July 27, 2019

මුදල් ආකර්ෂණ නියමය 02

මුදල් ආකර්ෂණ නියමය 


මුදල් ආකර්ෂන නියමය ලිපි මාලාවේ දෙවන දිග හැරුම සමග සම්බන්ධ වන ඔබ සාදරයෙන් පිලිගනිමි. පිරිමි පරිච්ඡේදය තුල බහුතරයක් සිටින්නේ ජීවිතය බිංදුවටත් වඩා පහලින් ආරම්භ කල මිනිස්සු බව මා විශ්වාස කරමි. නැතිනම් යම් සාර්ථක ගමනක් ගොස් කිසියම් හේතුවක් නිසා පසුබෑමට ලක්වූ අය. යම් ප්රමාණයක් ඉන්නවා විශිෂ්ඨ සාර්ථක ව්යවාසායකයන්. ඔබ සියලූම දෙනාට වැදගත් වේවි යැයි මා සිතන, මා පෞද්ගලිකව වසර කීපයක් තිස්සේ සහ විශේෂයෙන් පසුගිය වර්ෂය තුල අත් හදා බලා සාර්ථක ප්රතිඵල සහිත මුදල් ආකර්ෂන නියම සංකල්පය මෙතැන් සිට ආරම්භ කරමි. පසුගිය සතියේ අප අපගේ ආදායම් පසුපසට ගණනය කර ඉලක්ක නිර්මාණය කරන ආකාරය ඉගෙන ගත්තා. ඒ අනුව යම් නිශ්චිත අරමුණකට නිශ්චිත කාලයක් තුල පැමිණීමට පැයක් තුල අප ඉතිරි කල යුතු මුදල් ප්රමාණය ගණනය කලා ඔබට මතක ඇතැයි සිතමි.
එම ලිපිය නොකිය වූ අයට 👇

                               මෙතනින්

ජීවන පරිවර්තන පියවර අංක 01
සුභ උදෑසනක්

සාර්ථක මුදල් ආකර්ෂකයෙක් උදේරැයින් අවදි විය යුතුය. උදේ රැය යන්නෙන් තේරුම සාමාන්ය ලෝකයට රාත්රිය තවමන් අවසන් නොවූ බවයි. ඔබ සුවිශේෂි පුද්ගලයෙක් බව නිතර සිතන්න. මේ ලොව තුල ඔබ වැන්නෙක් ඇත්නම් ඒ ඔබ පමනි. ඔබට ආදේශක නැත. ඔබේ ලෝකය තුල ඔබ පලමුව වීරයෙක් සහ විශිෂ්ඨයෙක් වන්න. පසුව ඒ විශිෂ්ටතම මිනිසා ලෝකයට ලබා දෙන්න. ඔබට උදෑසන 4.30 ට අවදි වීමට හැකියාව ඇත්නම් ඉතා අගනේය. නමුත් වර්තමාන තුල දිගු රාත්රිය තුල නින්ද අවම බැවින් උදෑසන 5.30 මා ඔබට යෝජනා කරමි. හෙට උදෑසන සිට මේ වෙලාවට අවදි වන්න. ඔබට කාලය නෑ කියන කතාන්දරය බොරුවක් බව ඔප්පු වනු ඇත. මුදල් සෙවීම සදහා දැන් ඔබට උදෑසන 7.00 ට අවදි වන මිනිසෙක්ට වඩා අමතර පැය 1 හමාරක් ඇත. එම පැය එකහමාරේ පලමු පැය තුල ඔබ කල යුතු දෙයක් ඇත. ඒ පලමුව සුපුරුදු පරිදි පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීමයි. මෙහිදී උණුකර නිවාගත් ජලය හෝ මිනරල් ජලය පානය කරන්න. ජලය පානය කරන අතර ජලය ඔබේ මුවින් රැගෙන උගුර සිසිල් කරමින් කුසට ඇතුලු වන ආකාරය සියුම්ව විදින්න. ඔබේ ශරීරයේ සියුම් ස්තාන ජලය ලැබී සෙමින් ප්රාණවත් වනුඔබට දැනෙනු ඇත. පලමු දිනට වඩා දෙවෙන දින මෙය ඔබව පුදුම කරමින් දැනේවි. ජලය යනු ජීවයේ මූලික සාධකයයි.
මීලඟට මුදල් ආකර්ෂන භාවනාව වැඩිය යුතුය. එය ඉතාම සරළව මෙසේය.
තමා අදහන ආගම අනුව පාඨයක් නිර්මාණය කරන්න. මා බෞද්ධයකු ලෙස පහත ආකාරයට ආරම්භ කරමි.
"ත්රිවිධ රත්නයේ ගුණ බලයෙන්, දෙවි රැකවරණින් අද දවසේ මාගේ සියලූම ව්යාපාර කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා.. 
එසේම මාගේ බිරිඳ සහ දරුවා සියලූම දෙවිදේවතාවුන් වහන්සේලා රැකදේවා ආරක්ෂා කර දේවා!"

මේ ස්වයං ආරක්ශන ගාථා පාඨය තුල මට අවශ්ය සියල්ල ගැබ් කර ඇත. ඔබ ඔබට හැලපෙන පාඨය නිර්මාණය කරගන්න. අපහසු නම් මට කියන්න. මා නිර්මාණය කර දෙන්නම්. 
නිරාගමික නම් ව්යාපාරය සහ එහි දියුණුව පිලිබද ස්වයං පාඨයක් නිර්මාණය කරගන්න. මෙය තමාගෙ සිතට ලබාදෙන ඉලක්කයකි. මූලිකම කාරනාව විශ්වයේ ඇති බලගතු ශක්ති කිරන වල යහපත් ආකර්ෂනය ඔබ වෙත ලගාකර ගැනීමය. ඔබ යහපත් චේතනාවෙන් යම් නිශ්චිත අරමුණක් කරා යාමට සූදානම් වන්නෙකි. එය දිනපතා උදෑසන දවස ආරම්භයේදී සිහියට ගන්න.
 ව්යායාම
මීලඟ පැය 1/2 තුල ශාරීරික ව්යායාමයක යෙදෙන්න. ඔබගේ කැමැත්ත අනුව එය සිදුකරන්න. පමණට වඩා ඒ ගැන නොසිතන්න. ඔබ අනිවාර්යයෙන් නිරෝගීයි. බඩ තිබ්බත් කොලෙස්ටරෝල් ශුගර් එන්නෙ නෑ. විශ්වාසයි.
දිනපතා ආහාර ගැනීමේදී සමබලව ආහාර ගන්න. මස් මාංශ කිරි බිත්තර ආහාරයට එකතු කරන්න. මත් පැන් පානය කරන්නෙක් නම් එය සීමා කරන්න. උත්සවයකට පමණක් ලෙස. මා පෞද්ගලිකව සතියකට වතාවක් බීර වීදුරුවක් පානය කරමි. සිගරට් බීම පුරුදු වී ඇත්නම් එය වහා ක්රමානුකූලව නවත්වන්න. 100% ඔබ දුම් බීමෙන් අත් මිදිය යුතුය. දුම් පානය ඔබව වේගයෙන් රෝගී කරයි. ☝️
මිනිස්සු ඇසුරු කිරීම
============--====

කැපිය යුත්තන් කපන්න. හැලිය යුත්තා හලන්න. එයට ලැජ්ජා නොවන්න. මතක් කර බලන්න. විනෝද වීමට එන කී දෙනෙක් වැඩක් කිරීමට ඔබට ඉන්නවාද කියා අධ්යනය කරන්න. ලයිස්තු ගත කරන්න. එවැනි සෘණාත්මක චරිත ජීවිතයෙන් ඈත් කරන්න. බොන්න ඇදන් යන, කලය අපතේ යවන චරිත ඇසුරු කිරීම අයහපතක්. ඔබගේ ශක්ති හීන කරන්නක්. නිතර ජීවිතය සෘණාත්මකව දකින්නන් වෙත විශ්වයේ අහිතකර කිරණ ආකර්ෂනය වන බැවින් ඔබටද ඒ බලපෑම ඇතිවේ. ... කුඩ්ඩන් ඇසුරු කර කුඩු කාරයෙක් වීම පහසුය. හොරුන් ආශ්රය කර සොරෙකු වීම පහසුය. එය බාවිතා කර දක්ෂයන්, ධනාත්මක සිතුවිලිවලින් පූර්ණ මිනිස්සු ඇසුරු කරන්න. ඔබත් ඔවුන්ගේ මට්ටමට එනු ඇත. හැකි සෑම විටම තමාට වඩා ඉහල මිනිසුන් ඇසුරු කරන්න. ඉහල මිනිස්සු යනු මූල්ය තත්වය නොව ඔබට වඩා බුද්ධිමත් , අත්දැකීම් , සහ ධනාත්මකව සිතන්නන්ද අයත් ය.
"අසේවනාච බාලානං පන්ඩිතානංච සේවනා.." 
බාලයන් ඇසුරු නොකරන ලෙස බුදු බණේ කියා ඇත. ඒ ඇයි දැයි සොයා බලන්න.

මට යාලුවො ඉන්නවා. උන් ඕනම දේකට ඉන්නවා ලෙස සිතා සිටියත් කෙළවාගෙන බලන්න. බල්ලෙක් වත් නැති වෙයි. හොදම සමාජශීලී කෙනෙක් නම් මාසයක් දෙකක් යාලුවො ඉදියි. පස්සෙ උන්ට ඔබ කරදරයක් වෙයී ඉබේම. සත්ය එයයි. කාසි ඇතිදා තියන ප්රේමය කාසි නැතිදා නැත. මේ කියන්නේ අත් දැකීම් හා අවබෝධයෙනි.
ඒ නිසා හැකි දා යහපතත් ඇසුරක් ලබන්න. මුදලින් දුප්පත් වුවත් සිතින් පොහොසත්උත්සාහවන්ත මිනිස්සු ඇසුරු කරන්න. කාලකන්නි හලන්න. 🤣
ණය
====

දැනට ඔබ මිදිය යුතු දෙයක් ඇත. ඒ නම් තමාගේ ණය ශූන්ය කිරීමය. නය 0 නම් වඩා හොදය. ණය නෑ යනු බය නෑ යන්නය.
විවිධාකාර තැන් වල විසිර ඇති ණය හැකිනම් එක තැනකට ඒකරාශි කරගෙන කලමණාකරණය කර ඉවර කරන්න. මෙතනින් සිට ඔබ සල්ලි වලින් වැඩ කරනවා යැයි දැඩි අධිෂ්ඨානය සිතේ තබාගත යුතුය. වාහන නම් ෆිනෑන්ස් ලීස් කරන්න. ගැටලුවක් නැත. ජීවත් වන නිවස කිසිදු කල උකස් නොකරන්න. එය තදින් සිතට ගන්න.

නැවෙන්න එපා! 
50,000/= ලෝන් එකටත් රජයේ ඇප ඉල්ලපු මැනේජර් මතකද? ඔබ කිසිදින බාල්දු නොවන්න. ඔවුන්ව ගණනකට නොගන්න. මට ණය අවශ්ය නෑ. මම සල්ලි මවන්නෙක්. නිතර සිතන්න.
මුදල් ලග තබාගන්නා ක්රම
======================

පසුම්බියට අනවශ්ය කිසිවක් නොදමන්න. බස් ටිකට්, අරයගෙ මෙයාගෙ බිස්නස් කාඩ්, වීසි කරන්න. මුදල් එක් දිශාවකට පිලිවෙලකට තබන්න. වටිනාකම අනුව පෙලගස්වන්න. වටිනාකම අඩුම කොළය මුලට තබා පෙල ගස්වන්න.
ඔබ ව්යාපාරයක් කරන්නෙ නම් ලාච්චුවේ මුදල් දැමීමට පෙට්ටි තුනක් තබන්න.
එකකට කාසිද, අනෙකේ රුපියල් 1000/= ක මාරු මුදල්ද රුපියල් 20,50,100 දක්වා කුඩා මුදල් කොළද දමන්න. ඊලග පෙට්ටුයට රුපියල් 500/= සහ ඊට ඉහල කොළ දමන්න. දෙවෙනි පෙට්ටියට 500 කොළයක් ආ විගස එයට දමා මොහොතකින් ගෙන තෙවන පෙට්ටියට දමන්න. මෙය යම් උපක්රමශී මුදල් ආකර්ෂනය න්යායකි.
ගිණුම් ගත කරන ආකාරය සහ ඉතුරුම් ක්රම මාගේ "තරුණ මූල්ය කලමණාකරණය" ලිපි තුල ඇති. කියවන්න.
👇👇
සෑම විටම පසුම්බිය තුල රුපියල් 5000/=, 1000 ක නෝට්ටු 2ක් තබාගන්න. කිසිම ලෙසකට එය වියදම් නොකරන්න. එම නෝට්ටු දෙක ඔබට මුදල් ආකර්ෂනය කර දෙනු ඇත. ඒ ශ්‍රීලංකාව තුල ඉහළම වටිනාකම් සැරිසරන නෝට්ටුය. මෙය වක්‍රාකාරයෙන් සෑම විටම ඔබ රුපියල් 6000/= ක හිමිකරුවෙක් කරයි. ඇතැම් දරුණු ආර්ථික අපහසුතාතැන් වල මෙම 6000/= ඔබට සවියක් වනු ඇත. එය වියදම් වුණේ නම් හැකි ඉක්මනින් නැවත එකතුවට එක් කරන්න.
දැනට මේ කරුණු කීපය අත් හදා බලන්න. සාර්ථක ප්‍රතිපල ලැබුණ පසු මටත් දන්වන්න. ඊලග ලිපියෙන් තවත් විස්තර දෙන්නම්. ඔබට ජය වේවා!
උපුටා ගැනීම ↓
පිරිමි පරිච්ඡේදය - Gentlemen's ZONE  ‍ෙෆ්ස්බුක් පිිිටුව

හැමෝටම ජයවේවා

No comments: