December 23, 2016
December 20, 2016
ඩිජිටල් කරන්සි ගැන කථාබහක් මහ බැංකුවේ හිටපු අදිපති නියෝජ්‍ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා සම්‍රග.
ඩිජිටල් කරන්සි ගැන කථාබහක්
ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය, ඒවා සමාජගත කිරීම ආදී තොරතුරු රැසක් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වූ අතර එහි ඇති අයහපත් ප්‍රතිඵල ගැන ද සාකච්ඡාවට බඳුන් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකයි.
November 15, 2016
October 22, 2016
October 18, 2016
September 16, 2016
බසයකට ගොඩවීමට පෙර ඔබ අනිවාර්යෙන් දැන ගත යුතු කරුණු කිහිපයක්
ඔබ බසයකට
ගොඩවීමට පෙර ඔබ අනිවාර්යෙන් දැන ගත යුතු කරුණු කිහිපයක්.
සාමාන්‍ය බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, දුර ගමන් සේවා, කෙටි ගමන් සේවා බස් රථ, මේවා ගැන හරි හැටි දැනුවත් කමක් නැතුව බස් එකකකට ගොඩ වුනාම එතන එකම කාලගොට්ටියයි. ඔබත් එහෙම අවස්ථා වලට මුහුණ දීල තියනවද? කොන්දොස්තර අපේ ගමනට අවශ්‍ය ගානටත් වැඩියෙන් ඉල්ලන අවස්ථා ..හේතුව අහපු ගමන්ම “ඇයි අහන්නේ මේක සෙමි(Semi Luxury) කියල දන්නෙ නැද්ද?” වගේ භයානක පිළිතුරු. බලාගෙන ගියාම ඇත්ත. අපේ අතේ තමයි වැරැද්ද. අපි ගොඩ වෙලා තියෙන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථයකට කරන්න දෙයක් නෑ ඉතින් ගොඩ උනානම් ගෙවන්නම වෙනවා.
තවත් අවස්ථාවක අදාළ බස් හෝල්ට් එකේ නවත්වන්නේ නැත්තෙ ඇයි කියල අහපු ගමන් ලැබෙන අනිත් භයානක පිළිතුර තමයි “මේක දුර බස් එකක් හැම හෝල්ට් එකේම නවත්වන්නේ නෑ” බලාගෙන ගියාම එකත් හරි. ඉතින් බස් එකකට නගින්න කලින් මේ දේවල් කලින්ම දැන ගන්නේ කොහොමද? බස් එකේ බෝර්ඩ් එක ළඟට එනකම් පේන්නෙත් නෑ නේද? මේක ගොඩක් සරල දෙයක් වුනත් ගොඩ දෙනෙක් දන්නේ නෑ. නමුත් මේ කුමන බසයක්ද යන්න ළගට එන්න කලින් හදුනා ගන්න නියමිත වූ ක්‍රමය තමයි බස් බෝර්ඩ් එකේ පාට/වර්ණය. ඇතුළට ගොඩ වුනාට පස්සේ මගියෙක් විදිහට අපිට තියන අයිතිවාසිකම් ගැන වුනත් බොහෝ දෙනෙක් දන්නේ නෑ. බසයකට නගින්න කලින් ඔබ දැන ගත යුතු දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.
සාමාන්‍ය බස් රථයක් තුළදී මගී අයිතිවාසිකම්
බස් හදුනා ගන්නේ මෙන්න මේ වර්ණ වලින්
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අනුව මගීන්ට ලැබිය යුතු අයිතීන් මෙසේ දක්වන්න පුළුවන්.
- අදාළ මුදල ගෙවා ටිකට්පතක් ලබාගැනීමේ අයිතිය. ඔබ නැවතුම් පොළකින් ගොඩ වූ විට බසය එම නැවතුමෙන් පිටත් වීමට පෙර ටිකට්පත ලබා ගැනීමේ අයිතිය ඔබ සතුව පවතිනවා.
- ටිකට්පතේ ඔබ ඇතුල් වූ ස්ථානයත්, ඔබගේ ගමනාන්තයත් සටහන් විය යුතුයි. එසේම ටිකට්පත නිකුත් කල දිනය, බස් රථයේ අංකය මුද්‍රණය වෙලා තියෙන්න ඕනේ. එනම් බස් රථය තුල ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍රයක් තිබීම අනිවාර්යයි. (බොහෝ කොන්දස්තරවරු සතුව ටිකට් නිකුත් කරන යන්ත්‍ර තිබුනත් තවමත් එසේ නොවන බස් රථ අපිට දකින්නට පුළුවන්)
- වයස අවුරුදු 3-12 අතර දරුවන් සදහා වැඩිහිටියන්ගෙන් අය කරන මුදල මෙන් අර්ධයක මුදලක් ගෙවීමේ හැකියාව.
- බස් රථය තුල දුම් බීම නීතියෙන් තහනම් වන අතර එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වෙනවා.
- බස් රථය වේග සිමා ඉක්මවමින් ධාවනය කිරීම, රියදුරුගේ නොසැලකිලිමත් බව හෝ මාර්ග නීති කඩකරමින් ධාවනය කිරීම, රියදුරු බසය පදවන අතර තුරදී ජංගම දුරකථනය භාවිතා කිරීම වැනි වැරදි වලදී (වර්තමාන රියදුරන්ට බොහෝ සෙයින් මේක අදාළයි) ඊට එරෙහි වන්නට පුළුවන්. 1955 හෝ 0112587372 යන දුරකථන අංකයෙන් ජාතික ප්‍රවාහන කොමිසම් සභාව වෙත එවලේම පැමිණිල්ල ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා.
- බසයේ රේඩියෝ ශබ්දය උපරිම ලෙස ඩෙසිබල් 80ට වඩා අඩු විය යුතුයි. (වේගයෙන් අත්පුඩියක් ගසන විට ඇති වන ශබ්දය. එනම් මිනිස් කනකට දැරිය යුතු ශබ්දයකට වඩා වැඩි නොවිය යුතුයි)
- කොන්දස්තරවරයාට හා රියදුරුට වටිනාම පුද්ගලයා වන්නේ මගියාය. එබැවින් ඔබට මිත්‍රශීලි, ආචාරශීලි සේවාවක් සැපයීම ඔවුන් සතු වගකීමක් වෙනවා.
- බස් රථයේ ආරම්භක ස්ථානයේ සිට අවසන් ස්ථානය දක්වා ගමනාගමනයට දළ වශයෙන් ගතවන කාලය බසය තුළ ප්‍රදර්ශණය කල යුතු වෙනවා වගේම රියදුරු හා කොන්දොස්තරවරයාගේ ලියාපදිංචි අංකත් බසය තුළ සටහන් කල යුතුයි.
දුර ගමන් සේවා බස් රථ
දුර ගමන් සේවා බස් කියන්නේ අඩුම තරමින් පළාත් දෙකක්වත් යාකරමින් ධාවනය වන බස් සේවවාන් වලටයි. මේ සේවාව තුළ ඇති බස් රථ වල බස් පුවරුව(බස් බෝර්ඩ්) අනුව කොටස් හතරකට බෙදා දක්වන්න පුළුවන්.
කහපාට පසුබිමේ රතුපාට අකුරු පුවරුව (සාමාන්‍ය සේවා)
බස් පුවරුවේ කහපාට පසුබිමේ රතු පාට අකුරු සහිතව ආරම්භක හා අවසාන නැවතුම් නගර සටහන් කර ඇත. මෙයින් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථයක් බව හා සාමාන්‍ය ගාස්තු අය කරන බවත්ය. ඉදිරියෙන් ඇති කතිර සලකුණ මගින් සීමිත නැවතුම් බව නිරුපනය කරනවා. පුවරුව මැදින් බස් රථ මාර්ග අංකය දක්වා තිබිය යුතුයි. (කොලඹ කදුරුවෙල බස් රථයක් නම් මාර්ග අංක 48) N අකුටින් පෙන්වන්නේ සාමාන්‍ය (Normal) සේවාවක් කියලයි. අංක, නගරවල නම්, සමීපයට එන තුරු නොපෙනුනත් පුවරුවේ කහ පැහැය තුලින් සාමාන්‍ය ගාස්තු අය කරන බසයක් බව දැන ගත හැකිය. සාමාන්‍ය බස් රථයක සියළුම අයිතිවාසිකම් මෙහිදී මගීන්ට හිමිවෙනවා.
නිල් පසුබිමේ සුදුපැහැ අකුරු පුවරුව (අර්ධ සුඛෝපබෝගී සේවා)
ඈතින් නිල් පාට බෝර්ඩ් එකක් දුටුවොත් එය අර්ධ සුඛෝපබෝගී බස් සේවාවක්. අපේ වචනයෙන් කියනවනම් සෙමියක්. මේකේ සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක ගුණයකින් ගාස්තුව ඉහළයි. පෙර සදහන් ආකාරයටම කතිර ලකුණ, බස් රථ මාර්ග අංකය ආරම්භක හා අවසන් නැවතුම් නගර සටහන් කර තිබෙනවා. S අකුරින් අර්ධ සුඛෝපබෝගී (Semi Luxury) බව නිරූපිතයි.ශ්‍රී ලංකාවේ අර්ධ සුඛෝපබෝගී බස් සේවාව බොහෝ ලෙස දුර්වල වූ එකක්. වරෙක එහි දුර්වලත්වය හා ගුණාත්මකභාවයේ අඩුකම පදනම් කරගෙන සේවාව අත්සිටවූ අතර වර්තමානයේ යලිත් එය ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය බස් රථයක මගී අයිතිවාසිකම් වලට අමතරව තවත් අයිතීන් කිහිපයක් පිළිබඳව ඔබට මෙහිදී විමසිය හැකියි.
- සියලු ජනේල වලට තිර රෙදි යොදා තිබිය යුතුයි.
- මගීන්ට පෙනෙන සේ ඔරලෝසුවක් බසය තුල ප්‍රදර්ශණය කළ යුතු වීම.
- හිස පසුපසට හේත්තු කල හැකි අයුරින් Headrest තිබිම අනිවාර්යයි.
- 3×2 ආසන ගණනක් ඇති බසයක ආසන වලට අමතරව තවත් මගින් ඇතුළු කරගැනීම තහනම් වේ.
- නැවතුම් සීමිත වන බැවින් කෙටි දුරක් සදහා මගීන් ඇතුල් කරගැනීම තුළින් ප්‍රමාද වීම නීති විරෝධි වේ.
කොළ පසුබිමේ සුදුපැහැ අකුරු පුවරුව (සුඛෝපබෝගී සේවා)
මේ වගේ එකක් ඈත තියා දුටුවොත් එය සුඛෝපබෝගී බස් රථ සේවාවක් ලෙස හදුනා ගත හැකියි. හැබැයි ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් වෙනවා. පුවරුවේ කෙලවර AC (Air Condition) ලෙස සටහන් වෙලා තියනවා. මේ සදහා ලංකාවේ භාවිතා වන්නේ විශේෂයෙන් කුඩා බස් රථ (Mini Bus– ආසන 15-29). සාමාන්‍ය බස් රථ භාවිතා වන්නේ ඉතාමත් අඩුවෙන්. ඉහත දැක්වූ සියළුම අයිතීන්ට අමතරව යෝග්‍ය ලෙස වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක විය යුතු වෙනවා.
දම් පසුබිමේ සුදුපැහැ අකුරු පුවරුව(අධි සුඛෝපබෝගී සේවා)
සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් විශාල බස් රථ අධිවේගී මාර්ග (express way)තුළ දක්නට ඇත්තේ මෙවැනි බස් සේවාවක්. ආසන සංඛ්‍යාව 45-55 අතර අගයක් ගන්නවා. ඒ වගේම කොලඹ සිට යාපනය, අම්පාර හා මොනරාගල ප්‍රදේශ වලටද මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. මෙහි මුදල සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක්. XL (Extra Luxury ) ලෙස පුවරුවේ අග සටහන් කර ඇත. ඉහත දැක්වූ සියලු මගී අයිතීන් වලට අමතරව මෙම බස් රථ වලදී මගීන්ට හැකි පරිදි ආසනය සීරුමාරු කරගැනීම හා වායු සමීකරණ යන්ත්‍ර සීරුමාරු කිරීමේ හැකියාව පැවතිය යුතුයි.
කෙටි ගමන් සේවා බස් රථ
මෙම බස් රථ එකම දිස්ත්‍රික්කයක් තුළ හෝ එකම පළාතක දිස්ත්‍රික්ක අතරේ ප්‍රවාහන සේවාව සපයනු ලබනවා. මෙහි පුවරුව කහපැහැති පසුබිමේ කළු අකුරින් නිර්මාණය කර තිබෙනවා. නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි වර්ණය වෙනස් වෙන්න පුළුවන්.සාමාන්‍ය ගාස්තුව අය කරන අතර සීමිත නැවතුම් හෝ එසේ නොවන්නටත් පුළුවන්.
ඉතින් මේ වගේ දේවල් දැනගෙනම බසයට ගොඩ වෙන එක අපි කාට කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ලෙසයි අපි දකින්නේ. අඩු තරමින් කොන්දොස්තර මහත්තයාගෙන් බැනුම් අහන්නේ නැතිව, ඇඟේ ලේ පුච්චගන්නේත් නැතිව යනතැනට හිත නිදහසින් යන එක, ඔය ටික නේද කරගන්න ඕන.
August 22, 2016
වින්ඩෝස් & ඔෆිස් පැකේජය ශ්‍රී ලංකාවතුල හොර කොපි බාවිතා කරන්න එපාලු
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජය අලෙවි ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකාවතුල සිදු කිරීමට මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය තුලින් වීඩියෝවක් තම ෆේස්බුක් පිටුව තුල ප්‍රචාරණය කර තිබෙනවා. මින් පෙන්වාදෙන්නේ වින්ඩෝස් ඇක්ටිව් කී එකක් නොමැතිව ක්‍රැක්, පැච් ආදිය බාවිතා කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජ බාවිතා කිරීම හොර වැඩක් බවයි. හදවතට දැනෙනසේ සංවේදීව පණිවිඩයක් ලබාදෙන්න මෙම විඩියෝව සමත් වුවත් වැඩි දෙනෙකුගේ ප්‍රතිචාරනම් එතරම් සුබදායී නොවන බව එහි පලකර ඇති අදහස් මගින් අපට පෙනී යනවා.
ඔබගේ අදහස කුමක්ද ?
August 10, 2016
මිස්ටර් බීන්
මිස්ටර් බීන් ඔලිම්පික් සමාරම්බක උත්සවේට ඇවිත් මිලියන ගණනකට හිනාවෙන්න කරපු දේ.
බීන්ගේ වැඩක් මෙතනින් බලන්නකෝ
ඔබගේ වියදම වැඩිද? එහෙනම් මෙන්න.
මෙන්න මේ ක්‍රම 30 ට අනුව ඔබේ මුදල් පරිහරණය කරන්න පුරුදු වුනොත් ඔබටත් ධනවතෙක් වෙන්න පුළුවන්.
වියදම් ඉහළ යද්දී ඔබ
මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ
හැකි වේ.
1.උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ
වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලූ දේ කිරීමය.
2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.
3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ˜සේල්˜ යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.
4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.
5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.
6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.
2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.
3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. ˜සේල්˜ යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.
4. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.
5. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.
6. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.
7. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.
8. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.
9. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.
10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.
11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි
මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.
12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලූත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.
තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.
13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.
14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.
15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.
16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.
17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.
18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.
19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.
20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැඛෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.
12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලූත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.
තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.
13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.
14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.
15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.
16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.
17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.
18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිරියකි.
19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.
20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැඛෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.
August 9, 2016
August 6, 2016
ක්‍රිකට් වලින් ලොවම හෙල්ලූ ශ්‍රි ලංකාව
ක්‍රිකට් ක්‍රීරීඩාවේ තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු වාර්තා කර ඇත්තේ ලංකාවයි
ටෙස්ට්, ඔවර් 50, ඔවර් 20/20. වැඩිම ලකුණු ලංකාව සතුවේ.
ජයවේවා...
20/20 තරග විස්තරය මෙතනින්.
ඔවර් 50 තරගයේ විස්තර මෙතනින්.
ටෙස්ට් මැච් එකේ සම්පූර්න විස්තරය මෙතනින්.

ටෙස්ට්, ඔවර් 50, ඔවර් 20/20. වැඩිම ලකුණු ලංකාව සතුවේ.
ජයවේවා...
20/20 තරග විස්තරය මෙතනින්.
ඔවර් 50 තරගයේ විස්තර මෙතනින්.
ටෙස්ට් මැච් එකේ සම්පූර්න විස්තරය මෙතනින්.

August 3, 2016
ආකර්ෂණ නීතිය සිංහල උප සිරැසි සමග
අප හා බැදි සියළුම දේ සිදුවන්නේ ආකර්ෂණ නීතියට අනුවයි
මේ වීඩියෝ එක එක පාරක් බැළුවට තේරෙන්නේ නැතිවෙයි. එම නිසා ඔබගේ මනස සැහැල්ලු අවස්ථාවක මෙය නරබන්න. කීප වතාවක්ම හෝ නරබන්න. ජීවිතේ සාර්තක කරගත හැකි ඉතාම වැදගත් කරැනක් මෙහි අඩංගු වේ.
July 30, 2016
July 21, 2016
June 25, 2016
June 23, 2016
ආරම්බය. රොෂාන්ගේ සටහන් ගැන යමක්
ආරම්බය
රොෂාන්ගේ සටහන් මේ බ්ලොග් එක මම නිර්මානය කරන්නේ 2011 වසරේ දෙසැම්බර් මාසයේ, ඒ වෙනවිට මම රැකියාව කරනු ලබන්නේ ඇෆ්ගනිස්ථානයේ Shindand Foreword Operation Base (American Air Base) එකේ.
ඒ කාලේ දී සයිප්‍රස් රටේ සේවය කරන මහතෙකුගේ බ්ලොග් එකක් මම කියෙව්වා.
ඒ බ්ලොග් එකේ පලවුනේ ලංකාවේ අළුත්ම තොරතුරු.
ඉන් පස්සේ මටත් අසාවක් ඇතිවුනා මේ වගේ මොනවා හරි ලියලා බලන්න.
ඉන් පස්සේ ඒ බ්ලොග් එක කරපු මහතාගේ උදව් ඇතිව කොහොම හරි MWR Internet cafe එකේදී බ්ලොග් එක නිර්මානය කරනවා. සොදුරුම අතීතයක් මේ බ්ලොග් එකට තියෙනවා.
නමුත් එදා බ්ලොග් එකේ දිගටම ලියන්න බැරිඋනා.
ඉන් පස්සේ ආයෙමත් මේ බ්ලොග් එක එලියට එන්නේ 2016 ජුනි 23 වෙනිදා. ඒ අවුරුදු 5 කට ආසන්න කාලයකට පසුයි.
දැන් අන්තර්ජාලයේ මුදල්උපයන ක්‍රමවේද ගැනයි කථාකරන්නෙ. දැන්නම් ඉන්නේ ලංකාවේ.
අන්තර් ජාලයේ ව්‍යාපාර වලින් මුදල් උපයන ආකාරය දිගටම ලියන්නයි බලාපොරොත්තුව.
මේ බ්ලොග් එකට සහයෝගය ලබාදෙන හැමෝටම බොහෝම ස්තූතියි. ඒ වගේම මැමෝටම ජයවේවා.
මම රොෂාන්. අන්තර් ජාලයේ ව්‍යාපාර වලින් මුදල් උපයන ආකාරය දිගටම ලියන්නයි මාගේ බලාපොරොත්තුව.
මාව සම්බන්ධ කරගන්න පුළුවන්
Facebook www.facebook.com/roshan.vithanage.5
Facebook Page www.facebook.com/Roshangesatahan/
Twitter www.twitter.com/kumararoshan81
Subscribe to:
Comments (Atom)

















