July 27, 2019

මුදල් ආකර්ෂණ නියමය 02

මුදල් ආකර්ෂණ නියමය 


මුදල් ආකර්ෂන නියමය ලිපි මාලාවේ දෙවන දිග හැරුම සමග සම්බන්ධ වන ඔබ සාදරයෙන් පිලිගනිමි. පිරිමි පරිච්ඡේදය තුල බහුතරයක් සිටින්නේ ජීවිතය බිංදුවටත් වඩා පහලින් ආරම්භ කල මිනිස්සු බව මා විශ්වාස කරමි. නැතිනම් යම් සාර්ථක ගමනක් ගොස් කිසියම් හේතුවක් නිසා පසුබෑමට ලක්වූ අය. යම් ප්රමාණයක් ඉන්නවා විශිෂ්ඨ සාර්ථක ව්යවාසායකයන්. ඔබ සියලූම දෙනාට වැදගත් වේවි යැයි මා සිතන, මා පෞද්ගලිකව වසර කීපයක් තිස්සේ සහ විශේෂයෙන් පසුගිය වර්ෂය තුල අත් හදා බලා සාර්ථක ප්රතිඵල සහිත මුදල් ආකර්ෂන නියම සංකල්පය මෙතැන් සිට ආරම්භ කරමි. පසුගිය සතියේ අප අපගේ ආදායම් පසුපසට ගණනය කර ඉලක්ක නිර්මාණය කරන ආකාරය ඉගෙන ගත්තා. ඒ අනුව යම් නිශ්චිත අරමුණකට නිශ්චිත කාලයක් තුල පැමිණීමට පැයක් තුල අප ඉතිරි කල යුතු මුදල් ප්රමාණය ගණනය කලා ඔබට මතක ඇතැයි සිතමි.
එම ලිපිය නොකිය වූ අයට 👇

                               මෙතනින්

ජීවන පරිවර්තන පියවර අංක 01
සුභ උදෑසනක්

සාර්ථක මුදල් ආකර්ෂකයෙක් උදේරැයින් අවදි විය යුතුය. උදේ රැය යන්නෙන් තේරුම සාමාන්ය ලෝකයට රාත්රිය තවමන් අවසන් නොවූ බවයි. ඔබ සුවිශේෂි පුද්ගලයෙක් බව නිතර සිතන්න. මේ ලොව තුල ඔබ වැන්නෙක් ඇත්නම් ඒ ඔබ පමනි. ඔබට ආදේශක නැත. ඔබේ ලෝකය තුල ඔබ පලමුව වීරයෙක් සහ විශිෂ්ඨයෙක් වන්න. පසුව ඒ විශිෂ්ටතම මිනිසා ලෝකයට ලබා දෙන්න. ඔබට උදෑසන 4.30 ට අවදි වීමට හැකියාව ඇත්නම් ඉතා අගනේය. නමුත් වර්තමාන තුල දිගු රාත්රිය තුල නින්ද අවම බැවින් උදෑසන 5.30 මා ඔබට යෝජනා කරමි. හෙට උදෑසන සිට මේ වෙලාවට අවදි වන්න. ඔබට කාලය නෑ කියන කතාන්දරය බොරුවක් බව ඔප්පු වනු ඇත. මුදල් සෙවීම සදහා දැන් ඔබට උදෑසන 7.00 ට අවදි වන මිනිසෙක්ට වඩා අමතර පැය 1 හමාරක් ඇත. එම පැය එකහමාරේ පලමු පැය තුල ඔබ කල යුතු දෙයක් ඇත. ඒ පලමුව සුපුරුදු පරිදි පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීමයි. මෙහිදී උණුකර නිවාගත් ජලය හෝ මිනරල් ජලය පානය කරන්න. ජලය පානය කරන අතර ජලය ඔබේ මුවින් රැගෙන උගුර සිසිල් කරමින් කුසට ඇතුලු වන ආකාරය සියුම්ව විදින්න. ඔබේ ශරීරයේ සියුම් ස්තාන ජලය ලැබී සෙමින් ප්රාණවත් වනුඔබට දැනෙනු ඇත. පලමු දිනට වඩා දෙවෙන දින මෙය ඔබව පුදුම කරමින් දැනේවි. ජලය යනු ජීවයේ මූලික සාධකයයි.
මීලඟට මුදල් ආකර්ෂන භාවනාව වැඩිය යුතුය. එය ඉතාම සරළව මෙසේය.
තමා අදහන ආගම අනුව පාඨයක් නිර්මාණය කරන්න. මා බෞද්ධයකු ලෙස පහත ආකාරයට ආරම්භ කරමි.
"ත්රිවිධ රත්නයේ ගුණ බලයෙන්, දෙවි රැකවරණින් අද දවසේ මාගේ සියලූම ව්යාපාර කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා.. 
එසේම මාගේ බිරිඳ සහ දරුවා සියලූම දෙවිදේවතාවුන් වහන්සේලා රැකදේවා ආරක්ෂා කර දේවා!"

මේ ස්වයං ආරක්ශන ගාථා පාඨය තුල මට අවශ්ය සියල්ල ගැබ් කර ඇත. ඔබ ඔබට හැලපෙන පාඨය නිර්මාණය කරගන්න. අපහසු නම් මට කියන්න. මා නිර්මාණය කර දෙන්නම්. 
නිරාගමික නම් ව්යාපාරය සහ එහි දියුණුව පිලිබද ස්වයං පාඨයක් නිර්මාණය කරගන්න. මෙය තමාගෙ සිතට ලබාදෙන ඉලක්කයකි. මූලිකම කාරනාව විශ්වයේ ඇති බලගතු ශක්ති කිරන වල යහපත් ආකර්ෂනය ඔබ වෙත ලගාකර ගැනීමය. ඔබ යහපත් චේතනාවෙන් යම් නිශ්චිත අරමුණක් කරා යාමට සූදානම් වන්නෙකි. එය දිනපතා උදෑසන දවස ආරම්භයේදී සිහියට ගන්න.
 ව්යායාම
මීලඟ පැය 1/2 තුල ශාරීරික ව්යායාමයක යෙදෙන්න. ඔබගේ කැමැත්ත අනුව එය සිදුකරන්න. පමණට වඩා ඒ ගැන නොසිතන්න. ඔබ අනිවාර්යයෙන් නිරෝගීයි. බඩ තිබ්බත් කොලෙස්ටරෝල් ශුගර් එන්නෙ නෑ. විශ්වාසයි.
දිනපතා ආහාර ගැනීමේදී සමබලව ආහාර ගන්න. මස් මාංශ කිරි බිත්තර ආහාරයට එකතු කරන්න. මත් පැන් පානය කරන්නෙක් නම් එය සීමා කරන්න. උත්සවයකට පමණක් ලෙස. මා පෞද්ගලිකව සතියකට වතාවක් බීර වීදුරුවක් පානය කරමි. සිගරට් බීම පුරුදු වී ඇත්නම් එය වහා ක්රමානුකූලව නවත්වන්න. 100% ඔබ දුම් බීමෙන් අත් මිදිය යුතුය. දුම් පානය ඔබව වේගයෙන් රෝගී කරයි. ☝️
මිනිස්සු ඇසුරු කිරීම
============--====

කැපිය යුත්තන් කපන්න. හැලිය යුත්තා හලන්න. එයට ලැජ්ජා නොවන්න. මතක් කර බලන්න. විනෝද වීමට එන කී දෙනෙක් වැඩක් කිරීමට ඔබට ඉන්නවාද කියා අධ්යනය කරන්න. ලයිස්තු ගත කරන්න. එවැනි සෘණාත්මක චරිත ජීවිතයෙන් ඈත් කරන්න. බොන්න ඇදන් යන, කලය අපතේ යවන චරිත ඇසුරු කිරීම අයහපතක්. ඔබගේ ශක්ති හීන කරන්නක්. නිතර ජීවිතය සෘණාත්මකව දකින්නන් වෙත විශ්වයේ අහිතකර කිරණ ආකර්ෂනය වන බැවින් ඔබටද ඒ බලපෑම ඇතිවේ. ... කුඩ්ඩන් ඇසුරු කර කුඩු කාරයෙක් වීම පහසුය. හොරුන් ආශ්රය කර සොරෙකු වීම පහසුය. එය බාවිතා කර දක්ෂයන්, ධනාත්මක සිතුවිලිවලින් පූර්ණ මිනිස්සු ඇසුරු කරන්න. ඔබත් ඔවුන්ගේ මට්ටමට එනු ඇත. හැකි සෑම විටම තමාට වඩා ඉහල මිනිසුන් ඇසුරු කරන්න. ඉහල මිනිස්සු යනු මූල්ය තත්වය නොව ඔබට වඩා බුද්ධිමත් , අත්දැකීම් , සහ ධනාත්මකව සිතන්නන්ද අයත් ය.
"අසේවනාච බාලානං පන්ඩිතානංච සේවනා.." 
බාලයන් ඇසුරු නොකරන ලෙස බුදු බණේ කියා ඇත. ඒ ඇයි දැයි සොයා බලන්න.

මට යාලුවො ඉන්නවා. උන් ඕනම දේකට ඉන්නවා ලෙස සිතා සිටියත් කෙළවාගෙන බලන්න. බල්ලෙක් වත් නැති වෙයි. හොදම සමාජශීලී කෙනෙක් නම් මාසයක් දෙකක් යාලුවො ඉදියි. පස්සෙ උන්ට ඔබ කරදරයක් වෙයී ඉබේම. සත්ය එයයි. කාසි ඇතිදා තියන ප්රේමය කාසි නැතිදා නැත. මේ කියන්නේ අත් දැකීම් හා අවබෝධයෙනි.
ඒ නිසා හැකි දා යහපතත් ඇසුරක් ලබන්න. මුදලින් දුප්පත් වුවත් සිතින් පොහොසත්උත්සාහවන්ත මිනිස්සු ඇසුරු කරන්න. කාලකන්නි හලන්න. 🤣
ණය
====

දැනට ඔබ මිදිය යුතු දෙයක් ඇත. ඒ නම් තමාගේ ණය ශූන්ය කිරීමය. නය 0 නම් වඩා හොදය. ණය නෑ යනු බය නෑ යන්නය.
විවිධාකාර තැන් වල විසිර ඇති ණය හැකිනම් එක තැනකට ඒකරාශි කරගෙන කලමණාකරණය කර ඉවර කරන්න. මෙතනින් සිට ඔබ සල්ලි වලින් වැඩ කරනවා යැයි දැඩි අධිෂ්ඨානය සිතේ තබාගත යුතුය. වාහන නම් ෆිනෑන්ස් ලීස් කරන්න. ගැටලුවක් නැත. ජීවත් වන නිවස කිසිදු කල උකස් නොකරන්න. එය තදින් සිතට ගන්න.

නැවෙන්න එපා! 
50,000/= ලෝන් එකටත් රජයේ ඇප ඉල්ලපු මැනේජර් මතකද? ඔබ කිසිදින බාල්දු නොවන්න. ඔවුන්ව ගණනකට නොගන්න. මට ණය අවශ්ය නෑ. මම සල්ලි මවන්නෙක්. නිතර සිතන්න.
මුදල් ලග තබාගන්නා ක්රම
======================

පසුම්බියට අනවශ්ය කිසිවක් නොදමන්න. බස් ටිකට්, අරයගෙ මෙයාගෙ බිස්නස් කාඩ්, වීසි කරන්න. මුදල් එක් දිශාවකට පිලිවෙලකට තබන්න. වටිනාකම අනුව පෙලගස්වන්න. වටිනාකම අඩුම කොළය මුලට තබා පෙල ගස්වන්න.
ඔබ ව්යාපාරයක් කරන්නෙ නම් ලාච්චුවේ මුදල් දැමීමට පෙට්ටි තුනක් තබන්න.
එකකට කාසිද, අනෙකේ රුපියල් 1000/= ක මාරු මුදල්ද රුපියල් 20,50,100 දක්වා කුඩා මුදල් කොළද දමන්න. ඊලග පෙට්ටුයට රුපියල් 500/= සහ ඊට ඉහල කොළ දමන්න. දෙවෙනි පෙට්ටියට 500 කොළයක් ආ විගස එයට දමා මොහොතකින් ගෙන තෙවන පෙට්ටියට දමන්න. මෙය යම් උපක්රමශී මුදල් ආකර්ෂනය න්යායකි.
ගිණුම් ගත කරන ආකාරය සහ ඉතුරුම් ක්රම මාගේ "තරුණ මූල්ය කලමණාකරණය" ලිපි තුල ඇති. කියවන්න.
👇👇
සෑම විටම පසුම්බිය තුල රුපියල් 5000/=, 1000 ක නෝට්ටු 2ක් තබාගන්න. කිසිම ලෙසකට එය වියදම් නොකරන්න. එම නෝට්ටු දෙක ඔබට මුදල් ආකර්ෂනය කර දෙනු ඇත. ඒ ශ්‍රීලංකාව තුල ඉහළම වටිනාකම් සැරිසරන නෝට්ටුය. මෙය වක්‍රාකාරයෙන් සෑම විටම ඔබ රුපියල් 6000/= ක හිමිකරුවෙක් කරයි. ඇතැම් දරුණු ආර්ථික අපහසුතාතැන් වල මෙම 6000/= ඔබට සවියක් වනු ඇත. එය වියදම් වුණේ නම් හැකි ඉක්මනින් නැවත එකතුවට එක් කරන්න.
දැනට මේ කරුණු කීපය අත් හදා බලන්න. සාර්ථක ප්‍රතිපල ලැබුණ පසු මටත් දන්වන්න. ඊලග ලිපියෙන් තවත් විස්තර දෙන්නම්. ඔබට ජය වේවා!
උපුටා ගැනීම ↓
පිරිමි පරිච්ඡේදය - Gentlemen's ZONE  ‍ෙෆ්ස්බුක් පිිිටුව

හැමෝටම ජයවේවා

මුදල් ආකර්ෂණ නියමය 01

මුදල් ආකර්ෂණ නියමය




සල්ලි.. ? සල්ලි මොකටද බං. බල්ලොත් නොකන සල්ලි... 😏
මරුකතරට දිය පොදක් ඉසින්නට....
සිත නිවන කතා....
සිත නිවන කත.... 🎶

සල්ලි නැතුව මොකුත් කරන්න බැරි තත්වයක් අද ලෝකෙ නිර්මාණය වෙලා කිව්වොත් මම 99% ක්ම නිවැරදියි. හැබැයි ඔබ සල්ලි හොයලා ඉවර වෙද්දි ඔයාට සල්ලි නැතුවත් ගොඩක් දේවල් කරගන්න පුලුවන්. තත්වය සහ සමාජයේ හැසිරෙන ආකාරයට සහ සමාජයට තමාගේ ඇති වටිනාකම අනුව සල්ලි වලට කල නොහැකි බොහෝ දේ තත්වයට සහ ගරුත්වයට කල හැක.
කෙසේ නමුත් සාර්ථක ජීවිතයක් සතුටින් ගත කරන්න නම් කවුරු මොන බයිල ගැහුවත් මුදල කියන්නෙ අත්යාවශ්ය සාධකයක්.
"මුදල් ආකර්ශනය නියමය" ලිපි මාලාවෙ ආරම්භය අද මේ විදියට ගනිද්දි, මේ ලිපි මාලාව අවසන් වෙන්නෙ ලංකාව තුල අලුත් සල්ලි කාරයන් අවම වශයෙන් 10,000 ක් නිර්මාණය කරලා. මම සල්ලි කාරයෙක් කියන්නෙ ප්රකෝටිපතියෙක් කියලා හිතන්න එපා. මට සල්ලිකාරයෙක් වෙන්නෙ තමාට අවශ්ය සියලූම දේ අඩුවක් නොමැතිව සපුරාගත හැකි පුද්ගලයාය. ඔහුට හෝ ඇයට පහත සම්පත් තිබිය යුතුය.
තමාගේම කියා අංගසම්පූර්ණ නිවසක්!
ව්යාපාරයක් සහ සින්නක්කර ව්යාපාර ඉඩක් හෝ ගොඩනැගිල්ලක්.
පෞගලික වාහනයක්. (අවශ්යතාව අනුව මෝටර් සයිකලයක් හෝ)
බිරිදක් සහ දරුමල්ලන් (අවශ්යතාව අනුව)
ජීවිතයේ ඉදිර කාලය රැකියාවකින් තොරව ගත කිරීමට ස්තීර තැන්පතුවක් හෝ ස්තීර ආදායම් එන දේපලක්.(බදු ලබාදෙන ඉඩමක්, ගොඩනැගිල්ලක් වැනි)
නිරෝගී සෞඛ්ය සම්පන්න ශරීරයක්.
නිරවුල් පිරිසුදු මනසක්.
ව්යාපාරිකයෙක් ඉහත කාරනා 7 වයස 35 ට පෙර සපුරාලීමට උනන්දු විය යුතුයි. එසේම තම ව්යාපාර ආරම්භ කර වසර 10ක් ඇතුලත ඉහත ඉලක්ක සපුරාලීමට හැකිවිය යුතුයි. එසේ නැතිනම් ව්යාපාරයක් කර පලක් නොමැති අතර කාගේහෝ ලග රැකියාවක් කිරීම යෝග්යය. ගැටලුව වන්නේ අප ව්යාපාරයක් ආරම්භ කලත් එය සිතන අයුරින් සාර්ථකවය කරා ගමන් නොකිරීමයි. එයට හේතුවක් තිබේ. ඒ ඔබගෙ මූලික කලමණාකරණය පිලිබද සරළ දෝශ වේ.
මං උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා අද පඩි අරං. පඩිය තියනවා රුපියල් 45,000/=ක්. කෙලිනම් යනවා ටවුන් එකේ සිල්ලර කඩේට. හිතේ හැටියට ගෙදරට අවශ්ය බඩු දකින දකින දේ අරන් බිල ගෙවලා එනවා. එලියට එද්දිම දකිනවා ටිකට් වෙලෙන්දෙක්. ගන්නවා ඉතුරු පොඩිසල්ලි ටිකක ටිකට්. සාමාන්යයෙන් රුපියල් 100 විතර. ඊට පස්සෙ දකිනවා බාර් එක. ඒකට ගිහිං බියර් එකක් අරන් වඩේ කරත්තෙන් බයිට් ටිකකුත් ගන්නවා. තව අනං මනං අරගෙන හන්දියෙන් ත්රී වීල් එකක නැගලා ගෙදර එනවා. ගෙදර ඇවිත් පර්ස් එක බලද්දි තියෙන්නෙ රු. 39,700/= යි. රුපියල් 5,300/= ම වියදම් වෙලා. දන්නෙම නෑ... හැබැයි ඔයා අනවශ්ය වියදම් කරේ නෑ.. ඒත් දන්නෙම නෑ සල්ලි ඉවර වෙලා..
අයියෝ... සුදූ... මේ මොනාද මේ.. 
කරවල කෑල්ල සවුත්තු වෙලානෙ. "

මේ.. අනේ මං බීට් කන්නෙත් නෑ. ඔයත් බෙදාගත්තට වීසි කරනවා නේද? " අපරාදෙ කිලෝ එකක් විතර ගෙනත්. 
පේනවා නේද නෝනගෙ කෑ ගැහිල්ල. චන්ඩියා වගේ බඩු ගෙනාවට මොකද ගෙනල්ලා තියෙන්නෙ ඔනෙම ඒවද?
මෙන්න මේකයි සරළව අපේ ගෙවල් වල සල්ලි වලට වෙන්නෙ. බාගෙට බාගයක් අනවශ්ය දේ වලට වියදම් වෙනවා. ටික ටික වියදම් වෙලා, නය වාරික දාලා පඩියට වැඩේ පත්තු වෙනවා. හැම මාසෙම. අතේ සතපහක් ඉතිරි නෑ. අයියෝ... සංසාරේ...
වෙඩින් 5යි මේ මාසෙටම. 
25,000/= විතර කුඩු. දැන් ඉතිං නය වෙන්න වෙනවනෙ.

කල්පනාකාරීව හිතන්න. මෙන්න මේ වගේ රුපියල දෙක වියදම් වෙලා පර්ස් එකට තට්ටු වෙනවා වගේ අපිට මේකෙම ඉන්වර්ට් එක නැත්තම් ප්රති විරුද්ධ කාරනාවට වැඩ කරලා මුදල් ඉතිරි කරගන්න. ආකර්ෂනය කරගන්න පුලුවන් බව ඔබ දැනුවත් ද?
100, 50 වියදම් කරනවා වගේ ඉතුරු කරලා අවසානෙ ලොකු ෆන්ඩ් එකක් සකස් කරගන්න අපිට පුලුවන්. මෙතන ඇති රැකියා කරන අය, රැකියා නොකරන අය, ව්යාපාර කරන අය, කවුරු කොහොම හිටියත් අවසානයෙ අපි සියල්ල ගණුදෙනු කරන්නෙ මුදල් වලින්. ඒ කියන්නෙ අවසාන නැවතුම එකම තැනකින්.
ව්යාපාර කරන අයට ව්යාපාර දියුණු කරගන්නත්, රැකියාවක් කරන අයට ඉඋට අමතරව ව්යාපාරයක් ආරම්භ කර ජීවිතේ ජය ගන්නත් අද සිට මා කිසියම් ශක්තියක් ලබා දීමට මෙම ලිපි මාලාව හරහා බලාපොරොත්තු වෙනවා. ඊට පලමුව ඔබ සියලූම දෙනා මූලිකව හැඩ ගස්සා ගත යුතුයි. කරුණාකර මෙය පාඨමාලාවක් ලෙස සලකා මුල සිට සරළව මාගේ උපදෙස් පිලිපැද හදාරන මෙන් ඉල්ලා සිටිනවා. මගදි මේ දේවල් සිදුකිරිම ප්රතිඵල අවම වීමට හේත් වෙයි. එම නිසා මුල ඉදන්ම ට්රැක් එකේ එන්න. එහෙමනම් අපි පටන් ගමු. 💪💪

Life Style Changing 👉
ජීවන ක්රමය වෙනස් කිරීම

මුදල් ආකර්ෂනය නියමය 100% ම විශ්ව ශක්තීන් හා මානසික සිහින තරංග හා බැදුන වෙනස්ම කාරනයකි. ඇතැම් කෙනෙක්ට මෙය පිස්සුවක් විහිලුවක් ලෙස පෙනිය හැක. එවැනි අය මේ මොහොත තුලම මෙයින් ඉවත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. අප අප ආදරය කරන, බලාපොරොත්තු වන සිහින කරා ගමන් කිරීමේදී නිතර ඒ පිලිබද සිතින් සිහිපත් කිරීම, ඒ සමග ජීවත් වීම සහ සිහිනය සමග යටි සිතින් කතා කිරීම කල යුතුය.
ඔබගේ සිහිණය නවින මෝටර් රථයක් මිලදී ගැනීමට නම් ඔබ අද සිටම එය මිලදී ගෙන අවසන් ය. ඔබ සතුව භෞතිකව වස්තුවක් ලෙස කාරය නැති බව සැබෑය නමුත් ඔබගේ සිත තුල එය ඔබ සතුව පැවතිය යුතුය. ඔබ එය මිලදී ගැනීමට සිතින් සේල් එක තුලට යන්න. ඔව් ඔබ මුදලින් රුපියල් ලක්ෂ 35ක් ලබා දී නවීන කාර් රථය මිලදීගෙන නිවස බලා රැගෙන එනවා. ඒ අතර ඔබ මගින් නවත්වා එයට නවීන ශබ්ධ පහසුකම් සහිත sound setup එකක් සවිකරනවා. නිවසට රැගෙන විත් නිවැසියන් පුදුමයට පත් කරනවා. ඔව් තවත් මාස කීපයකින් සැබෑවක් වන මෙම සිහිනය ඔබ සිතින් විදිනවා. ඔබට ඇත්තේ අපමන සතුටක්. තමා පිලිබද ස්වයං අභිමානයක්. මෙසේ නිතරම තම ඉලකය යටි සිතින් මෙනෙහි කිරීම විශ්වයේ යහපත් ශක්ති කිරණ වල ආකර්ශනය ඔබ වෙත ඇදී ඒමට පටන් ගන්නවා. ඔබ ඔබෙගේ ඉලක්කයට කෙසේ හෝ ගමන් කරනවා. විශ්වාස කරන්න ඔබට එය කරන්න පුලුවන්. 
මේ ඉලක්කය. ආදරය කරන ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. ගෑනු ලමෙක්, නිවසක්, රැකියාවක්, ව්යාපාරයක් මේ ඕනෑම දෙයක්. මනසින් මවාගන්න. ඒ තුල සිතින් ජීවත් වන්න. ඒ තුල සතුටු වන්න. ඔබට එය ලැබෙනවාමයි.

ඒ අතර එම ඉලක්කය කරා යාමට සැලසුමක් තනිව සකස් කරන්න. ඔබට වැගන් R කාරයක් මිලට ගැනීමට අවශ්ය යැයි සිතන්න. පලමුව එහි වෙලදපොල මිල සොයාගන්න. එය ලක්ෂ 35 පමණකි. දැන් ඔබ කාරය මිලදී ගන්නා කාලය තීරණය කරන්න. වසර 2 ලෙස ගනිමු. 
වසර දෙකදී මිල වෙනස් වීමට තවත් ලක්ෂ 5ක් එක් කරන්න. ඔබට ලක්ෂ 40 ක් අවශ්යව තිබේ. ලක්ෂ 40 ඔබ 24 න් බෙදිය යුතුය. පිලිතුර රුපියල් 166,660/= කි ආසන්නව 167,000/= ක් මාසිකව ඔබ එකතු කල යුතුය.මුදල් ආකර්ශනය නියමයේදී ණය වීම් ගැන නොසිතන්න. ඊට වඩා පහසුවෙන් ලීසිං දමා ගත හැකි බව සැබෑය. එසේ සිතන්නන් කරුණාකර ඉවත් වන්න. 👉

හරි ඔබේ මාසික ආදායම කීයද? රුපියල් 45,000/= යි. වියදම් කැපුවම ඉතිරි 7000/= යි. ඒත් වාහනේ ගන්න තව රුපියල් 160,000/= ක් ඕනෙ. ඔයාට තේරුණාද ජොබ් එක කරලා කවදාවත් ඔයාට වසර දෙකෙන් මේ කාර් එක ගන්න බෑ.ගත්තත් ගන්නෙ හිර වෙලා ණය කාරයෙක් වෙලා. දැන් අපි බලමු වෙනස්ම දෙයක්. 160,000/= බෙදන්න 30න් . උත්තරය 5333/= ආසන්නව 5,350/= ක් ඔයා දවසට අයින් කරන්න ඕනෙ මේ කාර් එක ගන්න නම් අවුරුදු දෙකෙන්.
මම මේ කියන්නෙ උදාහරණයක්. ඔයා ඔයාගෙ ලොකු කුඩා ටාගට් එකට මේක ගලපා ගන්න. හරි අපි දැන් දන්නව අපිට දවසට රුපියල් 5,350/= ක් අමතරව ඔනෙ මේක ගන්න. ජොබ් එකකුත් කරලා බැරිනම් ඔයාට අනිවාර්යයෙන් අමතර රැකියාවක් හෝ ව්යාපාරයක් කරන්න ඕනෙ නේද මේක කරන්න. විශ්වාස කරන්න බිස්නස් එකකට දවසට රුපියල් 5350/= කියන්නෙ නතිං කියලා. හරි බිස්නස් එකකට. 😁
හරි ඔන්න අපි තව වැඩක් කරන්න යන්නෙ. අපේ ටාගට් එක තව සියුම් විදියට සුසර කරනවා. අපි ඒක බිස්නස් පැය 10කින් බෙදනවා. ඒ කියන්නෙ අපි පැය 10ක් ව්යාපාරයක් කරනවා කියලා. රැකියාවක් කරනවා නම් සේවකයෙක් යොදවලා මේක කරන්න පුලුවන්. 5350 ÷ 10 = 535/= ඔයා අවුරුදු දෙකකින් ජොබ් එකෙන් මාසෙට 7000/= නම් ඉතිරි කරන්නෙ. අමතරව පැයකට රුපියල් 535/= ගානෙ හොයන්න ඕනෙ ඔයාගෙ ටාගට් එකට යන්න. ඔයා පොඩි ශොප් එකක් කලොත් පැයට ඒ ශොප් එකේ සේල් එකේ ලාභය රුපියල් 550/= කරගන්න. අන්න එතකොට ඔයාට පුලුවන් අර ටාගට් එක කවර් කරගන්න. එතන ඉදං ඔයාට පැයට 550/= ලාබ උපයන්න ක්රමයක් කල්පනා කරන්න විතරයි තියෙන්නෙ. 💪

මෙන්න මේ අවසාන ඉලක්කය වෙනුවෙන් මේ මොහොත සැලසුම් කිරීම තමයි මගේ ව්යාපාර ක්රමවේදය. මේ එකක් විතරයි මගේ බිස්නස් සීක්රට් වල. මම මගේ ශොප් වල සේල් එක ටාගට් කරන්නෙ පැයකට. දවසකට, මාසෙකට, වසරකට ලෙසයි. ගොඩක් අය වරද්ද ගන්නෙ මාසෙට මෙච්චරයි කියලා හිතලා ගනන් හදලයි. එතකොට තමාට වරදිනවනම් මාසයක් හිහිං. මෙතන මේ ක්රමයෙදි පැයෙන් පැයට අප්ඩේට් එකක් එනවා බිස්නස් එක පිලිබද. සමහර වෙලාවට මගේ ක්ලාස් වල ආදායම් වලදි මම පැය 2 ක්ලාස් එකේ ආදායම 120 න් බෙදලා විනාඩියක ආදායම බලනවා. ඒක 60 න් බෙදලා මගේ තත්පරයක වටිනාකම රස විදිනවා.  තත්පරයක මාගේ මිල 💪
සෙනසුරාදා/ඉරිද මගේ තත්පරයක් රුපියල් 2 ශත 70ක් වටිනවා. 😊 ඒ ක්රමය අත් හදා බලන්න. ඒක හරිම සාර්ථකයි. 
අවසානයේ ඔබ නොදැනුවත්ව ම අවශ්ය මූල්ය ඉලක්කයට ඇවිත්.

අතේ රුපියලක් නැතුව බිස්නස් ආරම්භ කරන්න පුලුවන් ද?
================================
අනිවාර්යයෙන් පුලුවන්. හැබැයි ඔබ බුද්ධිමත් සහ අවංකනම් පමණයි. ඒ වගේම දියුණු වෙන්න ඒකායන අරමුණක් තියනවා නම් පමණයි. බාධා මැද්දෙ එකම අරමුණකට යන්න පුලුවන් නම් පමණයි. සරළවම සැබෑ පිරිමියෙක් හෝ ගැහැණියක් නම් පමණයි.

මිනිස්සු දියුණු වුණාට පස්සෙ තැනකට ආවට පස්සෙ. එක එක සුරංගනා කතා කියනවා. මම රුපියල් 500/= නයට අරං ආවෙ. ඒමේ කතා ගොඩයි. ඒත් ඔවුන්ගෙ සැබෑ කතා සොයං ගියාම කුණු ගද ගහන අමු සොහොන්. නැත්තම් මොකක් කරි පරණ පිණක් කඩං වැටිලා.අපිට එහෙම නෑ. අපි උත්සාහ කර දියුණු වෙන්න දගලන්නෙ. අපිට පරම්පරාවෙන් ලැබුණ දෙයක් නෑ, කවුරුත් මැණික් මලු ගෙනල්ලා දීලා නෑ. ඉතිං අපි යන ගමන ඔය සුරංගනා කතා තරම් සුන්දර නෑ. ඒක කටුකයි. වේදනාවක්. අතාරින්න හිතෙයි. රස්සාවක් කරන්න හිතෙයි. රට යන්න හිතෙයි. ගේමක් දෙන්න හිතෙයි. 
එපා.. 

ඉවසන්න. කට්ට කන්න. හිත හයිය කරගන්න. පයින් කට්ට කාගෙන, අව්වෙ වැස්සෙ තෙමීගෙන, බස් එකේ එල්ලීගෙන යන වාරයක් පාසා හිතිං හිතන්න දවසක විදින සැප ගැන. එදාට පදින වාහනේ ගැන. ඒකෙ A/C එක ආතල් නෑ බං උඹට එකපාරට ලැබුනම. වැස්සෙ තෙමියං. අව්වට කර වෙයං . ගෑනුන්ට නෝන්ඩි වෙයං . ගෙදරි බැනුම් අහපං. අන්න එගෙම තෙම්පරාදු වෙයං. ඊට පස්සෙ උඹව හැදිලා එයි. එදාට කාපු කට්ට මතක් කරපං. පොලොවෙ පය ගහලා ජීවිතේ ගෙවපං. ආතල් එකේ ඉදපං.
අද මගේ එක්ක එකට කන බොන ගෝලයො ඉන්නවා තනියම හයිලෙවල් පාරෙ නුගේගොඩ ඉදං කොට්ටාවට පයිං ආපු. කන්න නැතුව. වැස්සෙ අඩපු. අද උන් කාර් වල යනවා මාවත් දාගෙන. අපි කනවා බොනවා ජොලි කරනවා. මොකද අපි කාපු කට්ට අද අපිට පට්ට නිසා. එහෙම කියලා අතීතකාමයෙන් ඒ ගැන හිතමින් ඉන්න ඕනෙ නෑ. මුල අමතක කරන්න නරකයි. අත දුන් හිතක් කඩන්න නරකයි. කවදාවත් හරියන්නෙ නෑ. මතක් කරන්න ඉස්සෙල්ලාම රස්සාවකට ගියාම සියල්ල කියලා දුන්න කෙනා. පිට රටකට ගියා නම් රැකියාවට මුලින්ම ඉන්න තැනක් දුන්න. කන්න දුන්න මනුස්සයා. මතක් කරපං. කවදාපත් මුල අමතක කරන්න එපා.. කෙලවෙනවා. සත්තයි.
හරි උඹේ අතේ සල්ලි නැද්ද බිස්නස් එකක් කරන්න. එහෙනම් උඹ මුලින්ම කරන්න ඕනෙ උඹේ දක්ෂතාව අදුරගන්න එක. ඒ ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න එක. උඹ කතාකරන්න දක්ශ නම් ඩිරෙක්ට් මාකටින් කරපං. අර කොහු ඉදල් උස්සන් ගෙවල් ගෙවල් ගානෙ යන රස්සාව. මිනිස්සු හිනා වෙයි. ඒත් ඒකෙන් උඹට යම් ආදායමක් එයි. ඒක ඉතිරි කරපං. උඹට ට්රේනිං එකක් දෙයි කස්ටමර් හැඩ්ල් කරන්න. ඒක මිල කරන්න බෑ. ඒවා ගනින්. උඹගෙ අනාගතේට වටිනවා. මොකවත් බැරිනම් කුලී වැඩක් කරපං., හන්දියෙ සර්විස් එකේ වාහන සෝදන්න පලයං. කෙල්ලො දැක්කම ලැජ්ජයි. ඒත් කමක් නෑ කැප් එකක් දාං යමු. කැත වැරහැලි ශෝටක් අදිමු. මූනෙ පොඩ්ඩක් මජං ගාගනිං. කන්නඩියෙන් බලපං උඹේ අම්මටවත් උඹව අදුරගන්න බෑ.. කොල්ලො වාහනයක් හේදුවම 100ක් හම්බෙනවා. දවසට 15 හෙදුවොත් 1500/= ක්.
ඒ අතර ටිප් දෙනවා ලොකු මහත්තුරු. කොහොම කරලා හරි හවස් වෙද්දි රුපියල් 2000/= හොයන්න පුලුවන්. ඒ කියන්නෙ මාසෙට නිවාඩු 4 අරං. උඹට 50,000/= හොයන්න පුලුවන්. තාම යැපෙන්නෙ ගෙදරිං නිසා කෑමට වියදම් අඩුයි. ගෙදරට කියන්න එපා කරන රස්සාව. ඒ මිනිස්සු දුක් වෙයි. ඔෆිස් එකක වැඩ කියපං. අම්මගෙන් බත් මුලක් බැදං අරං වරෙන්. දවල් වෙද්දි ශේප් එකේ කාපං. උඹ සැපට හැදුන එකා. උඹට මේවා අමාරුයි තමයි ඒත් මහත්තයො උඹ මේක කරන්නෙ ටෙම්පරි. බිස්නස් එකක් කරන්න ප්රාග්ධනය උපයන්න. මොකද උඹට බැංකුවෙන් ලෝන් දෙන්නෙ නෑ.. කරලා බලපං මාස 10ක්. අම්මාට මාසෙට දීපං හිත හැදෙන්න රුපියල් 10,000/= ක් අතට. ඒ මනුස්සය හරිම සතුටු වෙයි. උඹට ආශීර්වාදය දෙයි. තාත්තා බොනවා නම් 2000/= අතට දීපං. ෆිට් එකට. සතුටු වෙයි යකෝ...
කෙල්ලෙක් ඉනවනම් කොන්ඩ කටුවක්, පුංචි කරාඹු ජෝඩුවක් අරං දීපං ලවර් එකකින් රුපියල් 300/= යයි. මේ ඔක්කොම කලත් උඹට මාසෙට රුපියල් 30,000/= ඉතුරුයි උඹේ පොඩි පොඩි වියදම් කැපුවම. බලපං මල්ලි උඹට මාස 10 වැඩ කරලා රුපියල් ලක්ෂ 3 ක් සෙට් වෙලා. සතුටු නැද්ද? ලක්ෂ 3 කින් කොච්චර හොද බිස්නස් එකක් කරන්න පුලුවන් ද? පොඩියට පටන් අරං ඊලඟ අවුරුද්දෙ ඉවර වෙද්දි උඹට ලක්ශ 10 හදන පුලුවන්. මෙන්න මෙහෙමයි බිස්නස් කරන්න සල්ලි හොයාගන්නෙ. ඔය සර්විස් එකේ වාහන හෝදපු එකා වෙන කවුරුත් නෙවෙයි මම බං. ඒක මගේ ගෙදර උන්වත් දන්නෙ නැති කතාවක්. 😁
උඹලා දන්නවද මං අලුත් අලුත් එක එක වාහන හේදුවා. හිතිං මවං මගේ ගෙදර මගේ මිදුලෙ ඉදං හෝදනවා කියලා. ඒක වෙනම ආතල් එකක්. කවදාවත් මම ඒක ලැජ්ජාවක් කියලා දැක්කෙ.නෑ. කවුරුත් මං හිටි තත්වෙ අනුව මම එහෙම රස්සාවක් කරයි කියලා හිතුවෙත් නෑ. ඒ 2012 කලුතර දි. මාස 3ක් 3M සර්විස් එකක වැඩකලා දවසෙ පඩියට. මම ව්යාපාර කඩං වැටිලා ආයෙම ගොඩ එන්න අවශ්ය මූලික ප්රාග්ධනය රුපියල් 150,000/=උපයන්නෙ එහෙම.
අද මට වසර 7 තුල මිලියන කීපයක වත්කම් තියනවා. දෙවරක් වැටිලා නැගිටලා තියනවා. ආයෙම වැටුනත් නැගිටලා එනවා කියන ආත්ම ශක්තිය තියනවා. ඔබලාත් ඒක ඇති කරගන්න. සර්විස් වල වාහන හෝදන්න ඕනෙ නෑ.. වෙන මොකක් හරි ජොබක් තමන්ගෙ හැකියාව අනුව කරලා ව්යාපාරයක් ආරම්භ කරන්න අවශ්ය මුදලක් සොයාගන්න. ණය වෙන්න එපා. ඒක අනවශ්ය දෙයක්. ඔයාට පුලුවන් හොද ආයෝජකයන් සොයා ගන්න. මම කියා දෙන්නම් ඒක කරන හැටි. ඉස්සෙලාම යහපත් මනුස්සයෙක් වෙන්න. සියලූම යහපත් දේ ඔබට ඉබේ ආකර්ෂනය වනු ඇත. 
අදට ලිපිය අවසන් කරනවා. මට ඇවිදින්න යන්න ඕනෙ. 😁

ඊලඟ ලිපියෙන් මම මුදල් ආකර්ෂන නියමය ගැන තව වටිනා රහස් එක්ක එන්නම්. එතෙක් ඔබට සුභ දවසක්.
ජය වේවා...

තවත් මිතුරෙකුගේ ජිවිතය වෙනස් කරන්න.
උපුටා ගැනීම ↓
පිරිමි පරිච්ඡේදය - Gentlemen's ZONE   ‍ෙෆ්ස්බුක් පිිිටුව


මුදල් ආකර්ෂණ නියමය 02 ලිපිය↓



හැමෝටම ජයවේවා

October 27, 2018

Online ඉන්න අතරේ Pivot ඇප් එකෙන් සල්ලි හොයමු (100% Success)


අද කතා කරන්නෙ Free  Bit coin  හොයන හැටි 100% සාර්ථකයි 




මේක  Application  එකක් මේක ඔයාලාට ඔයාගේ  smart phone  එකට  install කරන්න පුලුවන්. නම Pivot මේ දවස් වල  trending  වෙන  app 1k.
ඉතින් මෙකෙ  free  හොයනවා කිවුවට  bit coin, සල්ලි  දෙන්නැ
මෙකෙ  ඔයාලා  Power කියලා දෙයක් හොයන්න ඔනි. 
හෙව්වාම ඔයාට මුදල් කරගන්න පුළුවන්.

06 $ වගේ උනාම සල්ලි withdraw කරන්න පුලුවන්... netller හරහා ez cash වලින්...  

ඉතින්  ඔයාලා දවසම  social media use  කරනවා ඇති. එකක්වත්  use  කරාට ඔයාට කිසිම මුදලක් අදාල ආයතනය ගෙවන්නේ නැ ඔයා  post  දානවට  comment  දානවට ලයික් දානවට.

ඉතින්  Pivot  කියන්නෙත් හරියට  facebook වගේ  app 1k. මේකෙත්  කට්ටිය  post  දානවා comment  දානවා  fb වගේ. ඔයාලාට හොයන්න තියෙන්නේ  powers  මෙකෙ එවා එක එක විදියට හොයන්න පුලුවන් post read කරලා share  කරලා 
යලුවන්ට ඉන්වයිට් කරලා වගේ.
මෙකෙ  powers  හොයන්න ලෙසිම විදිය තමා යලුවන්ට  invite  කරන එක  ඔයා ඉන්වයිට් කරපු ලින්ක් එකෙන් එයා    app අරන් register උනාම ඔයාට  power  10000  හම්බවෙනවා post read  කරාම හම්බවෙන්නේ එක  post  එකකට 100 power  අනික තමා ඔයා දුන්න ලින්ක් එකෙන් එයා ගියොත් එයාටත්  powers  ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ එයා  කරන  activity  අනුව ඔයාටත්  10% හමබ වෙනවා.
ඉතින් මෙක හොදම  අන්තර්ජාලය හරහා මුදල් උප යන්න තියන  ක්‍රමයක් 

මුලින්ම account එකක් හදා  ගන්නෙ කොහොමද...

පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයගේ gmail එක හරහා log වෙන්න... 

ඉන් පසුව download and install app කර ගන්න...



App එක දාගෙන සල්ලි හොයන්නෙ කොහොමද


🔻🔻🔻🔻

ඩේලි ටාස්ක් එක යටතේ පවර් එකතුකරගන්න පුළුවන් 


🔻🔻🔻🔻🔻🔻🔻

post read කරලා පවර් 100 ගානේ දවසට 40 ක් බලන්න පුළුවන්


ගෙට් රීඩ් පවර් ක්ලික් කලාම පවර් එකතුවෙනවා

🔻🔻🔻🔻🔻🔻🔻🔻


🔻🔻🔻🔻🔻🔻🔻

🔻🔻🔻🔻🔻🔻🔻

පවර් එකතු කලාම එකවුන්ට එකට මුදල් එකතුවෙනවා.



1) post read කරලා... post එකක් පහලට ගිහින් get read bonus එක click කරාම් points 100 k enawa.. දවස්ට් post වලින් power  4000ක් හොයන්න පුලුවන් 

2) ඔයගේ invite link එක හරහා යහලුවන්ට මේ app එක හදුන්වා දී එක්කෙනෙක් මේ ඇප් එක දා ගත්තොත් points 10000 k එනවා....එතකොට යහලුවො 4ක් කියන්නෙ points 40000 k ...ආසන්න වසයෙන් 1$ වගේ..

අද දවසේ හොයන points හෙට වෙද්දි zero වෙලා ඒවා සල්ලි වෙල පැය දහයකට පස්සෙ wallet කියන් තැන පෙන්වනවා..

06$ වගේ උනාම සල්ලි withdraw කරන්න පුලුවන්... netller හරහා ez cash වලින්... 

මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාට දවසට පොස්ට් 40 බලලා 4000 power හොයන්න පුලුවන්.
      👇👇👇👇👇


 ඉතින් මේ තියෙන්නේ මගේ ලින්ක් එක
https://www.pivot.one/app/invite_login?inviteCode=hioqqm

මෙකෙන් ගිහින් app  අරන්  regiter  උනොත් ඔයාට  powers  200 හම්බ වෙනවා.මෙකෙ  post read  කරන්න පුලුවන් දවසට  40 ඒ කියන්නේ 4000 powers යි. මෙකෙ සාර්ථක වෙන්න
කරන්න තියෙන හොදම දේ තමා  යාලුවන්ව මෙකට එක්කර ගන්න එක.

 ඉතින් මේ තියෙන්නේ මගේ ලින්ක් එක


හැමෝටම ජය වේවා 💲💱💰💰💰💰💵


August 25, 2018

ආකර්ෂණ නීතිය ප්‍රාෙයා්ගිකව භාවිතය

සුවිශේෂී සාර්ථකත්වයක් වෙනුවෙන් යටි සිත බලපෑම

සැහැල්ලුවෙන් මනස එක තැනක තියාගෙන මුලු ලිපියම කියවන්න. අපේ යටි සිත අපිට ලැබී තියෙන වටිනාම වස්තුව යයි හැදින්වුවොත් එහි කිසිම වරදක් නෑ, ජීවිතේ අපිට සිටින හොදම මිත්‍රයාත් , හොදම හතුරාත් විදිහට අපි අපේ යටි සිත හැදින්වුවොත් එහිත් කිසිම වරදක් නෑ. අපි බොහෝ දෙනෙක් තවමත් අපේ යටි සිතේ තිබෙන ශක්තිය කොතරම්ද? එයන් කොතරම් ප්‍රයෝජන ගත හැකිද යන්න නිවරැදිව වටහාගෙන නෑ. මෙන්න මේ නිසා අපි බොහෝ දෙනෙක් අපිට ඉතා පහසුවෙන් ලගා කරගත හැකි සාර්ථකත්වය පවා ලගා කර නොගෙන මුලු ජීවිත කාලයම ජීවත් වෙනවා.
සිග්මන්ඩ් ප්‍රොයිඩ් පවසන ආකාරයට සාමාන්‍ය මිනිසෙකු තම සිතේ ශක්තියෙන් ප්‍රයෝජනයට ගන්නේ 10%ටත් වඩා අඩු ප්‍රමානයක්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් බොහෝ විට තම සිතේ ශක්තියෙන් 90% ක් පමන නිකරුනේ අපතේ යවනවා. ඒ කියන්නේ අපි බොහෝ විට පාවිච්චි කරන්නේ අපේ උඩු සිත පමනයි, අපේ නොදැනුවත්කම නිසාම අපි බොහෝ දෙනෙක් සම්පූර්ණයෙන්ම වගේ අපේ යටිසිතෙන් ප්‍රයොජන ගනු ලබන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි කවුරුත් යමක වටිනාකම දන්නවානම් ඒ දෙය ආරක්ෂාකරගන්නවා මිස , එයින් ප්‍රයෝජන ගන්නවා මිස, එය නිකරුනේ අත්හැර දමන්නේ නෑ. ඒ නිසා ඔබ ඔබේ සිතේ ශක්තිය පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම තමන්ගේ හිතේ ශක්තිය කොතරම්ද කියන දේ දැනගෙන ක්‍රියාත්මක වීම ඉතා වැදගත්.


අපේයටි සිත කියන්නේ ඉතාම සුවිශේෂී දෙයක්, එක පැත්තකින් අපි සිතන මතන දේවල්, කරන කියන දේවල් කුමන ආකාරයෙන්ද යන්න 80%කට වැඩි ප්‍රමාණයක්ම තීරණය කරන්නේ අපේ යටි සිතේ ස්වභාවය. අනිත් පැත්තෙන් අපේ ජීවිතයේ අපිට ලැබෙන බොහෝ දේවල් වලට හේතුව වන්නේත් අපේ යටි සිත.

සාමාන්‍යයෙන් අපේ සිතන ආකාරය, ක්‍රියාකරන ආකාරය කියන දේ තීරණය වෙන්නේ අපේ සිතට අකාලයක් තිස්සේ අතුලු වුන දත්ත වලට සාපේක්ෂව අපේ යටි සිත තුල ගොඩනැගී ඇති ආකල්ප වලට අනුකූලව. මේ නිසා යම් කෙනෙක්ගේ යටි සිතේ ස්වභාවය වෙනස් වෙනවානම් ඒ තුලින් ඔහුගේ හෝ ඇයගේ ආකල්ප වල ස්වභාවයත් වෙනස් වෙනවා , ඒ වගේම සිතන ආකාරය, තීරන ගන්න ආකාරය වගේම, ක්‍රියා කරන ආකාරයත් වෙනස් වෙනවා.

අනෙක් අතට අපේ සිතුවිලි වලට අපේ ජීවිතයේ විවිද දේවල් වෙනස් කිරීමට හැකියාවක් තිබෙනවා, මේ දේ ඇත්තද බලන්න බොහෝමයක් පරීක්ෂණ පවා ලෝකය පුරා සිදුකර තිබෙනවා.
මෙයින් එක් පරීක්ෂණයක් තමයි Dr Masaru Emoto විසින් කරපු ජල අංශු පරික්ෂාව. මේ හරහා තමන්ගේ වචන හා සිතුවිලි වල ශක්තියෙන් ජල අංශු වල වෙනස් කම් කරන්න පුලුවන් බව ඔප්පු වුනා. මීට අමතරව යටි සිත බලගැන්වීම හරහා විවිද රෝගී තත්වයන් සුවකරන්න පුලුවන් බව අද නූතන වෛද්‍ය විද්‍යාව පවා පිලිගන්නවා.
ඒ වගේම චිත්තරූප මැවීම වැනි ක්‍රම හරහා තමන්ට අවශ්ය ඉලක්කය වෙත යාමට යටි සිත බලගැන්වීම් කිරීම තුලින් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීම අද වන විට ලෝකයේ බොහෝ පිරිසක් ප්‍රායෝගිකව බාවිතා කරනු ලබනවා. බොහෝ විට මෙය බොහෝ දෙනෙක් හදුන්වන්නේ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කර ගැනීම කියලා.
අද ඔබට මේ ලිපිය තුලින් කියා දෙන්නේ මේ අකාරයෙන්, ඔබේ සිතේ තියෙන ඕනෑම ඉලක්කයක් සිහිනයක් වෙනුවෙන් ලේසියෙන් ලගා වීමට ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන දේ.
අපේ යටි සිත සෑම වෙලාවකම අපිට අවශ්ය දේ අපිට ලගා කර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අපි කලින් යටි සිත කියන්නේ අපේ හොදම මිතුරා වැනි බව ප්‍රකාශ කලේ, නමුත් යටි සිත යමක් තිරුම් ගන්නා භාෂාව අපි අදහස් සන්නිවේදනය කරන භාෂාවට වඩා වෙනස්, මේ නිසා අපේ යටි සිත බොහෝ වෙලාවට අපිට අවශ්ය දේ කියලා වැරදි දේවල් තේරුම් අරගෙන, ඒ දේවල් අපි වෙතට ලගා කර දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට අපේ යටිසිත අපේ මිතුරා වුනත් ඇත්තටම බොහෝ දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්නේ සතුරෙක් විදිහට.

අපේ යටි සිත අපිට අවශ්‍ය දේ කුමක්ද කියලා තේරුම් ගන්නේ අපේ සිතේ මැවෙන චිත්ත රූප වලට අනුකූලව, ඒ චිත්ත රූප මැවෙන මොහොතේ ඔබට දැනන හැගීම් වල ප්‍රබලත්වය සමග එය ඔබට කොතරම් දුරට අවශ්‍යද කියන දේ තේරුම් ගනු ලබනවා. නමුත් අපේ යටි සිතට මේ මැවෙන චිත්ත රූපය අපට අවශ්‍ය දෙයක් ගැනද, අනවශ්‍ය දෙයක් ගැනද කියන එක තේරුම් ගන්න හැකියාවක් නෑ. මේ නිසා ඔබ වැඩි පුරම සිතන්නේ කුමක්ද එය ඔබේ ජීවිතයේ යතාර්ථය කරන්න ඔබේ යටි සිත ක්‍රියා කරනවා.

උදාහරනයක් විදිහට අපි හිතමු ඔබේ සිතේ කවුරුන් හෝ ගැන කැමැත්තක් ඇතිවුනා කියලා. ඔබට අවශ්යයි ඔහු හෝ ඇය සමග ප්‍රේම සබදතාවක් ඇතිකරගන්න කියලා. මේ අවශ්‍යතාවයත් එක්ක ඔබේ සිතේ මැවෙන චිත රූපයේ ස්වභාවය කුමක්ද එය තමයි බොහෝ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත් වෙන්නේ. මොකද ඔබේ යටි සිත නිරායාසයෙන්ම එය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා.
ඔබේ සිතේ මෙවැනි අවශ්‍යතාවයකට අදාලව මැවෙන චිත්ත රූප ගැන සිතන්න, එය ඔබ ඔහු හෝ ඇය සමග සබදතාවක් ගොඩනගා ගන්න යාමේදී එය සාර්ථක නොවීමට හැකි ආකාර පිලිබද චිත්ත රූප නම් , ඔබේ මනස ඔබට ලගාකර දෙන්න උත්සාහ කරන යතාර්ථය බවට පත් වෙන්නේ එම සබදතාවයේ අසාර්ථකත්වය. ඇත්තටම ඔබට අවශ්‍ය දේ එය නොවුනත් ඔබේ මනස තේරුම් ගන්නේ ඔබට අවශ්‍ය දේ වන්නේ අසාර්ථකත්වය කියලා.
නමුත් මේ අවශ්‍යතාවයත් එකක් ඔබේ සිතේ මැවෙන චිත්ත රූපය වෙන්නේ ඔබ ඔහු හෝ ඇය සමග සබදතාවය ගොඩනගා ගත් පසු තත්වයනම්, ඒ හරහා ඔබේ මනස තේරුම් ගන්නේ ඔබට ඒ ආකාරයෙන් සබදතාවක් සහිතව ජීවත් වෙන්න අවශ්ය බව, මේ නිසා ඔබේ යටි සිත එයත් සමග ඒ දේ ඔබට ලගා කරදෙන්න කටයුතු කරනවා.
දැන් ඔබ බලයි අපේ යටි සිත කොහොමද ඒ දේ යතාර්ථයක් කර දෙන්න කටයුතු කරන්නේ කියලා. එය ආකාර කීපයකින් සිදුවෙනවා.

1. ඔබේ යටි සිත ඔබව වෙනස් කරනවා, ඔබ සිතන ආකාරය , ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කරනවා.

ඉහත උදාහරණයට අනුව බැලුවොත් ඔබේ යටි සිත මුලින්ම ඔබට, ඔබ කැමති පුද්ගලයා කැමති ආකාරයෙන් අදින්න, කතාකරන්න, හැසිරෙන්න පොලබවනවා. ඒ තුලින් ඔබ දෙදෙනා අතර සබදතාවය ගොඩනගනවා.
2. ඔබේ යටි සිත අවට පරිසරයේ තිබෙන තත්වයන් වෙනස් කිරීම සිදු කරනවා.
ඉහත ආකාරයෙන් තමන්ව වෙනස් කරනවාට අමතරව අනෙක් පුද්ගලයාගේ චිත්ත තරංග සමග සම්බන්ද වී ඔහු හෝ ඇය තුල ඔබ කෙරෙහි වන හැගීම් වෙනස් කරන්නත් ඔබේ යටි සිතට පුලුවන්. මෙය බොහෝ විට සිදුවෙන්නේ අනිත් පුද්ගලයාගේ චිත්ත තරංග වල ශක්තිමත් බාවය අනුව. ඔබේ චිත්ත තරංග වල ප්‍රබලත්වය අනෙක් පුද්ගලයාට වඩා වැඩිනම් ඔබේ යටි සිතට මේ දේ ලේසියෙන් කරන්න පුලුවන්.
3. අලුත් පරිසර සාදක ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරනවා.
ඉහත ආකාර දෙක හරහාම ඔබේ යටි සිතට ඔබට අවශ්‍ය දේ ලගා කර දෙන්න බැරි වුනොත් ඔබේ යටි සිත තුන් වෙනුව , ඒ වෙනුවට විකල්පයක් ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරනවා. ඒ කියන්නේ ඉහත උදාහරණය අනුවනම් ඔබ කැමති ආකාරයේ වෙනත් පුද්ගලයෙක් හෝ ඔබට හදුන්වාදීම සිදුකරනවා.
මේ ආකාරයෙන් ඔබේ යටි සිත ඔබේ ජීවිතයේ , මූල්‍ය, සෞඛ්‍ය, ආදරය හා පවුල් ජීවිතය, සාමාජීය සාර්ථකත්වය ආදී සෑම දෙයකටම අදාලව ක්‍රියාත්මක වීම සිදුවනවා. සමහර විට ඔබ මේ දේ අහන්නේ පළමු වතාවටනම් ඔබට සිතේවි මෙය ඇත්තටම වෙනවද කියලා. ඒ නිසා මම ඔබට ආරාධනා කර සිටිනවා පහත අභ්‍යාසය ප්‍රායෝගිකව උත්සාහ කරලා මේ දේ අත්විදින්න කියලා.


ලගාකරගන්නා ආකාරය
1. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ඉලක්කයක් සිහියට නගා ගන්න.
2. එම ඉලක්කයට ඔබ මේ මොහොත වන විටත් ලගා වී ඇති බව සිතන්න. එය දැනටමත් ලගා කරගෙන ඇති ඉලක්කයක් ආකාරයෙන් සිතන්න.
3. මෙවැනි අභ්‍යාස වෙනුවෙන්ම සැකසුනු පහත සංගීත කන්ඩයට සවන් දෙන ගමන් ඔබ ඔබට අවශ්‍ය ඉලක්කය දැනටමත් ලගා කරගෙන සිටීම පිලිබද සතුට සිතින් අත්විදින්න.
උදාහරණයක් ලෙස ඔබේ ඉලක්කය මූළ්‍ය ඉලක්කයක් නම්, එම ඉලක්කයට ලගා වීමේ සතුට අත්විදින්න, ඔබ එම මුදල දැන් වියදම් කරන ආකාරය , ඔබ එම ඉලක්කයට ලගා වීම නිසා ඔබේ ජීවිතය වෙනස් වෙන හැටි ගැන චිත්ත රූප මවන්න. සියලු චිත්ත රූපයන් ඔබ දැනටමත් ඔබේ ඉලක්කයට ලගා වී ඇතැයි යන තැන සිට මැවිමට වගබලා ගන්න.
මෙම අභ්‍යාසය දිනකට විනාඩි 10-15 අතර වේලාවක් කරන්න, දින කීපයක් යන විට ඔබේ ඉලක්කයට ලගා වීමට හැකි ආකාරයෙන් ඔබේ පරිසරය සැකසෙන ආකාරය වගේම ඔබේ ඉලක්කයට ලගා වීමට පහසු වන ආකාරයෙන් ඔබේ සිතුම් පැතුම් හා ක්‍රියාකලාපයන් වෙනස් වෙන ආකාරය ඔබටම දැනේවි.
මෙම අභ්‍යාසයේදී අවශ්‍ය වන මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු සංගීත කන්ඩයට පහත සබැදිය හරහා සවන් දෙන්න.


එහෙනම් හැමෝටම ජයවේවා.