ආරම්බය
රොෂාන්ගේ සටහන් මේ බ්ලොග් එක මම නිර්මානය කරන්නේ 2011 වසරේ දෙසැම්බර් මාසයේ, ඒ වෙනවිට මම රැකියාව කරනු ලබන්නේ ඇෆ්ගනිස්ථානයේ Shindand Foreword Operation Base (American Air Base) එකේ.
ඒ කාලේ දී සයිප්‍රස් රටේ සේවය කරන මහතෙකුගේ බ්ලොග් එකක් මම කියෙව්වා.
ඒ බ්ලොග් එකේ පලවුනේ ලංකාවේ අළුත්ම තොරතුරු.
ඉන් පස්සේ මටත් අසාවක් ඇතිවුනා මේ වගේ මොනවා හරි ලියලා බලන්න.
ඉන් පස්සේ ඒ බ්ලොග් එක කරපු මහතාගේ උදව් ඇතිව කොහොම හරි MWR Internet cafe එකේදී බ්ලොග් එක නිර්මානය කරනවා. සොදුරුම අතීතයක් මේ බ්ලොග් එකට තියෙනවා.
නමුත් එදා බ්ලොග් එකේ දිගටම ලියන්න බැරිඋනා.
ඉන් පස්සේ ආයෙමත් මේ බ්ලොග් එක එලියට එන්නේ 2016 ජුනි 23 වෙනිදා. ඒ අවුරුදු 5 කට ආසන්න කාලයකට පසුයි.
දැන් අන්තර්ජාලයේ මුදල්උපයන ක්‍රමවේද ගැනයි කථාකරන්නෙ. දැන්නම් ඉන්නේ ලංකාවේ.
අන්තර් ජාලයේ ව්‍යාපාර වලින් මුදල් උපයන ආකාරය දිගටම ලියන්නයි බලාපොරොත්තුව.
මේ බ්ලොග් එකට සහයෝගය ලබාදෙන හැමෝටම බොහෝම ස්තූතියි. ඒ වගේම මැමෝටම ජයවේවා.
මම රොෂාන්. අන්තර් ජාලයේ ව්‍යාපාර වලින් මුදල් උපයන ආකාරය දිගටම ලියන්නයි මාගේ බලාපොරොත්තුව.
මාව සම්බන්ධ කරගන්න පුළුවන්
Facebook www.facebook.com/roshan.vithanage.5
Facebook Page www.facebook.com/Roshangesatahan/
Twitter www.twitter.com/kumararoshan81

No comments:
Post a Comment