Bitcoin ගැන අහලා ඇති ඒත් තවම මේ ගැන නොදන්න
පිරිසකුත් ඉන්නවා.
Bitcoin ගැන අද දැනගමු.
BitCoin කියන්නේ ලෝකේ පළමු විමධ්‍යගත ඩිජිටල් මුදල්එ
කකයක්. තවත් සරලව කිව්වොන්. $, €, £, LKR, ( ඩොලර්, යුරෝ, පවුම්, රුපියල්) වගේ වටිනාකමක් ඇති මුදල් ඒකකයක්. නමුත් මෙහිදී කාසි හා නෝට්ටු භාවිතයක් නැහැ. මෙම මුදල් භාවිතා කරන්නේ අන්තර් ජාලයේ ගණුදෙනු සදහායි. ගණුදෙනු වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටයි. ගණුදෙනු වලදී Transfer pee එක ඉතාම අඩුයි. කිසිදු බැංකු ලියකියවිල්ලක් අවශ්‍ය නොවේ. ටැක්ස් එකක් අය නොවේ.
වෙනත් මුදල් වගේම බිට්කොයින් වලට ඉතා වටිනා කමක් තියෙනවා. බිට්කොයින් කෙටියෙන් BTC නමින් හදුන්වනවා.
මේ තියෙන්නේ Bitcoin සිම්බෝල් එක.
මේ තියෙන්නේ Bitcoin හදුනාගත හැකි logo එක
අනෙකුත් මුදල් එකක වගේම බිට්කොයින් වලත් විටිනාකම ගොඩාක්ම තීරනයවෙන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුවයි. තවත් ගොඩාක් දෙවල් බලපානව.
බිට්කොයින් පාලනය වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටයි. බිට්කොයන් පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනකරන අධිකාරියක් නැහැ. එ්කියන්නේ මෙක නිදහස් Payment System එකක්. ලිපි. වාර්තා. රිසිටි. මේවා අවශ්‍ය නැහැ. ගනුදෙනු කරන්න හරිම සරලයි පහසුයි.
උදාහරනයක් විදියට අපි හිතමු කෙනෙකුට අපේ ඊ මේල් එකේ ඉදන් තව කෙනෙකුගේ ඊ මෙල් එකට මෙල් එකක් යවනවා කියලා ආන්න ඒ වාගේම සරලයි.
අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු වලට හොදම විසදුම හැටියට බිට්කොයින් හදුන්වන්න පුළුවන්.
මොනවද මේ බිට්කොයන් කියන්නේ ? වීඩියෝ එකක් තියෙනවා බලලා අවබෝධයක් අරගන්න.
බිට් කොයින් ලෝකෙට මුලින්ම හදුන්වලා දුන්නේ SATOSI NAKAMOTO කියන ජපන් ජාතික පුද්ගලයා ඒ 2008 ඔක්තොම්බර් 31 වෙනිදා. ඉන්පස්සේ වැඩිදියුනු කරලා 2009 ජනවාරි මාසේ තමයි අපි හැමෝටම ගණුදෙනු කරන්න ලැබෙන්නේ.
බිට්කොයින් වල වටිනාකම වැඩි නිසා බට්කොයින් උප එ්කක වලටත් බෙදලා තියෙනවා
කුඩාම ඒකකය Satoshi ලෙස නම් කර ඇත
එය ඉලක්කමෙන් Satoshi 1 ලියා පෙන් වන්නේ මෙසේය 0.00000001.
Bitcoin එකකට Satoshi 100,000,000 ඇත.
| Satoshi | SAT | Satoshi | 0.00000001 BTC |
| Microbit | µBTC (uBTC) | Microbitcoin or Bit | 0.000001 BTC |
| Millibit | mBTC | Millibitcoin | 0.001 BTC |
| Centibit | cBTC | Centibitcoin | 0.01 BTC |
| Decibit | dBTC | Decibitcoin | 0.1 BTC |
| Bitcoin | BTC | Bitcoin | 1 BTC |
| DecaBit | daBTC | Decabitcoin | 10 BTC |
| Hectobit | hBTC | Hectobitcoin | 100 BTC |
| Kilobit | kBTC | Kilobitcoin | 1000 BTC |
| Megabit | MBTC | Megabitcoin | 1000000 BTC |
2009 දී Bitcoin 1 මිල උනේ 0.0001 USD වගේ ඉතාම සුලු මුදලක්
අද වෙනකන් Bitcoin වල අවුරැදු පතා මිල ගනන් මෙසේය.
- June 2009 1 BTC = 0.0001 USD
- June 2010 1 BTC = 0.07 USD
- June 2011 1 BTC = 15 USD
- June 2012 1 BTC = 7 USD
- June 2013 1 BTC = 100 USD
- June 2014 1 BTC = 600 USD
- June 2015 1 BTC = 220 USD
- June 2016 1 BTC = 1200 USD
- March 2017 BTC = 1248 USD
- June 2017 1 BTC = 2505 USD 🔺🔺
- මේ දැන් පවතින මිල මෙතනින් බලාගන්න පුළුවන්
- දැන් මිල BTC vs USD
දැන් පේනවා නේද 2009 නිකමට 10$ Bitcoin අරන් තිබ්බානම් අද කොහොමද එහෙනම් ලාබේ. 💮💮💮💮💮💮💮 7 නේද?
මේ ලිපිය ලියන වෙලාවේ Bitcoin 1 ක් ගන්න ලන්කාවේ මුදලින් රුපියල් ලක්ෂ 2 කට ආන්න මුදලක් 1970000 වැය කරන්න වෙනවා.
දැන් මෙවෙන කොට ලෝකයේ Bitcoin වලින් ATM මැශින් වලින් බොහෝ රටවල ගණුදෙනු කිරීමේ හැකියාව ඇත
Bitcoin වලින් ගණුදෙනුවක් කරන හැටි වීඩියෝ එකකින් බලමු ?
ATM එකෙන් සල්ලි ගන්න විදිය
Bitcoin ගැන තවත් තොරතුරු www.wikipedia.com වලින් ගන්න පුළුවන්
Bitcoin අපිට නොමි්ලේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ Bitcoin Mining සයිට් වලින්.
අපි ඉදිරියේදී ඒ ගැන කථා කරනවා.
ඒ වගේම අපි කරන ගණුදෙනු අපිටම බලාගන්න පුළුවන් Blockchain එක හරහා.
අද ලේකයේ ජනප්‍රියම ඩිජිටල් මුදල් ඒකකය ලෙස Bitcoin හදුන්වන්න පුළුවන්.
අද බොහෝ දේවල්, ස්ථාන, බඩු බාහිර ආදිය Bitcoin වලින් ගණුදෙනු කරනවා.
Bitcoin වලින් ගණු දෙනු කරන ස්ථාන මේ විදියට පුදර්ශනය කරනවා.
හරි දැන් මන් හිතනවා Bitcoin ගැන හොද අවබෝධයක් ඇති කියලා.
ඔයිටත් Bitcoin ගිණුමක් ඕනෙද ?
Bitcoin නොමිලේ හොයන්නේ කොහොමද ? මේ ගැන ඊලග ලිපියෙන් කියලා දෙන්නම්.
BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්
BITCOIN දාන්න ගිණුමක් (Wallet) එකක් ඔයාටත්
හැමෝටම ජයවේවා!




No comments:
Post a Comment