October 27, 2018

Online ඉන්න අතරේ Pivot ඇප් එකෙන් සල්ලි හොයමු (100% Success)


අද කතා කරන්නෙ Free  Bit coin  හොයන හැටි 100% සාර්ථකයි 




මේක  Application  එකක් මේක ඔයාලාට ඔයාගේ  smart phone  එකට  install කරන්න පුලුවන්. නම Pivot මේ දවස් වල  trending  වෙන  app 1k.
ඉතින් මෙකෙ  free  හොයනවා කිවුවට  bit coin, සල්ලි  දෙන්නැ
මෙකෙ  ඔයාලා  Power කියලා දෙයක් හොයන්න ඔනි. 
හෙව්වාම ඔයාට මුදල් කරගන්න පුළුවන්.

06 $ වගේ උනාම සල්ලි withdraw කරන්න පුලුවන්... netller හරහා ez cash වලින්...  

ඉතින්  ඔයාලා දවසම  social media use  කරනවා ඇති. එකක්වත්  use  කරාට ඔයාට කිසිම මුදලක් අදාල ආයතනය ගෙවන්නේ නැ ඔයා  post  දානවට  comment  දානවට ලයික් දානවට.

ඉතින්  Pivot  කියන්නෙත් හරියට  facebook වගේ  app 1k. මේකෙත්  කට්ටිය  post  දානවා comment  දානවා  fb වගේ. ඔයාලාට හොයන්න තියෙන්නේ  powers  මෙකෙ එවා එක එක විදියට හොයන්න පුලුවන් post read කරලා share  කරලා 
යලුවන්ට ඉන්වයිට් කරලා වගේ.
මෙකෙ  powers  හොයන්න ලෙසිම විදිය තමා යලුවන්ට  invite  කරන එක  ඔයා ඉන්වයිට් කරපු ලින්ක් එකෙන් එයා    app අරන් register උනාම ඔයාට  power  10000  හම්බවෙනවා post read  කරාම හම්බවෙන්නේ එක  post  එකකට 100 power  අනික තමා ඔයා දුන්න ලින්ක් එකෙන් එයා ගියොත් එයාටත්  powers  ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ එයා  කරන  activity  අනුව ඔයාටත්  10% හමබ වෙනවා.
ඉතින් මෙක හොදම  අන්තර්ජාලය හරහා මුදල් උප යන්න තියන  ක්‍රමයක් 

මුලින්ම account එකක් හදා  ගන්නෙ කොහොමද...

පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයගේ gmail එක හරහා log වෙන්න... 

ඉන් පසුව download and install app කර ගන්න...



App එක දාගෙන සල්ලි හොයන්නෙ කොහොමද


🔻🔻🔻🔻

ඩේලි ටාස්ක් එක යටතේ පවර් එකතුකරගන්න පුළුවන් 


🔻🔻🔻🔻🔻🔻🔻

post read කරලා පවර් 100 ගානේ දවසට 40 ක් බලන්න පුළුවන්


ගෙට් රීඩ් පවර් ක්ලික් කලාම පවර් එකතුවෙනවා

🔻🔻🔻🔻🔻🔻🔻🔻


🔻🔻🔻🔻🔻🔻🔻

🔻🔻🔻🔻🔻🔻🔻

පවර් එකතු කලාම එකවුන්ට එකට මුදල් එකතුවෙනවා.



1) post read කරලා... post එකක් පහලට ගිහින් get read bonus එක click කරාම් points 100 k enawa.. දවස්ට් post වලින් power  4000ක් හොයන්න පුලුවන් 

2) ඔයගේ invite link එක හරහා යහලුවන්ට මේ app එක හදුන්වා දී එක්කෙනෙක් මේ ඇප් එක දා ගත්තොත් points 10000 k එනවා....එතකොට යහලුවො 4ක් කියන්නෙ points 40000 k ...ආසන්න වසයෙන් 1$ වගේ..

අද දවසේ හොයන points හෙට වෙද්දි zero වෙලා ඒවා සල්ලි වෙල පැය දහයකට පස්සෙ wallet කියන් තැන පෙන්වනවා..

06$ වගේ උනාම සල්ලි withdraw කරන්න පුලුවන්... netller හරහා ez cash වලින්... 

මේ ලින්ක් එකෙන් ගියොත් ඔයාට දවසට පොස්ට් 40 බලලා 4000 power හොයන්න පුලුවන්.
      👇👇👇👇👇


 ඉතින් මේ තියෙන්නේ මගේ ලින්ක් එක
https://www.pivot.one/app/invite_login?inviteCode=hioqqm

මෙකෙන් ගිහින් app  අරන්  regiter  උනොත් ඔයාට  powers  200 හම්බ වෙනවා.මෙකෙ  post read  කරන්න පුලුවන් දවසට  40 ඒ කියන්නේ 4000 powers යි. මෙකෙ සාර්ථක වෙන්න
කරන්න තියෙන හොදම දේ තමා  යාලුවන්ව මෙකට එක්කර ගන්න එක.

 ඉතින් මේ තියෙන්නේ මගේ ලින්ක් එක


හැමෝටම ජය වේවා 💲💱💰💰💰💰💵


August 25, 2018

ආකර්ෂණ නීතිය ප්‍රාෙයා්ගිකව භාවිතය

සුවිශේෂී සාර්ථකත්වයක් වෙනුවෙන් යටි සිත බලපෑම

සැහැල්ලුවෙන් මනස එක තැනක තියාගෙන මුලු ලිපියම කියවන්න. අපේ යටි සිත අපිට ලැබී තියෙන වටිනාම වස්තුව යයි හැදින්වුවොත් එහි කිසිම වරදක් නෑ, ජීවිතේ අපිට සිටින හොදම මිත්‍රයාත් , හොදම හතුරාත් විදිහට අපි අපේ යටි සිත හැදින්වුවොත් එහිත් කිසිම වරදක් නෑ. අපි බොහෝ දෙනෙක් තවමත් අපේ යටි සිතේ තිබෙන ශක්තිය කොතරම්ද? එයන් කොතරම් ප්‍රයෝජන ගත හැකිද යන්න නිවරැදිව වටහාගෙන නෑ. මෙන්න මේ නිසා අපි බොහෝ දෙනෙක් අපිට ඉතා පහසුවෙන් ලගා කරගත හැකි සාර්ථකත්වය පවා ලගා කර නොගෙන මුලු ජීවිත කාලයම ජීවත් වෙනවා.
සිග්මන්ඩ් ප්‍රොයිඩ් පවසන ආකාරයට සාමාන්‍ය මිනිසෙකු තම සිතේ ශක්තියෙන් ප්‍රයෝජනයට ගන්නේ 10%ටත් වඩා අඩු ප්‍රමානයක්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් බොහෝ විට තම සිතේ ශක්තියෙන් 90% ක් පමන නිකරුනේ අපතේ යවනවා. ඒ කියන්නේ අපි බොහෝ විට පාවිච්චි කරන්නේ අපේ උඩු සිත පමනයි, අපේ නොදැනුවත්කම නිසාම අපි බොහෝ දෙනෙක් සම්පූර්ණයෙන්ම වගේ අපේ යටිසිතෙන් ප්‍රයොජන ගනු ලබන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි කවුරුත් යමක වටිනාකම දන්නවානම් ඒ දෙය ආරක්ෂාකරගන්නවා මිස , එයින් ප්‍රයෝජන ගන්නවා මිස, එය නිකරුනේ අත්හැර දමන්නේ නෑ. ඒ නිසා ඔබ ඔබේ සිතේ ශක්තිය පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම තමන්ගේ හිතේ ශක්තිය කොතරම්ද කියන දේ දැනගෙන ක්‍රියාත්මක වීම ඉතා වැදගත්.


අපේයටි සිත කියන්නේ ඉතාම සුවිශේෂී දෙයක්, එක පැත්තකින් අපි සිතන මතන දේවල්, කරන කියන දේවල් කුමන ආකාරයෙන්ද යන්න 80%කට වැඩි ප්‍රමාණයක්ම තීරණය කරන්නේ අපේ යටි සිතේ ස්වභාවය. අනිත් පැත්තෙන් අපේ ජීවිතයේ අපිට ලැබෙන බොහෝ දේවල් වලට හේතුව වන්නේත් අපේ යටි සිත.

සාමාන්‍යයෙන් අපේ සිතන ආකාරය, ක්‍රියාකරන ආකාරය කියන දේ තීරණය වෙන්නේ අපේ සිතට අකාලයක් තිස්සේ අතුලු වුන දත්ත වලට සාපේක්ෂව අපේ යටි සිත තුල ගොඩනැගී ඇති ආකල්ප වලට අනුකූලව. මේ නිසා යම් කෙනෙක්ගේ යටි සිතේ ස්වභාවය වෙනස් වෙනවානම් ඒ තුලින් ඔහුගේ හෝ ඇයගේ ආකල්ප වල ස්වභාවයත් වෙනස් වෙනවා , ඒ වගේම සිතන ආකාරය, තීරන ගන්න ආකාරය වගේම, ක්‍රියා කරන ආකාරයත් වෙනස් වෙනවා.

අනෙක් අතට අපේ සිතුවිලි වලට අපේ ජීවිතයේ විවිද දේවල් වෙනස් කිරීමට හැකියාවක් තිබෙනවා, මේ දේ ඇත්තද බලන්න බොහෝමයක් පරීක්ෂණ පවා ලෝකය පුරා සිදුකර තිබෙනවා.
මෙයින් එක් පරීක්ෂණයක් තමයි Dr Masaru Emoto විසින් කරපු ජල අංශු පරික්ෂාව. මේ හරහා තමන්ගේ වචන හා සිතුවිලි වල ශක්තියෙන් ජල අංශු වල වෙනස් කම් කරන්න පුලුවන් බව ඔප්පු වුනා. මීට අමතරව යටි සිත බලගැන්වීම හරහා විවිද රෝගී තත්වයන් සුවකරන්න පුලුවන් බව අද නූතන වෛද්‍ය විද්‍යාව පවා පිලිගන්නවා.
ඒ වගේම චිත්තරූප මැවීම වැනි ක්‍රම හරහා තමන්ට අවශ්ය ඉලක්කය වෙත යාමට යටි සිත බලගැන්වීම් කිරීම තුලින් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීම අද වන විට ලෝකයේ බොහෝ පිරිසක් ප්‍රායෝගිකව බාවිතා කරනු ලබනවා. බොහෝ විට මෙය බොහෝ දෙනෙක් හදුන්වන්නේ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කර ගැනීම කියලා.
අද ඔබට මේ ලිපිය තුලින් කියා දෙන්නේ මේ අකාරයෙන්, ඔබේ සිතේ තියෙන ඕනෑම ඉලක්කයක් සිහිනයක් වෙනුවෙන් ලේසියෙන් ලගා වීමට ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන දේ.
අපේ යටි සිත සෑම වෙලාවකම අපිට අවශ්ය දේ අපිට ලගා කර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අපි කලින් යටි සිත කියන්නේ අපේ හොදම මිතුරා වැනි බව ප්‍රකාශ කලේ, නමුත් යටි සිත යමක් තිරුම් ගන්නා භාෂාව අපි අදහස් සන්නිවේදනය කරන භාෂාවට වඩා වෙනස්, මේ නිසා අපේ යටි සිත බොහෝ වෙලාවට අපිට අවශ්ය දේ කියලා වැරදි දේවල් තේරුම් අරගෙන, ඒ දේවල් අපි වෙතට ලගා කර දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට අපේ යටිසිත අපේ මිතුරා වුනත් ඇත්තටම බොහෝ දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්නේ සතුරෙක් විදිහට.

අපේ යටි සිත අපිට අවශ්‍ය දේ කුමක්ද කියලා තේරුම් ගන්නේ අපේ සිතේ මැවෙන චිත්ත රූප වලට අනුකූලව, ඒ චිත්ත රූප මැවෙන මොහොතේ ඔබට දැනන හැගීම් වල ප්‍රබලත්වය සමග එය ඔබට කොතරම් දුරට අවශ්‍යද කියන දේ තේරුම් ගනු ලබනවා. නමුත් අපේ යටි සිතට මේ මැවෙන චිත්ත රූපය අපට අවශ්‍ය දෙයක් ගැනද, අනවශ්‍ය දෙයක් ගැනද කියන එක තේරුම් ගන්න හැකියාවක් නෑ. මේ නිසා ඔබ වැඩි පුරම සිතන්නේ කුමක්ද එය ඔබේ ජීවිතයේ යතාර්ථය කරන්න ඔබේ යටි සිත ක්‍රියා කරනවා.

උදාහරනයක් විදිහට අපි හිතමු ඔබේ සිතේ කවුරුන් හෝ ගැන කැමැත්තක් ඇතිවුනා කියලා. ඔබට අවශ්යයි ඔහු හෝ ඇය සමග ප්‍රේම සබදතාවක් ඇතිකරගන්න කියලා. මේ අවශ්‍යතාවයත් එක්ක ඔබේ සිතේ මැවෙන චිත රූපයේ ස්වභාවය කුමක්ද එය තමයි බොහෝ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත් වෙන්නේ. මොකද ඔබේ යටි සිත නිරායාසයෙන්ම එය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා.
ඔබේ සිතේ මෙවැනි අවශ්‍යතාවයකට අදාලව මැවෙන චිත්ත රූප ගැන සිතන්න, එය ඔබ ඔහු හෝ ඇය සමග සබදතාවක් ගොඩනගා ගන්න යාමේදී එය සාර්ථක නොවීමට හැකි ආකාර පිලිබද චිත්ත රූප නම් , ඔබේ මනස ඔබට ලගාකර දෙන්න උත්සාහ කරන යතාර්ථය බවට පත් වෙන්නේ එම සබදතාවයේ අසාර්ථකත්වය. ඇත්තටම ඔබට අවශ්‍ය දේ එය නොවුනත් ඔබේ මනස තේරුම් ගන්නේ ඔබට අවශ්‍ය දේ වන්නේ අසාර්ථකත්වය කියලා.
නමුත් මේ අවශ්‍යතාවයත් එකක් ඔබේ සිතේ මැවෙන චිත්ත රූපය වෙන්නේ ඔබ ඔහු හෝ ඇය සමග සබදතාවය ගොඩනගා ගත් පසු තත්වයනම්, ඒ හරහා ඔබේ මනස තේරුම් ගන්නේ ඔබට ඒ ආකාරයෙන් සබදතාවක් සහිතව ජීවත් වෙන්න අවශ්ය බව, මේ නිසා ඔබේ යටි සිත එයත් සමග ඒ දේ ඔබට ලගා කරදෙන්න කටයුතු කරනවා.
දැන් ඔබ බලයි අපේ යටි සිත කොහොමද ඒ දේ යතාර්ථයක් කර දෙන්න කටයුතු කරන්නේ කියලා. එය ආකාර කීපයකින් සිදුවෙනවා.

1. ඔබේ යටි සිත ඔබව වෙනස් කරනවා, ඔබ සිතන ආකාරය , ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කරනවා.

ඉහත උදාහරණයට අනුව බැලුවොත් ඔබේ යටි සිත මුලින්ම ඔබට, ඔබ කැමති පුද්ගලයා කැමති ආකාරයෙන් අදින්න, කතාකරන්න, හැසිරෙන්න පොලබවනවා. ඒ තුලින් ඔබ දෙදෙනා අතර සබදතාවය ගොඩනගනවා.
2. ඔබේ යටි සිත අවට පරිසරයේ තිබෙන තත්වයන් වෙනස් කිරීම සිදු කරනවා.
ඉහත ආකාරයෙන් තමන්ව වෙනස් කරනවාට අමතරව අනෙක් පුද්ගලයාගේ චිත්ත තරංග සමග සම්බන්ද වී ඔහු හෝ ඇය තුල ඔබ කෙරෙහි වන හැගීම් වෙනස් කරන්නත් ඔබේ යටි සිතට පුලුවන්. මෙය බොහෝ විට සිදුවෙන්නේ අනිත් පුද්ගලයාගේ චිත්ත තරංග වල ශක්තිමත් බාවය අනුව. ඔබේ චිත්ත තරංග වල ප්‍රබලත්වය අනෙක් පුද්ගලයාට වඩා වැඩිනම් ඔබේ යටි සිතට මේ දේ ලේසියෙන් කරන්න පුලුවන්.
3. අලුත් පරිසර සාදක ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරනවා.
ඉහත ආකාර දෙක හරහාම ඔබේ යටි සිතට ඔබට අවශ්‍ය දේ ලගා කර දෙන්න බැරි වුනොත් ඔබේ යටි සිත තුන් වෙනුව , ඒ වෙනුවට විකල්පයක් ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරනවා. ඒ කියන්නේ ඉහත උදාහරණය අනුවනම් ඔබ කැමති ආකාරයේ වෙනත් පුද්ගලයෙක් හෝ ඔබට හදුන්වාදීම සිදුකරනවා.
මේ ආකාරයෙන් ඔබේ යටි සිත ඔබේ ජීවිතයේ , මූල්‍ය, සෞඛ්‍ය, ආදරය හා පවුල් ජීවිතය, සාමාජීය සාර්ථකත්වය ආදී සෑම දෙයකටම අදාලව ක්‍රියාත්මක වීම සිදුවනවා. සමහර විට ඔබ මේ දේ අහන්නේ පළමු වතාවටනම් ඔබට සිතේවි මෙය ඇත්තටම වෙනවද කියලා. ඒ නිසා මම ඔබට ආරාධනා කර සිටිනවා පහත අභ්‍යාසය ප්‍රායෝගිකව උත්සාහ කරලා මේ දේ අත්විදින්න කියලා.


ලගාකරගන්නා ආකාරය
1. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ඉලක්කයක් සිහියට නගා ගන්න.
2. එම ඉලක්කයට ඔබ මේ මොහොත වන විටත් ලගා වී ඇති බව සිතන්න. එය දැනටමත් ලගා කරගෙන ඇති ඉලක්කයක් ආකාරයෙන් සිතන්න.
3. මෙවැනි අභ්‍යාස වෙනුවෙන්ම සැකසුනු පහත සංගීත කන්ඩයට සවන් දෙන ගමන් ඔබ ඔබට අවශ්‍ය ඉලක්කය දැනටමත් ලගා කරගෙන සිටීම පිලිබද සතුට සිතින් අත්විදින්න.
උදාහරණයක් ලෙස ඔබේ ඉලක්කය මූළ්‍ය ඉලක්කයක් නම්, එම ඉලක්කයට ලගා වීමේ සතුට අත්විදින්න, ඔබ එම මුදල දැන් වියදම් කරන ආකාරය , ඔබ එම ඉලක්කයට ලගා වීම නිසා ඔබේ ජීවිතය වෙනස් වෙන හැටි ගැන චිත්ත රූප මවන්න. සියලු චිත්ත රූපයන් ඔබ දැනටමත් ඔබේ ඉලක්කයට ලගා වී ඇතැයි යන තැන සිට මැවිමට වගබලා ගන්න.
මෙම අභ්‍යාසය දිනකට විනාඩි 10-15 අතර වේලාවක් කරන්න, දින කීපයක් යන විට ඔබේ ඉලක්කයට ලගා වීමට හැකි ආකාරයෙන් ඔබේ පරිසරය සැකසෙන ආකාරය වගේම ඔබේ ඉලක්කයට ලගා වීමට පහසු වන ආකාරයෙන් ඔබේ සිතුම් පැතුම් හා ක්‍රියාකලාපයන් වෙනස් වෙන ආකාරය ඔබටම දැනේවි.
මෙම අභ්‍යාසයේදී අවශ්‍ය වන මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු සංගීත කන්ඩයට පහත සබැදිය හරහා සවන් දෙන්න.


එහෙනම් හැමෝටම ජයවේවා.

August 12, 2018

කිසිදා උත්සාහය අත්හැරීම අත්නොහැර අරුම පුදුම මිනිසා

කිසිදාක උත්සාහය  අත්නොහරින්න

NEVER NEVER EVER GIVE UP

තෝමස් අල්වා එඩිසන්

Thomas Edison2.jpg

ඇමෙරිකානු පේටත්ට් බලපත්‍ර 1093 ක් මොහුට හිමිය.

වර්ෂ 1847 ඇමෙරිකාවේ ඔහියෝ හිදී උපත ලද තෝමස් එඩිසන් දරුවන් සත් දෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා විය. පාසැලේදී නිතර විසිරුණු මනසකින් තරමක කලබලකාරී ස්වභාවයකින් ඔහු කටයුතු කළේය. මේ නිසාම ඔහුගේ ගුරුවරයා ඔහු සිහි විකල් වූවෙකු සේ සැලකූ අතර ඔහුගේ පාසැල් ගමන මාස 3 කට සීමාවිය. ඉන්පසු ඔහුගේ මව ඔහුට නිවසේදී පාඩම් කියා කියා දුන්නාය. එඩිසන් බාල වියේදීම ශ්‍රවණ ආබාධිත තත්වයට පත් විය. ඔහු කුඩා කල වැළඳුනු උණ රෝගයක් මෙයට හේතු වන්නට ඇතැයි සැලකේ. තවද පසුකලෙක එඩිසන් විසින් දුම්රිය මැදිරියක් තුළ පවත්වාගෙන ගිය රසායනාගාරයක ඇතිවූ ගින්නක් නිසා කෝප වුනු එක් දුම්රිය ගාඩ්වරයෙකු ඔහුගේ කනට ගැසීම නිසාද ඔහු ගේ ශ්‍රවණ ආබාධිත තත්වයන් වැඩිවූ බව පැවසේ.


එඩිසන් ට සිය වියදම් සොයා ගැනීම සදහා දුම්රිය වල පුවත් පත්, රස කැවිලි සහ එළවළු විකිණීමට සිදු විය. කෙසේ වුවද මෙම අත්දැකීම එඩිසන්ට පසු කලෙක මහා ව්‍යාපාරිකයෙකු වීමටද බලපෑ බව සඳහන් වෙයි. එක්තරා දිනෙක තෙහැවිරිදි දරුවෙකු එඩිසන් විසින් දුම්රිය අනතුරකින් බේරා ගැනීම නිසා එයට කෘත ගුණ සැලකීමක් ලෙස එම දරුවාගේ පියා එඩිසන්ට ටෙලිග්‍රාෆ් ක්‍රියා කරවන්නෙකු ලෙස පුහුණු වීමට උපකාර කලේය. 1866 වසරේ 19 හැවිරිදි එඩිසන් ''වෙස්ටර්න් යුනියන්'' සමාගමේ ටෙලිග්ටාෆ් ක්‍රියාකරවන්නෙකු ලෙස සේවයට බැඳුනේය. ඔහු සිය කැමැත්තෙන්ම රාත්‍රී වැඩ මුරය තෝරාගන්තේ සිය විනෝදාංශයන් වන පොත් කියවීමටත් පර්යේෂණවල යෙදීමටත් ඕනෑතරම් කාලයක් තමන්ට ලැබුනු බැවිනි. දිනක් අත්වැරැදීමකින් එඩිසන් අතින් බිම හැලූනු සල්ෆියුරික් අම්ල බිම් ලෑලි තුලින් ගොස් පහත මාලයේ වූ ප්‍රධානියාගේ මේසය මත වැටීම නිසා පසුදිනම එඩිසන්ට සිය රැකියාව අහිමි විය. එකල ඔහුගේ සගයෙකු ඔහුට නිව්ජර්සි වල තිබූ සිය නිවසේ බිම්මහල දුන් බැවින් එඩිසන් එහි සිට සිය කටයුතු කරගෙන ගියේය.


ඔහුට ප්‍රසිද්ධිය ගෙන දුන් මුල්ම නිපැයුම වන ග්‍රැමපෝනය නිපදවූයේ 1877 වසරේදීය. මෙය විශාල වශයෙන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගත් නිපැයුමක් විය. ඔහු ''මෙන්ලෝ පාක්හි මැජික් කරුවා'' යන නමින් ජනතාව අතර ප්‍රකට විය. එඩිසන් විසින් තමන් නිපදවූ වැඩි දියුණු කරන ලද ටෙලිග්‍රාෆ් යන්ත්‍රය විකුණා ලත් මුදලින් මෙන්ලෝපාක් හි පර්යේෂණාගාරයක් ආරම්භ කලේය. එඩිසන් බොහෝ ප්‍රචලිත වූයේ ඔහු නිපදවූ විදුලි බුබුල නිසාය. 

එම විදුලි බුබුල නිපදවීමට 1000 වතාවක් අසාර්තක වී ඇත.
එම අවස්ථාවේ ඇමෙරිකානුු මාධ්‍යවෙදියෙකු මොහුුගෙන් විමසා ඇත්තේ, ඔබ 1000 වතාවක් අසාර්තකවී ඇති බැවින් මෙය නිශ්පල ක්‍රියාවක් බවයි. 
එහිදී මොහු පවසා ඇත්තේ මම අසාර්විතක නැහැ  විදුලි බුබුලක් නොසෑදිය යුතු ආකාර 1000 ක් සොයා ගත් බවයි.  
i have not failed i've just found 10000 ways that won't work
1001 වෙනි වත‍ාවේ එය සාර්තක වී ඇත.

සත්‍ය වශයෙන්ම ඔහුට ප්‍රථම විදුලි බුබුල නිපදවූ විද්‍යාඥයින් සිටිය ද ලොව ප්‍රථම වාණිජ වශයෙන් සාර්ථක වූ තාපෝජ්වලිත විදුලි බුබුල නිපදවූයේ ඔහුය. ඒ 1879 දීය.



1880 වසරේදී එඩිසන් විදුලි බලය ඛෙදා හැරීමේ ක්‍රමවේදය සදහා පේටන්ට් බල පත්‍රය ලබා ගත්තේය. ඒ සඳහා ඔහු වෙනම සමාගමක් ද ආරම්භ කෙළේය. 1882 වන විට ඔහු වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයක් ද ආරම්භ කලේය.
එඩිසන් විසින් දුරකථන සදහා භාවිතා කරන කාබන් මයික්‍රෝෆෝනය නිපදවුයේ 1877-1878 කාලයේදීය. එය 80 දශකය දක්වාම ලොව භාවිතා කලේය. මෙයට අමතරව ''කයිනෙටොස්කෝප්'' නම් ලොව මුල්ම චලනචිත්‍ර ප්‍රදර්ශකය ද එඩිසන්ගේ නිර්මාණයක් වෙයි.



ජීවිතය කිසිදිනෙක කිසිවෙකුට එක ලෙසම දුක හෝ සැප ලබා දෙන්නක් නොවෙයි. එඩිසන්ද සිය ජීවිතය තුල ජය පරාජය ලාභ අලාභ සියල්ලටම මුහුණ දුන්නේය. නමුත් ඒ කිසිවෙකින් නොසැලී ඔහු සිය අරමුණ කරා ගමන් කලේය. වරෙක ඔහුගේ පර්යේෂණාගාරය ගින්නෙන් වැනසීගියේ ඔහුට අතිමහත් වූ පාඩුවක් සිදු කරමිනි. නමුත් ඔහු යළිත් සියල්ල මුලසිට ආරම්භ කර ඔහුගේ පර්යේෂණ කටයුතු නොකඩවා කරගෙන ගියේය.


දුම්රිය තුළ පුවත්පත් විකුණමින්, එළවළු විකුණමින් ඇරඹි ළමා කාලය ද, ටෙලෙග්‍රාප් ක්‍රියාකරුවෙකු ලෙස ඇරඹි තරුණවිය ද ඉන් නොනැවතී සිය මුලූ දිවියම නව නිපැයුම් සහ පර්යේෂණ වෙනුවෙන් ගත කර ලෝකයම ආලෝකවත් කල මෙම ශ්‍රේෂ්ඨ මිනිසා 1931 ඔක්තෝබර් 18 වනදින මෙලොවින් සමුගත්තේය.

මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි.

මම කිසිවිටෙක අසමත්වී නොමැත. ඒ වෙනුවට දෙයක් ක්‍රියා නොකරන ක්‍රම දහස් ගණනක් සොයාගෙන ඇත.
අවසාන පුද්ගලයා හැර ගිය තැනින් මම ආරම්භ කරමි.
අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි අනෙකුත් ජීවීන්ට හිංසාකරන්නේ නම් තවමත් ම්ලේච්ඡයෝ වෙමු.
අදහසක වටිනාකම රැඳී තිඛෙන්නේ එහි ප්‍රයෝජනවත් බව තුලයි.
වැඩි විස්තර මෙතනින්