January 19, 2017

DasCoin දැවැන්තම අන්තර්ජාලආයෝජනයක්



මේ ඇත්තටම e-Money සම්බන්ධව දාන වටිනාම, ඒ වගේම වැදගත්ම පෝස්ට් එකක්. ඒ නිසා මේකෙ එක අකුරක්වත් අතාරින්නෙ නැතුව අවබෝධයෙන් කියවන්න. එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් වුණත් කමක් නෑ. 



DasCoin වලට එන්න කලින් මම Bitcoin ගැන යමක් කියලා ඉන්නම්. Bitcoin කියන්නේ රුපියල්, ඩොලර්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. හැබැයි රුපියල් වගේ කාසි නෝට්ටු Bitcoin වල නෑ. ඒ කියන්නෙ අතින් අල්ලන්න බෑ. Bitcoin භාවිතා වෙන්නෙ අන්තර්ජාල ගනුදෙනු වලට විතරයි. ඒ වගේ මුදල් ඒකක වලට CryptoCurrency කියන නම පොදුවේ පාවිච්චි කරනවා. Bitcoin අන්තර්ජාලයේ විතරක් භාවිතා වුණත් වෙන මුදල් ඒකක වලට හරවලා අතට ගන්න පුළුවන්. ඒ කියන්නෙ ලංකාවෙ අපිට නම් රුපියල් වලට හරවලා අතට ගන්න පුළුවන්

අද වෙනකොට මේ කියන Bitcoin වගේ CryptoCurrency වර්ග ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වෙන යුරෝ, ඇමරිකන් ඩොලර් වගේ ඒවා අභිබවලා ඉදිරියට ඇවිත් තියෙනවා.

2011 දි Bitcoin එකක මිල ඇමරිකන් ඩොලර් වලින් 0.05 ක් (රු.5) වගේ වටිනාකමක තමයි තිබ්බේ. ඒත් අද වෙනකොට Bitcoin එකක මිල ඇමරිකන් ඩොලර් 750 (රු. 100,000) කටත් වඩා වැඩියි. මේ ප්‍රස්ථාරයෙන් පෙන්නනවා 2011 ඉඳලා අද වෙනකන් Bitcoin මිල වැඩි වෙච්ච හැටි. 

හිතන්න 2011 දි ඔයා රුපියල් 5,000 ක Bitcoin අරන් තියාගෙන හිටියා නම් අද වෙද්දි වටිනාකම කීයක්ද කියලා. එදා රුපියල් 5,000 ට Bitcoin 1,000 ක් ගන්න පුළුවන්කම තිබුණා. එහෙම අරගෙන තියාගෙන හිටියා නම් අද ඒවයේ මුළු වටිනාකම රුපියල් කෝටි 10 කටත් වඩා වැඩියි.

ඒ වගේම තමයි Ethereum කියන මුදල් ඒකකය නැත්නම් CryptoCurrency එක. මේක නම් හඳුන්වලා දීලා වැඩි කාලයක් නෑ. ගිය අවුරුද්දේ (2015) තමයි මේක හඳුන්වලා දුන්නේ. ගිය අවුරුද්දේ Ethereum එකක වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් 0.5 ක් (රු.70) වගේ. නමුත් අවුරුද්දකට පස්සෙ අද වෙද්දි Ethereum එකක වටිනාකම ඇමරිකන් ඩොලර් 10 (රු.1,500) කටත් වඩා වැඩියි. මේ ප්‍රස්ථාරයෙන් බලා ගන්න Ethereum වල මිල පහුගිය අවුරුද්දෙ ඉඳල අද වෙනකන් වෙනස් වෙච්ච හැටි.


ගිය අවුරුද්දේ රු.7,000 ක Ethereum අරන් තිබ්බා නම් අද වෙද්දි ඒවයෙ වටිනාකම රු.150,000 ක් වෙනවා.

දැන් මේවා කියවනකොට අපරාදෙ කියලා හිතෙනවා ඇති. Bitcoin ඒ ගාණට තියෙනකොට සත්සයුර තිබුණෙත් නෑ, ලියන මම ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ. ඒ වගේම Ethereum හඳුන්වල දෙනකොටත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.

ඒ අවස්ථා දෙකම අපිට මඟහැරුණත් ඔන්න දැන් තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි DasCoin.
කලින් කිව්ව Bitcoin සහ Ethereum ගැන දැනගත්ත ඔයා, DasCoin ගැන ඇහුවොත් පුදුම වෙයි. දැන් මේ කියන්න හදන්නෙත් ඒ ගැනම තමයි.

මේ වීඩියෝ එකත් බලල ඉන්නකෝ



DASCOIN වලින් කොච්චර ලාභයක් ලැබෙයි ද?


මේක තමයි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ. මේකට උත්තර දෙකක් තියෙනවා.

දීර්ඝ කාලීන ප්‍රතිලාභය: ඔයා අද DasCoin පැකේජ් එකක් ගත්තොත් අවුරුදු 02 කට විතර පස්සෙ ඔයා පැකේජ් එක ගන්න වියදම් කළා වගේ කිහිප ගුණයක ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කියලා අනුමාන කරලා තියෙනවා. (උදාහරණයක් විදිහට ඔයා යුරෝ 100 ක පැකේජ් එකක් ගත්තොත් අවුරුදු 02 කට විතර පස්සෙ ඒ වගේ කිහිප ගුණයක ප්‍රතිලාභයක් එනවා.)
කෙටි කාලීන ප්‍රතිලාභය: ඔයා DasCoin පැකේජ් එකක් අරගෙන ඒකෙ මිල වැඩිවෙනකන් සද්ද නැතුව බලාගෙන ඉන්නවා වෙනුවට යාළුවන්ටත් ඒක හඳුන්වලා දුන්නොත් සතියකට උපරිමය විදිහට යුරෝ 35,000 ක් වෙනකන් හොයන්න පුළුවන්. ඒ හොයන මුදල මාසෙකට සැරයක් හරි සතියකට සැරයක් හරි ඔයාගේ බැංකු ගිණුමටම ගෙන්න ගන්න පුළුවන්. 

Bitcoin සහ DasCoin

Bitcoin වල තියෙන දුර්වලතා ගොඩක් DasCoin වලින් මඟහැරලා තියෙනවා. ඒ නිසා Bitcoin වලටත් වඩා DasCoin සාර්ථක වේවි කියල තමයි ලෝකයේ මේ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න බොහෝ දෙනාගේ අදහස.


Bitcoin සහ DasCoin අතර සරල සංසන්දනයක්.



DasCoin  වල විශේෂත්වය.


  • Bitcoin වගේම DasCoin වලිනුත් ඉදිරියේදී අපිට ගනුදෙනු කරන්න පුළුවන් වේවි. ඒ කියන්නේ E-bay එකෙන් බඩු ගෙන්නන්න වගේ internet payment වලට DasCoin වලින් ගෙවන්න පුළුවන් වේවි.
  • Bitcoin වලින් ගෙවීමක් කළාම ඒක සම්පූර්ණ වෙන්න පැයක විතර කාලයක් යනවා. නමුත් DasCoin වලදි තත්පර කිහිපයක් ඇතුළත ගෙවීම් කරන්න පුළුවන්. ඒක සුවිශේෂී කාරණයක්.
  • Bitcoin නීති විරෝධී ගනුදෙනු වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද නමක් ගමක් නැතුව දෙන්නෙ වුණත් Bitcoin වලින් ගනුදෙනු කරන්න පුළුවන් නිසා. නමුත් DasCoin වලදි එහෙම බෑ. අනිවාර්යයෙන්ම DasCoin වලින් ගනුදෙනු කරනවා නම් අනන්‍යතාවය තහවුරු කරන්නම ඕනේ.
  • Bitcoin වලින් ගනුදෙනු කරන්න පුළුවන් සීමිත පිරිසක් අතර විතරයි. ඒ කියන්නෙ හැම තැනකටම Bitcoin වලින් ගෙවන්න බෑනෙ. තාමත් Bitcoin පාවිච්චි කරන පිරිස සෑහෙන අඩුයි. නමුත් DasCoin වල අලෙවිකරණ ක්‍රමෝපාය වගේම අනිත් සුවිශේෂී ලක්ෂණ නිසා DasCoin වලට වැඩි දෙනෙක් ආකර්ෂණය වේවි.
  • Bitcoin වල තියෙන ඒකාධිකාරය එහෙමත් නැත්නම් සුළු පිරිසක් අතේ තියෙන විශාල බලය DasCoin වල දකින්න ලැබෙන එකක් නෑ. ඒ වෙනුවට වැඩි දෙනෙකුට ප්‍රතිලාභ ලබන්න මේක හොඳ අවස්ථාවක් වේවි.

DasCoin මිලදී ගන්නේ කොහොමද?


දැන් හැම කෙනෙකුටම DasCoin ගැන වගේම CryptoCurrency ගැනත් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කිියල හිතනවා.

 DasCoin තාමත් සාමාන්‍ය ගනුදෙනු වලට නිකුත් කරලා නැති නිසා පැකේජ විදිහට තමයි ගන්න තියෙන්නෙ. DasCoin එකක් දෙකක් ගන්න බෑ.

DasCoin වල ප්‍රධාන සමාගම් ජාලයේ NetLeaders කියන සමාගමෙන් Software Licence එකක් මිලදී අරන් අපිට DasCoins generate කරන්න පුළුවන්DasCoin පැකේජ් මිල කරලා තියෙන්නෙ යුරෝ වලින්. අඩුම පැකේජ් එක යුරෝ 100 යි. (රු.18,500 ක් වගේ transaction වලටත් එක්කම) වැඩිම පැකේජ් එක යුරෝ 25,000 යි. මේ මිල ගණන් වලට අපිට  DasCoin Software Licence එකක් මිලදී ගන්නට පුළුවන්.

මෙන්න මේ විදිහට තමයි DasCoin Software Licence පැකේජ තියෙන්නේ.





ගාණ ටිකක් සැරයි තමයි. නමුත් ඔයා පැකේජ් එකක් ගත්තොත් ආයෙ වචන දෙකක් නෑ ගොඩම තමයි. DasCoin අරගෙන ඉවර වෙලා කරන්න කිසිම දෙයක් නෑ. DasCoin මිල වැඩිවෙනකන් බලන් ඉන්න විතරයි තියෙන්නෙ. ඒ නිසා e-Money දැනුමක් නැති කෙනෙකුට වුණත් ලේසියෙන්ම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. 
ඒ වගේම කැමති නම් promote කරලා අමතර ආදායමක් හොයාගන්නත් පුළුවන්. 

යුරෝ වලින් මිල කරලා තිබුණට ලංකාවෙ අපිට මේ පැකේජ් ගන්න පුළුවන් Bitcoin වලින් විතරයි.  ඒ නිසා පැකේජ් එකේ වටිනාකමට හරි යන්න තමන්ගේ credit හෝ debit කාඩ් එක පාවිච්චි කරලා Bitcoin අරගෙන ඉන්න වෙනවා.

DASCOIN ගමු ද එහෙනම්?


2017 මැයි 01 වෙනකන් ගන්නා පැකේජ වලට 10% වැඩිපුර දෙනවා කරන්න. මැයි 01 පසුව බොනස් එක 5% දක්වා අඩුවෙනවා. සතියෙන් සතිය DasCoin මිල වැඩි වෙනවා. 

එහෙනම් දැන් ගිණුමක් හදා ගමු.

මුලින්ම NetLeaders.com වෙබ් අඩවියට යන්න. ඒක තමයි DasCoin නිකුත් කරන නිල වෙබ් අඩවිය වෙන්නෙ.

දැන් ගිණුමක් හදන්න කියලා form එකක් එනවා. ඒකෙ පහළ තියෙන විදිහට විස්තර ටික දීලා REGISTER කියන button එක ක්ලික් කරන්න. ඉදිරියේදී අපිට ගිණුම verify කරන්න වෙන නිසා ඇත්ත විස්තරම දෙන්න මතක තියා ගන්න. බොරු ඒවා නම් දෙන්න එපා. ඇත්ත විස්තර දුන්නට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඔයාගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා. 


හරියට විස්තර ටික පිරෙව්ව නම් මෙහෙම මැසේජ් එකක් එනවා.



form එක පුරවද්දි ඔයා දුන්න ඊ-මේල් එකට mail එකක් ඇවිල්ලා ඇති. දැන් E-mail account එකට ලොග් වෙලා ඒ ආපු ඊ-මේල් එකේ තියෙන ලික්ක් එක ක්ලික් කරලා confirm කරන්න. 



confirm වුණාම මෙහෙම මැසේජ් එකකුත් එක්ක form එකක් එනවා. 

දැන් කලින් දීපු username, password ගහලා ගිණුමට ලොග් වෙන්න.


ඉතිරි විස්තර ටිකත් නිවැරදිව පුරවන්න.



තමාගේ ප්‍රදේශයේ තැපැල් සංකේත අංකය  නොදන්නේනම්   Postal Code

දැන් තියෙන්නෙ තමන් මිලදීගන්න පැකේජ් එක තෝරගන්න. ඕන නම් පස්සෙ තව පැකේජ් මිලදීගන්නත් පුළුවන් තමන්ගෙ ගිණුමටම. මේ විදිහට එන ලිස්ට් එකෙන් තමන්ගෙ පැකේජ් එක තෝරන්න.



ඊළඟට එනවා agreement එක. ඒක කියවලා (කියවලා කිව්වට ඉතින් කීයෙන් කී දෙනාද ඕවා කියවන්නෙ!) අන්තිමට හරි ලකුණ (tick) දාලා PROCEED ක්ලික් කරන්න.





ගෙවන ක්‍රමය තෝරන්න තමයි ඊළඟට තියෙන්නෙ. Bank Wire වලින් ලංකාවෙ අපිට ගෙවීම් කරන්න බෑ මේකට. ඒ නිසා අනිවාර්යෙන්ම තෝරන්න වෙන්නෙ Bitcoin විතරයි. ඒ නිසා ගෙවීම් ක්‍රම වලින් උඩම තියෙන Bitcoin payment තෝරන්න. 




දැන් එන්නෙ Advocate කියලා page එකක්. මේක DasCoin වලට අළුතෙන් හඳුන්වලා දෙන අංගයක්. 

ඔයා DasCoin තවත් අයට හඳුන්වලා දීලා DasCoin වලින් එන ප්‍රතිලාභයට අමතරව මාසික ආදායමක් ගන්න කැමති නම් මේ ගාස්තුව ගෙවන්න ඕනේ. නැත්නම් ඔයා හඳුන්වලා දෙන අයගෙන් commission එක ඔයාට ලැබෙන්නේ නෑ. 

හැබැයි මේක ගෙවන්න ඕනා එකම එක පාරක් විතරයි. මාසිකව ගෙවීමක් නෑ. 

පැකේජ් එක ගන්නකොටම මේක ගෙවන්න ඕනා කියලා දේකුත් නෑ. පස්සේ සල්ලි තියෙන වෙලාවක ගෙවන්නත් පුළුවන්.
නැත්නම් නොගෙවාම ඉන්නත් පුළුවන්. මේක අනිවාර්ය දෙයක් නෙවෙයි. 







ඔයා මේ ‍fee එක ගෙවනවා නම් Yes, I want to become an advocate කියන එකට හරි ලකුණ දාන්න. නැත්නම් නොදා ඉන්න. අන්තිමට පහළ තියෙන button එක ක්ලික් කරන්න.

හරියට විස්තර ටික දුන්න නම් අපේ ගෙවීමට අදාළව  විස්තර Bitcoin payment Invoice එකකින් හෝ 
E-mail එකකින්  ගෙවිය යුතු Bitcoin ප්‍රමාණය හා Bitcoin address එක එවනු ලබයි. 

Invoice  ඒකක් නම් අන්තිමට තියෙන PAY INVOICE WITH BITCOIN කියන button එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.  

 E-mail එකෙන්නම් ඒකෙ අන්තිමට තියෙන Confirm and Finished කියන button එක ක්ලික් කරන්න.




ඉන්පසු විනාඩි  කීපයකින් පසු ඔබට E-mail එකෙන්නම් ගෙවිය යුතු BitCoin ප්‍රමාණය හා BitCoin address එක එවනු ලබයි.




දැන් ඔයා මේකට ගෙවන්න Bitcoin ගන්න ඕනෙ කාඩ් එකෙන් ගෙවලා. ඒකට Bitcoin ගන්න තැනක් ඕනෙ
Bitcoin ගන්න පුළුවන් තැන් කිහිපයක්


  • Faxfull
  • Coinmama
  • Localbitcoins
  • Payza
  • Indacoin
  • Bitcoin.com
  • Ebay- 


මෙවායින් එකකින් ඕන කරන Bitcoin ගාණ ගන්න වෙනවා

නැත්නම් මට මැසේජ් එකක් දාලා කියන්න  Roshan Vithanage   BitCoin අරන් දෙන්න පුළුවන්.  Hatton National Bank (HNB) එකට සල්ලි දාන්න විතරයි ඕනේ.

වැදගත්: හැබැයි කෙළින්ම අදාළ exchanger එකෙන් NetLeaders එකට Bitcoin යවන්න එපා. Xapo, Blockchain, Coinbase වගේ Bitcoin wallet එකකට Bitcoin ටික අරගෙන එතනින් Netleaders එකෙන් දුන්න address එකට යවන්න. ඒක කෙළින්ම යවනවට වඩා ආරක්ෂිතයි.




Bitcoin යැව්වට පස්සෙ පැයක් දෙකක් යනවා ඒක transfer වෙන්න. ඒ දුර්වලතාව DasCoin වල මගහරිනවා කියල අපි කතා කළානෙ. කොහොමහරි පැය කිහිපයකින් ඊ-මේල් එකක් ඒවි පැකේජ් එක active වුණා කියලා. ඉන් පස්සෙ කරන්න තියෙන්නෙ NetLeaders එකට ලොග් වෙලා බලන එක විතරයි. ඔයාට දකින්න ලැබේවි  ඔයාගෙ පැකේජ් එක active වෙලා තියෙනවා.

දැන් කරන්න තියෙන්නෙ ඉතින් DasCoin මිල වැඩි වෙනකන් බලන් ඉන්න එක විතරයි. Promote කරන අයට නම් ඉතින් දැන් තමයි වැඩ තියෙන්නෙ.

ඔන්න DasCoin ගැන මූලික දේවල් වගේම පැකේජ් එකක් හරියට මිලදී ගන්න විදිහ ගැනත් අපි පුළුවන් තරම් සරල විදිහට කතා කළා.

මං හිතනවා මේක කියවන හැම කෙනෙක්ම කොහොමහරි අඩුම තරමින් යුරෝ 100 ක පැකේජ් එකක්වත් අරගෙන මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනීවි කියලා.

මේ ගැන මොනවහරි අහන්න තියෙනව නම් පහළින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් කෙළින්ම ෆේස්බුක් එකට message එකක් දාන්නත් පුළුවන්.

මාගේ විශේෂ ස්තූතිය උමයංග මල්ලිට සහ ලක්ෂාන් අයියාට.

ජයවේවා හැමෝටම!⇧


January 13, 2017

ඔබට තවමත් සාර්ථක වෙන්න බැරිඋනේ ඇයි ?




ඔබට තවමත් සාර්ථක වෙන්න බැරිඋනේ ඇයි ?
     අප බොහෝ විට දකින දෙයක් නම් බොහෝ මිනිසුන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට කැමතිය. නමුත් ඇතැම් විට ඔවුන් ඒ වෙනුවෙන් විවිද දේ කලත් අවසානයේ ඔවුන් එහි ප්‍රතිඵල නැතිවීම නිසා එම දේවල් අත හැර දමයි. ඇතැම් විට ඔබත් මේ වන විට විවිද දේ උත්සාහ කර අසාර්ථක වූ කෙනෙක් වන්නට පුලුවන්, සැබවින්ම එසේ වූයේ ඔබට අසාර්ථක වීමට නොහැකි නිසාද? ඔබව අසාර්ථක කලේ මොනවාද ?
     අපගේ සාර්ථකත්වය වෙත අප ලගා වීම හෝ නොවීම තීරණය වන්නේ 80%අපගේ සිතුවිලි වල තත්වයත් 20% අප ක්‍රියාකරන අන්දමත් මතය. එසේනම් ඔබගේ පරාජයන්ට 80% බලපාන්නේ ඔබගේ මනසයි, එමෙන්ම 20% ඔබ ක්‍රියාකරන ආකාරය බලපායි. එසේනම් අපගේ මනස කුමන ආකාරයෙන් අපගේ පරාජයන්ට බලපානවද යන්න ඔබ තේරුම් ගතහොත් ඔබට නියතවම ඔබගේ සාර්ථකත්වය 80% කින් තහවුරු කර ගැනීමට ඔබට හැකිවනු ඇත.
   ඔබ ඔබගේ දියුනුව ලගා කර ගත නොහැකියයි සිතා ඔබගේ සිහින හා ඉලක්ක අතහැර දැමූ අවස්ථා ගැන සිතන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ඔබට මුදල් නැති නිසා, රටේ ආර්ථිකය අයහපත් නිසා, ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම අපහසු නිසා, ඔබට කාලය මදි නිසා, අනපේක්ෂිත අලාභ නිසා වැනි විවිද හේතු ඔබට ඔබගේ ව්‍යාපාර අසාර්ථක වීමට හේතු ලෙස ඔබ සිතන්නට ඇත. නමුත් ඔබ සැබවින්ම අසාර්ථක වීමට හේතුව වන්නේ මේ කිසිවක් නොවේ, ඔබ ඔබට ඇතිවුන ගැටලුව ජය ගැනීමට අවශ්‍ය ක්‍රමය නොදැන සිටීමයි.
    කිසිදු මුදලක් නැතිව විශාල ගුවන් සමාගම් පවා ආරම්භකල මිනිසුන් ලොව ඇත, නමුත් මුදල් නැතිව එය කරන්නේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබට සිතෙන්නේ එය කල නොහැක්කක් ලෙසය, රටේ ආර්ථිකය විශාල ලෙස ඇද වැටුනු අවස්ථාවල වර්ධනය වී තවමත් ලොව ප්‍රමුඛ ස්ථානවල සිටින සමාගම් ලොව ඕනෑ තරම් ඇත, නමුත් ඔබ ඒවා පිලිබද නොදනීනම්, එය කලේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබ සිතන්නේ එය කල නොහැක්කක් ලෙසය. අනපේක්ශිත අලාභ, ව්‍යාපාර මුලුමනින්ම විනාශ වූ අවස්ථාවල පවා නැවත ව්‍යාපාර අරබා දියුනු වූ ව්‍යාපාර ලොව ඇත, නමුත් ඔබ ඒවා පිලිබද නොදනීනම්, එය කලේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබ සිතන්නේ එය කල නොහැක්කක් ලෙසය.
    ජීවිතයේ ඕනෑම අසාර්ථකත්වයකට බලපාන ප්‍රදානම හේතුව වන්නේ ඔබ එම අභියෝගයට මුහුන දී ජයගත් තවත් මිනිසුන් නොහැදිනීම හා ඔවුන් එය කලේ කොහොමදැයි නොදැනීමයි. එය එසේ වීමට බලපාන හේතුව නම් බොහෝ විට රූපවාහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය, පුවත්පත් අප ආශය කරන පුද්ගලයන් ඇතුලු බොහෝ මාර්ග වලින් ඔබ අසාර්ථක වීමට විවිද හේතු බලපාන බවට වැරදි ආකාරයේ ඍනාත්මක දැනුවත්වීම් නිතර ලබන අතර ඔබ ඒවා නිතර නිතර ඇසීම නිසා පිලිගැනීමට හුරු වීමයි.
    මා ඔබෙන් යමක් අහන්නට කැමතියි, ඔබ දවසකට කොපමන කාලයක් විවිද සාර්ථක මිනිසුන් එම තත්වයට ලගා වූ ආකාරය, ඔවුන් කුමන ගැටලු වලට මුහුන දුන්නාද, ඔවුන් එය ජය ගත්තේ කොහොමද යන්න හැදෑරීමට වෙන් කරනවාද? සැබෑ තත්වයනම් අප 80% දෙනා දිනකට එක මිනිත්තුවක්වත් ඒ වෙනුවෙන් වැය කරන්නේ නැත. එමෙන්ම එම 80% දෙනා විවිද ගැටළු හමුවේ අභියෝග ජය ගැනීමට නොදන්නා කම නිසා අතර මග තම ගමන නවතා දමයි. ලොව සිටින ජනගහනයෙන් 80% අසාර්ථක වීමටත් 20% පමනක් සාර්ථක වීමටත් හේතුව වන්නේ මෙයයි.
ඔබගේ දවසේ කාලයෙන් අඩුම විනාඩි 10ක් වත් ලොව ජයගත් මිනිසුන්ගේ චරිත ලක්ශණ, ඔවුන්ට මුහුනදීමට වූ අභියෝග මොනවාද , ඔවුන් ඒවා ජයගත්තේ කොහොමද යන්න හැදෑරීමට වෙන් කලහොත් ඔබ කිසිදු දිනෙක ඔබට එවැනි අභ්යෝගයක් ඇති වූ විට ඔබ පසුබට වන්නේ නැත, 80% දෙනා එය කල නොහැක්කක් යයි කියන විට ඔබට එය කල හැක්කක් යයි සිතා ඉදිරියට යාමේ හැකියාව ලැබෙනු ඇත. උදාහරනයක් ලෙස ඔබගේ මනසේ තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීම සදහා දහස් වතාවකට වඩා උත්සාහ කල බව ඔබගේ මතකයේ තදින් තැම්පත් වී ඇත්නම් ඔබ කිසිදු විටක ඔබගේ උත්සාහය අතරමග වරක් හෝ දෙවරක් උත්සාහ කර අතහැර දනන්නේ නැත. නමුත් ඔබට එවැනි අවස්ථාවක් උදා වූ විට තෝමස් අල්වා එඩිසන් මතක් නොවේනම්, ඔබ එය නිසකවම අතහැර දමනු ඇත.
ඔබ තුලත් මෙවැනි සාර්ථකත්වය හබා යන, අභියෝග වලට මුහුනදීමට හැකි ශක්තිමත් මානසිකත්වයක් ගොඩනගා ගන්න. ➤➤♚♚