දෙනු කරන එකයි.



හැමෝටම ජය වේවා.! 

No comments: